Tag: muslims

  • දෙමළ, මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් වූ  P to P පාගමන යාපනෙන් අවසන් වෙයි

    දෙමළ, මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් වූ P to P පාගමන යාපනෙන් අවසන් වෙයි

    යුද සමයේ අතුරුදන් කළවුන්ට යුක්තිය ඉටු කිරීම, උතුරු හා නැගෙනහිර ජනයාගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රු. 1000ක් කිරීම යන ඉල්ලීම් වෙනුවෙන් පොතුවිල් සිට යාපනය දක්වා දිවෙන පාද යාත්‍රාව අද(7) යාපනය පොලිකන්ඩි වෙත ළඟාවී තිබේ.

    එම පාගමන තුන්වැනි දිනයේදී තුන්වැනි දිනයේ ත්‍රිකුණාමලයෙන් ගමන් අරඹා ඉදිරියට යද්දී එයට ගල් මුල් ප්‍රහාර ද එල්ලවී තිබේ. කෙසේවෙතත් කඩාකප්පල්කාරී පිවර මැදින් පාගමන්කරුවන් ඊයේ සවස වනවිට උතුරු පලාතට කරා ළඟා වී ඇත.

    ඊට අමතරව පාද යාත්‍රාව සමග ගමන් ගන්නා වාහන වල ටයර් වලට හානි සිදු කිරීමේ අරමුනින් ත්‍රිකුණාමලය පුල්මුඩේ ප්‍රදේශයේ යාන් ඔය පාලම ඉදිරිපිට යකඩ ඇණ තබා තිබෙනු විරෝධතා කරුවන් පොලිසියට පෙන්වා දී තිබේ. යුද හමුදා මුරපොලක් අසල පාර මැද මෙසේ යකඩ ඇණ සවිකර තැබීම නිසා මේ ක්‍රියාවේ වගඋත්තරකරුවන් සම්බන්ධ අනුමාන කළ හැකිය.

    අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් නගරයෙන් පෙබරවාරි 3 බදාදා දියත් කරන ලද සාම පාද යාත්‍රාව නවතා දැමීම අරමුණු කරගෙන අධිකරණ නියෝග ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ. නැගෙනහිර පළාතේ පොතුවිල්, කොක්කඩිචෝලේ සහ මඩකලපුව උසාවි වලට අමතරව උතුරේ මන්නාරම හා වවුනියාව මහේස්ත්‍රාත්වරයාගෙන් මෙම තහනම් නියෝග අයදුම් කිරීමට පොලිසිය කටයුතුකර තිබිණි. කෙසේ වෙතත්, යාපනය සහ මල්ලාක්කම් මහේස්ත්‍රාත් වරුන් පොලිසිය ඉල්ලූ තහංචි නියෝගය ලබා දී නැත.

    ආරක්ෂක අංශ විසින් සාමකාමී විරෝධතාවකට මේ ආකාරයෙන් බාධා කිරීම නිසාම, ගල් ප්‍රහාර හා යකඩ ඇණ තැබීම සම්බන්ධ සැකයද ආණ්ඩුවේ ආරක්ෂක අංශවලට යොමුවී ඇත. ඒ නිසාම උතුරු හා නැගෙනහිර ජීවත් වන ජනතාවගේ මානව හිමිකම් පිළිබඳව සත්‍ය අනාවරණය කිරීම මෙම දින කිහිපයේ පාගමන ආශ්‍රිතවම සිදුව ඇත.

    රටේ සෙසු ජන කොටස් දැනුවත් කිරීම වෙනුවෙන් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා දියත් කර ඇති පාදයාත්‍රාවට එක්වීමට සුදානම් වී යාපනයේ විපක්ෂ දෙමළ දේශපාලනඥයන් කිහිප දෙනකු හට උසාවියෙන් තහංචි පනවා තිබේ. උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකුව සිටි එම්.කේ සිවාජිලිංගම් මාධ්‍යවේදීන් හා පවසා ඇත්තේ තමන් ඇතුළු දේශපාලනඥයන් කිහිපදෙනකු වෙත පෙබරවාරි 3 බදාදා යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගය නිකුත් කර ඇති බවයි.

    ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්, නීතිඥ කනගරත්නම් සුගාෂ්, දෙමළ ජාතික සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ සරවනභවන්, හිටපු උතුරු පළාත් සභාපති සී.වී.කේ සිවඥානම් ට මෙන්ම යාපනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවිධානයේ සාමාජිකයන් වෙතත් තහනම් නියෝග නිකුත් කර ඇති බව යාපනයේ මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

    මේ අන්දමට අධිකරණ නියෝග පැනවුවද ඒ නොතකා වවුනියාවේ මව්වරු පිරිසක් කළු වතින් සැරසී රාජ්‍ය නිදහස් දිනය කළු දිනයක් ලෙස නම් කරමින් සංකේතාත්මක උපවාසයක් පැවැත්වුහ.

    මෙම පාමනේ මූළික අරමුණු සමග දෙමළ ජනතාවගේ ඉඩම් අහිමිකිරීම, වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි නොකිරීම, කොරෝනාබාධිතව මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ මළ සිරුරු පුළුස්සා දැමීම හා පාස්කු ප්‍රහාරයෙන් පසු චෝදනා රහිතව අත්අඩංගුවට ගෙන සිටින තරුණ තරුණියන් නිදහස් කරන ලෙස බල කිරීමත් විරෝධයේ අරමුණු බව දෙමළ ජාතික සන්ධානයේ විසින් අවධාරණය කර තිබුණි.

    අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් , කතෝලික රදගුරුවරුන්, ක්‍රිස්තියානි පුජකවරුන්, අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ සංගම් නායිකාවන්, දෙමළ විපක්ෂ මන්ත්‍රීවරුන්, බහුජන ක්‍රියාධරයන්, මුස්ලිම් ප්‍රජා නායකයන්, වෘත්තීය සමිති හා වෙළෙඳ සංගම් නායකයන් ට අමතරව සාමාන්‍ය වැසියන්ද දහස් ගණනින් විරෝධතාවයට එක්ව සිටිති.

    උපුටා ගැනීම – ලංකා විව්ස්

  • අළු බවට

    අළු බවට

    ආදාහනය කිරීම තහනම් යන ආගමික විශ්වාසයෙන් පසුවන මුස්ලිම් ප්‍රජාව; ශ්‍රී ලංකාව විසින් COVID ආසාදනය වීමෙන් මියගිය පුදගලයන් ආදාහනය කිරීමේ අනිවාර්ය ප්‍රතිපත්තිය දිගින් දිගටම පවත්වාගෙන යෑම හේතුවෙන් දැඩි පීඩාවට ලක්ව තිබේ. විද්‍යාව,ඇදහිල්ල,දේශපාලනය මේ සියල්ල සම්බන්ධයෙන් විද්‍යාඥයින්,ක්‍රියාකාරීන්, දේශපාලකයින් සහ තවත් බොහෝ පිරිස් විසින් දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ. ආදාහනය කරනු ලබන මුස්ලිම්වරුන් සංඛ්‍යාව පිළිබඳ නිල දත්ත නොතිබුණද, පවුල් හා ප්‍රජා නායකයින් සමඟ කථා කළද, ආදාහනය කිරීමෙන් තුනෙන් දෙකකට වඩා මුස්ලිම්වරුන් බව පෙනේ. අද වන විට, 2021 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවේ නිල COVID-19 මරණ සංඛ්‍යාව 330 කි.

    මෙකී වේදනාවට ගොදුරු වූ පවුල්වල හඬත්, තමන්ට අහිමි වී ගිය ආදරණීයයන් පිළිබඳව ඔවුනට ඇති මතකයන්ද මෙහිලා අමුණා තිබේ.

    මෙහි සිටින සෑම පුද්ගලයෙකුම ආදාහනය කරන ලද ඔවුන්ගේ ආදරණීයයා සිහිගන්වන, ඔවුන්ට අයිති හෝ ඔවුන්ට තෑගි කළ යමක් අල්ලාගෙන සිටිති. මෙහි දක්වා ඇති නම් මියගිය අයගේ නම් වේ. මෙහි අන්තර්ගත සියලු ආඛ්‍යාන හා ඡායාරූප එම පවුල් වල සාමාජිකයින්ගේ පුර්ණ අවසරය යටතේ පළ කෙරේ.

    රිනොසා
    කුඩා ගැහැණු දරුවන් දෙදෙනෙක් නිදා සිටින ඔවුන්ගේ කුඩා බෑණනුවන් දෙස බලා සිටිති. ඔවුන්ගේ මව වෙනත් අසනීපයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති නමුත් බලධාරීන් පවසා ඇත්තේ ඇයට COVID ආසාදනය වී ඇති හෙයින් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් නිරෝධායනය කළ යුතු බවයි. එවකට ළදරුවෙකු වූ; කුඩා දරුවාද සමඟ ඔවුන්ව කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් තිබෙන අතර එහි එක් රාත්‍රියක් පමණක් රඳවාගෙන සිටියදී ඇය මියගොස් ඇති බවත්,ඇගේ දේහය ආදාහනය කොට ඇති බවත් ඔවුන්ට පවසා තිබේ .
    ගැහැණු දරුවන් දෙදෙනා තවමත් මුල් හා මැද යෞවන වයසේ වන නමුත් දැන් ඔවුන්ගේ කුඩා නිවසේ කාන්තාවන් බවට පත්ව තිබේ. ඔවුන් කියන්නේ තමන්ගේ මව ඔවුන්ගේ සියලුම කටයුතු ඉටු කොට දුන් බවයි. දැන් පාසල් නැවත විවෘතව ඇති හෙයින් වෙනදා ඔවුන් අවදි කිරීම, සූදානම් වීමට උදව් වීම සහ ඔවුන්ව පාසලට රැගෙන යාම යන ඔවුන්ගේ පුරුදු දින චරියාවට නැවත යන විට එහි වැඩිම කොටසක් ඉටු කළ ඔවුන්ගේ මවගේ අඩුව දරුවන්ට තදින්ම දැනෙයි. දැන් නිවස රැකබලා ගැනීම ඇගේ වගකීම වී ඇති බැවින් වයසින් වැඩි දියණිය තවදුරටත් තමන්ට පාසල් යා හැකි දැයි යන දෙගිඩියාවෙන් ද පසුවෙයි.
    ඔවුන්ගේ පියා පෝරම, සහතික සහ වෛද්‍ය වාර්තා පිරවූ ෂොපින් බෑගයක් පීරමින් සිටියි. මුළු පවුලටම කිසිම අවස්ථාවක COVID අසාදනය නොවී ඇති බවට පැහැදිලි වාර්තා තිබියදී ඇයට පමණක් එය වැළඳී ඇත්තේ කෙසේදැයි යන්න ඔහුව විමතියට පත් කොට තිබේ. මරණ සහතිකය තුළ ඇය ‘COVID-19 නියුමෝනියාව’ තත්වයෙන් මිය ගොස් ඇති බවත්, ඇයව කුප්පියාවත්ත සුසාන භූමියේදී ආදාහනය කළ බවත් දක්වා ඇතත් ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ PCR පරීක්ෂණයෙන් කියැවී ඇත්තේ ඇයට COVID ආසාදනය වී (නෙගටිවී) නොමැති බවයි.
    ඔහු පවසන්නේ තම ජීවිත කාලය තුළ ඔහු බොහෝ ‘ජනසා’ (දේහයන්) පිරිසිදු කිරීමට උදව් කර ඇති බවයි. නමුත් තම බිරිඳ වෙනුවෙන් ඔහුට එය කළ නොහැකි වූ බවත්, අවම වශයෙන් ඔහුට ඈ වෙත ලබාදිය යුතු අවසන් ගෞරවයවත් ලබාදීමට නොහැකි වූ බව දන්නා හෙයින් හෙතෙම දුකින් කැළඹීමට පත්ව සිටියි.

    රෆයිදීන්
    වයස්ගත කාන්තාව ඇගේ විස්කෘත පවුලේ මාතෘ මුලිකයාව සිටියි. ඈ සමඟ ජිවත්වන නෑදෑයින් සහ ඒ අසල කුඩා නිවෙස් වල ජිවත් වන්නන් ඈ වටා සියලු අකාරයෙන්ම එක්රොක්ව සිටියි.දුරකථන ඇමතුම් ලබා ගැනීමටත්, විවිධ දේ සම්බන්ධයෙන් ඇයට නව තොරතුරු ලබාදෙමින් ඈව යාවත්කාලීන කිරීමට සේම යම් යම් දේ පිළිබඳ ඇගේ මග පෙන්වීම බලාපොරොත්තුවෙන් ද ඔවුහු ඇය හමුවීමට පැමිණෙයි.
    ‘මගේ සහෝදරයා පොටෝ වලට ඉන්න කැමති නෑ’ ඇය කියයි. ඔහු ගැන ඇයට තිබු වටිනාම මතක් කිරීම වුයේ ඔහු විසින් ඇයගේ නමට හැරවූ ඉඩම් ඔප්පුවයි. ඔවුන් ජීවිතයේ වැඩි කාලයක් ජීවත්ව තිබුනේ හෙනමුල්ල කඳවුරේ වන අතර,ඒවායින් බොහොමයක් දැන් කඩා දමා ඇති අතර ඇය වැනි පදිංචිකරුවන් ඒ අසල අලුතින් ‘උසින් නැගෙන’ ආකෘති වෙත ගොස් තිබේ. ඔවුන්ගේ සහෝදරයා ඔහු සතුව තිබූ පර්චස් තුන ඇයගේ නමට ලියා තිබේ. නැවත පදිංචි වීමට කාලය පැමිණි විට,ඒ අනුව ඇයට නව ගොඩනැගිල්ලේ මහල් නිවාස දෙකක් ලබා දී ඇත්තේ කඳවුරේ පිහිටි නිවාස දෙකකට ඇය හිමිකම් කියූ බැවිනි.
    ඔහු අසනීප වී ඇති අතර නිවසේදීම මිය ගොස් තිබේ. සෞඛ්‍ය බලධාරීන් පැමිණ මෘත ශරීරය රැගෙන යාමට දිනකට ආසන්න කාලයක් ගත වී ඇති අතර, තවත් දින දෙකක් රෝහලේ තබා ගනිමින් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වා ගෙන ගොස් තිබේ. ඔහු COVID ආසාදිත බව (පොසිටිව්) පරීක්ෂණ වලින් දක්වා තිබු හෙයින් ශරීරය හඳුනා ගැනීමට ඇයගෙන් ඉල්ලා සිටින මොහොත වන විට,මෘත ශරීරය හඳුනා ගත නොහැකි තත්වයටම දරුණු ලෙස නරක්වී තිබී ඇත.
    මිනී පෙට්ටිය සඳහා රු 30,000 ක මුදලක්ද , ආදාහනය සිදු කිරීම සඳහා තවත් රු: 8000ක මුදලක්ද බලධාරීන් විසින් ඔවුන්ගෙන් ඉල්ලා ඇති අතර එසේ නොකළොත් ඔවුන්ට කුමක් සිදුවේද යන කණස්සල මත ඔවුන් එම ගෙවීම් සිදු කොට තිබේ.

    ෂෙයික්
    වසංගතය පටන් ගත් දා සිටම තම රැකියාව අහිමි වූ ආකාරයත්, පවුල නඩත්තු කිරීම සඳහා ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස තමා සේවය කරමින් සිටින ආකාරයත් පියා අප සමඟ කියමින් සිටියි. ඔහු වානේ අල්මාරිය තුළ තම බිළිදා වෙනුවෙන් තමන් සන්තකව තිබු දේවල් සොයා කිහිපයක් බැලීය. ප්ලාස්ටික් පැදුරක්, මෘදු රෙදි, ළදරු කොලොන් සහ පුයර දමා තිබු ගෙන යා හැකි බෑගයක් එහි විය. ඔහු එය එළියට ගන්නවාත් සමඟ මව කාමරයෙන් පිටව ගියාය.
    ඔවුන් දරුවකු වෙනුවෙන් අවුරුදු හයක කාලයක් බලා සිටි බව පියා පවසයි. ඔහුට දරුවා අහිමි වන විට බිලිඳාගේ වයස දින 20 ක් වුවද, දරුවා ඔවුන්ට මෙසේ අහිමි වී යෑම දරාගත නොහැකිව සිටියි. හෙතෙම වැඩෙමින් සිටියේය, ඔහු ඔවුන් දෙස බලමින් සිනාසෙමින් සිටියේය, ඔහු රෝගී දරුවෙකු ලෙස කෙසේවත් හඳුනා ගත නොහැකි දුරකින් සිටි බව ඔහු කියයි.
    ඔහු දරුවාගේ බඩු පසෙකින් තැබූ විට මව පැමිණියාය. ඇය පවසන්නේ වෛද්‍යවරුන් පූර්ණ පීපීඊ කට්ටල වලින් සැරසී සිටි නමුත්, ඇය ‘ලොක්ඩවුන් පෙදෙසකින්’පැමිණ තිබු බැවින් ඇගේ දරුවා ස්පර්ශ වත් නොකළ බවය. කෙසේවෙතත්,ඇය දරුවාගේ සියලු අවශ්‍යතා ඉටු කොට තිබේ. වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයක් (rapid antigen test) ධනාත්මක වීමෙන් පසු PCR පරීක්ෂණයක් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ ඔවුන්ගේ කතා ප්‍රවෘත්තිය සංවේද ජනක විය.
    ඒ දක්වාම තම දරුවාට කිරි දෙමින් සිටි මවක ලෙස ඇය වෛද්‍යවරුන් කෙරෙහි තම සම්පුර්ණ විශ්වාසය තැබූ බව ඇය කියයි. ඇගේ අනෙක් දරුවා අසනීප වුවහොත් දැන් ඇය නැවත ඔවුන් කෙරේ විශ්වාසය තබන්නේ කෙසේදැයි ඇයට මුහුණ දීමට සිදු වූ දෙයින් පසු දැන් ඇය විමසයි.
    කුඩා දැරියක වන අනෙක් දරුවා,ඇගේ පොත් සහ පාට පැන්සල් සොයමින් ප්ලාස්ටික් ‘පාඩම්’ මේසයක් කඩිසරව විවෘත කරයි. ඔවුන් මෙම ප්‍රදේශයේ මෙම නිවසට පැමිණ ඇත්තේ ඇයට හොඳ පාසලකට යාමට අවස්ථාව සලසා දීම සඳහාය. ‘එයාට තේරෙන්න තරම් වයස මදි’ ඇගේ මව කියන්නේ සිය දියණිය පොතක චිත්‍ර ඇඳීම කෙරෙහි අවධානය යොමු කොටගෙන සිටින නිසාය. මල්ලිව රෝහල රැගෙන ගොස් ඔහු නැවත නිවසට නොපැමිණි හෙයින් තමන් කිසි විටෙකත් රෝහලකට යන්නේ නැති බවත්, ඇය අසනීප වුවහොත් තමන්ව කිසිවිටෙකත් රෝහලකට රැගෙන නොයන ලෙසත් ඇය ඔවුන්ට කියා තිබේ.

    ෆවුසියා
    පාරවල් දෙකකින් එහා, පවුලක් තවමත් පිළිතුරක් සොයමින් සිටියි. ඔවුන්ගේ මව වෙනත් අසනීපයක් හේතුවෙන් රෝහල් ගත කොට තිබේ. ඇතුළත් කර ගැනීමේදී ඇයට COVID ආසාදනය නැති බවට (නෙගටිවි) පරීක්ෂණ වලින් තහවුරුව තිබු හෙයින් ඇය ඒ සඳහා වන විශේෂ වාට්ටුවට යවා නැත. ඇයගේ පුතු ඇය බැලීමට එක සන්ධ්‍යාවක ගිය අතර, ඔහු ඇයට කවා පොවා ඇගේ කොණ්ඩයද පිළිවෙලට බැඳ පැමිණ තිබුණි. ඉන් අනතුරුව ඇයව නැවත දැකීමට ඔහුට අවසර නොලැබුණි.
    ඔහුගේ සංචාරයෙන් පසුව රෝහල ඔහුට කියා සිටියේ ෆවුසියා COVID ආසාදිත බව (පොසිටිව්) පරීක්ෂණ වලින් දක්වා කර ඇති බවයි. ඇයගේ ප්‍රතිකාරය අවසන් වූ පසු ඇයව දිවුලපිටිය රෝහලට ගෙන ගොස් නැවත නිවසට ගෙන එන බවට ඔවුහු සහතික කලා. නමුත් දිවුලපිටිය රෝහල එම නමින් කිසිවෙකු ඇතුළත් කර නොමැති බව ප්‍රතික්ෂේප කළේය. ඔවුන්ට ඉතා අමාරුවෙන් ඇමතුම් කරන, ෆවුසියා මුල්ලෙරියාව රෝහලට ගෙන ගොස් ඇති බව ඔවුහු දැන ගත්හ. එනම්, ඇගේ සිරුර එහි තිබී ඇත – ඔවුන් ඇයව කොළඹ මූලික රෝහලෙන් මාරු කර යවා ඇති අතර, එදිනම ඇය මුල්ලෙරියාව රෝහලේදී මිය ගොස් ඇත.
    නැමී ගිය සුදු පැහැති කඩදාසියක සිංහල කටු අකුරින් ලියන ලද ලිපියක් ඔවුන් ගෙනාවේය. පවුලේ අය විසින් ලියන ලද ලෙස එය එම ප්‍රදේශයේ පොලිසිය විසින් ලියා ඇති අතර, එහි එම කාන්තාවගේ විස්තර ඉදිරිපත් කොට ඔවුන් කියා තිබුණේ දේහය රාජ්‍ය වියදමින් ආදාහනය කරන ලෙස ඉල්ලා සිටින බවත්, පවුලේ කිසිවෙකුට එයට විරුද්ධත්වයක් නොමැති බවත්ය.
    අසනීපයෙන් රෝගීව සිටින එක් පුතෙකු පොලීසිය දිගින් දිගටම ලිපියට අත්සන් කරන ලෙස කරන ලද හිරිහැර හේතු කොට ගෙන පසුව එම ලිපියට අත්සන් තබා තිබේ. ඇයව අවසන් වරට දුටු ඇයගේ අනෙක් පුතු දුකින් කැළඹීමට පත්ව සිටියි. ඔහුගේ මව වරක් ඔහු රැකබලා ගත් අතර දැන් ඇයට ලැබිය යුතු අවසන් චාරිත්‍ර හෝ ඉටු කිරීමට ඔහුට නොහැකිව තිබේ.
    ඔවුන් මේ කතාව කියනා මොහොතේදීත්,ඇගේ මළ සිරුර රෝහල් ශීතාගාරයක පවතී.ආදාහනය කරන්නේ කවදාද , කෙසේද, තවත් කීදෙනෙකු සමඟද යන්නවත් ඔවුන් තවමත් නොදනී. පවුලේ කිසිවෙකුට PCR පරීක්‍ෂණයක් කිරීමට හෝ නිවාස නිරෝධායනයකට යටත් කිරීමට කවදාවත් නියම කර නැත. ඇයව රැකබලා ගත් ෆවුසියාගේ ලේලි, දින කිහිපයකට පෙර ප්‍රදේශයේ අහඹු ලෙස PCR පරීක්ෂණයක් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අතර (පොසිටිව්) පරීක්‍ෂණයක් සිදු කළේය. ඔවුන් තරයේ විශ්වාස කරන්නේ ෆවුසියාට ඇත්ත වශයෙන්ම COVID ලැබුනේ නම් එය රෝහලෙන් ලැබෙනු ඇති බවයි.

    යුනුස් සහ නස්ලි
    එක් ඥාතියෙකුගෙන් පවා සමුගැනීම ඉතාම අසීරුය. එසේ තිබියදී එකම පවුලේ ආදරණියයන් දෙදෙනෙකුගෙන්ම සමුගැනීමට සිදුවිම බෙහෙවින් අසීරු විය යුතුය.
    යූනස් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී PCR පරීක්ෂණයකින් හෙළි වූයේ ඔහු COVID (පොසිටිව්) බවය. ඔහු ඔහුගේ පුතුන් දෙදෙනා සමඟ ගිලන් රථයක දමා වැඩිදුර ප්‍රතිකාර සඳහා I.D.H රෝහලට ගෙන ගියා. ඔහු සමඟ සමීපව සිටියට, විශේෂයෙන් ගිලන්රථයේදී ගමන් කරන විට, ඔහුගේ පුතුන්ට I.D.H රෝහල්ට ඇතුළුවීමට ඉඩ දුන්නේ නැත. රෝහල් දෙක අතර පරිපාලනමය වැරදි සන්නිවේදනයක් හේතුවෙන් යූනස් I.D.H වෙත පැමිණ පැය දෙකක් ගිලන් රථයේ තබා ඇත.
    ඇතුළත් කිරීමෙන් සුළු වෙලාවකට පසු ඔහු මිය ගොස් තිබේ.අවසන් මොහොතේදී ඔහුගේ පුතු විසින් වීදුරු බිත්තියක අනෙක් පැත්තේ සිට තමන් විසින් ගත් පියාගේ ඡායාරූපය අපට පෙන්වයි. ඔහුගේ පියා මිය ගිය හෙයින් ඉන් ඔබ්බට යාමට ඔහුට අවසර නොලැබිණි. ඔහුව ආදාහනය කිරීමට පවුලේ අය එකඟ නොවූ නමුත් එසේ කිරීමට කැමති බවට බලධාරීන් සකස් කොට තිබු සටහනට අත්සන් කිරීමට බල කෙරුණේ ඔවුන් එසේ කිරීමට කැමති බව පවසමිනි.මිනී පෙට්ටිය සඳහා මුදල් ගෙවීමටත්,එසේම ඔවුන් එකඟ නොවුණත් ආදාහනාගාරය වෙත ප්‍රවාහන පහසුකම් සැපයීමටත් ඔවුන්ට සිදුව තිබුණි.
    වයසින් මුහුකුරා යන විට පවා සැනසීම සොයා දරුවන් ඔහු වෙත හැරණු, ඔවුන්ගේ මුනුබුරු මිනිබිරියන්ට පවා ආදරය කළ හොඳ පියෙකු සහ සීයා කෙනෙකු නැතිවීමේ පාඩුව පරම්පරා කිහිපයකටම දැනෙනු ඇත.
    දෙවන මරණය ඔවුන්ගේ නැන්දම්මාගේ පවුලේ නැන්දණියකි. ඇයගේ මරණයෙන් පසු ඇගේ සිරුර COVID අසාදිත බව (පොසිටිව්) පවුලේ අය වෙත පවසා තිබුණි.මේ සිදුවීමේදී ඇයගේ සිරුර ආදාහනය කිරීමට පවුලේ අය කැමැත්ත ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළහ.මේ දක්වා ඇගේ දේහයට සිදුවූයේ කුමක්දැයි දැන් ඔවුන් තවමත් නොදනී.
    ඇගේ බෑණනුවන් මාස කිහිපයකට පෙර ඇය විසින් ඔහු වෙත දුන් තෑග්ගක් අතේ රුවා ගෙන සිටියි.ඔහු පවසන්නේ තම පවුලේ අය විඳිමින් සිටින වේදනාව මේ රටේ කිසිම කෙනෙකුට සිදු නොවිය යුතු බවයි.

    ජමාල්
    මිනිසුන් වෙනුවෙන් බොහෝ දෙනෙක් නොකරන තරම් දුරක් යන ඔහු ත්‍යාගශීලී හා පුණ්‍යවන්ත ආත්මයක් සිහිපත් කරවන්නෙකි.
    හෙතෙම සුද්ධ පවිත්‍ර කරන්නන්,ඉදිකිරීම් කම්කරුවන් සහ ඔවුන්ගේ නිවසට උදව් කිරීමට පැමිණෙන්නන් මේ ආදී ඕනෑම කෙනෙකුට ජලය සහ සිසිල් බීම සංග්‍රහයක් කරන අතර; ඔහු ඒ සියල්ලන්ටම එක හා සමානව සලකයි. ඔහුගේ අවසාන දවස් දක්වා පවා ඔහු අතිශයින් සෞඛ්‍ය සම්පන්නව සිටියේය. මෙය ඔහුගේ පුතුට අදහාගත නොහැකි දෙයක් බවට පත්ව ඇති අතර ඒ හෙයින් ඔහුගේ හදිසි අභාවය දරා ගැනීමට අපහසුව තිබේ. ඔවුන් සතුව ඇති ඔහුගේ අවසන් ඡායාරූපය පවුලේ කුඩා දරුවෙකුගේ උපන්දින සාදයකදී ඔහු විනෝද වෙමින් සිටින අවස්ථාවක ගත් එකක් බව ඔවූහු පවසති.
    තම පියා අහිමි වීමේ තත්වයත් එහිදී දිගින් දිගටම පැවති අපැහැදිලි බවත් පුතුට තවමත් අමතක කළ නොහැකව සිටියි. අසනීප වූ නිසා තමා විසින්ම තාත්තා රෝහලට ඇතුළත් කළ බවත් ඔහුගේ තත්වය පිළිබඳ යාවත්කාලීන කිරීමක් ලබා ගැනීම සඳහා ඔවුන්ටම රෝහල වෙත කතා කිරීමට සිදු බවත් හෙතෙම පැවසීය. ඔහු මිය ගිය බව පවසා තිබුණේද ඔවුන් රෝහල වෙත කතා කොට විමසීමෙන් පසුවය.පැය කිහිපයකට පසු, ඔහුව ගමේ පල්ලියේ භූමදාන කිරීමට ඔවුන් කටයුතු සකස් කරමින් සිටියදීම, බලධාරීන් විසින් හදිසියේම ඔහුව ආදාහනය කොට තිබුණි.
    ඔහුගේ පියා ආදාහනය කරන ලද්දේ භූමදානය නීත්‍යානුකූලව තිබු තත්වයකදීය. ආදාහනය අනිවාර්ය කරන ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබුවේ ඉන් දින දහයකට පසුවය. වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඔවුන්ගේ පවුල යවන විට ඔවුන්ගේ අසරණ භාවය තවත් වැඩිවිය. දින 40 කට වඩා වැඩි කාලයක් ඔවුහු එහි රදවා තබා ගෙන තිබුණි.
    පවුලේ සාමාජිකයින් PCR පරීක්ෂණ ගණනාවකට යොමු කර තිබු අතර ඔහු මිය යාමට පෙර ඔහු සමඟ ඉතා සමීපව කාලය ගත කර තිබියදීත්, ඔවුන්ගේ පරීක්ෂණ වලදී ඔවුන් අසාදිත ලෙස තහවුරු කර ගත හැකි නොවීය (නෙගටිව්).

    තවමත් ප්‍රශ්න ගණනාවක් තිබේ. ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව අපැහැදිලිතාවයන් බොහෝ තිබෙන බව ඔහුගේ පුතු පවසයි .

    මුස්ලිම් ප්‍රජාව සහ මිත්‍ර පාක්ෂිකයින් විසින් ප්‍රකාශ කර ඇති විරෝධතාවන් හා ශෝකය හමුවේ පවා රජය එක් වතාවක් හෝ මෙම ප්‍රතිපත්තිය අර්ථවත් ලෙස නැවත සළකා බලා නැත. සුසාන භූමි සෙවීම සඳහා නියෝග ලබා දී ඇත. එනමුත් එම මාතෘකාව න්‍යාය පත්‍රයන්ගෙන් ඉක්මනින් අතුරුදහන් වේ. ප්‍රතිපත්තිය පදනම් කර ගත් භූමදානය කිරීමට ඉඩ සලසන විශ්වාසදායක විද්‍යාත්මක ප්‍රකාශයන් සහිත විශේෂඥයින්ගේ අදහස් නොසලකා හරිනු ලබන අතර, විද්‍යාත්මක නොවන, වර්ගවාදී ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙම ප්‍රතිපත්තිය නතර කිරීමට අවශ්‍ය අයගේ පෙත්සම් විභාග කිරීමද රටේ ඉහළම අධිකරණය ප්‍රතික්ෂේප කොට තිබේ.මෙම පවුල් බොහොමයක් සඳහා, මෙම සියලු මාවත් ගවේෂණය කිරීම පවා දැන් වෙහෙසකර වී තිබේ. විනිසුරුවන්, වෛද්‍යවරුන්,අමාත්‍යවරුන් සහ මාධ්‍ය මේ සියල්ලන්ම ඔවුන්ව මග හැර දමා තිබේ. ඉදින් මේ මතකය සැමවිටම ඔවුන් හා පවතියි.
    සත්‍යය, දෙවියන් වහන්සේ සමඟ පවතී ඔවුන් එසේ කියයි.

    මෙම ලිපිය පරිවර්තනය කර ඇත්තේ ඉෂාරා ධනසේකර විසිනි.

  • ෂුක්රාට කවි ගී ලියන මිනිස්සුන්ට මුස්ලිම් තරුණියක් යථාර්තය පෙන්වලා දෙයි

    ෂුක්රාට කවි ගී ලියන මිනිස්සුන්ට මුස්ලිම් තරුණියක් යථාර්තය පෙන්වලා දෙයි

    ෂුක්රා ගැන කවි පද ලියන එක ගැන මට සතුටුයි. හැබැයි මෙන්න මේකයි යතාර්ථය.
    මම ඇතුලු මුස්ලිම් ප්රජාවගේ මව් බස දෙමල. ජාතිකත්වය මත පදනම් වුන බහුතරවාදී අධිපති කතා වලට අහුවෙලා මගේ දෙමාපියන් ද ඇතුලුව තව බොහෝ දෙනෙක් තමන්ගේ දරුවන්ට සිංහල මාධ්යයෙන් අධ්යාපනය ලබා දුන්නා. කාලයක් තිබුනා අපේ මුස්ලිම් “ඉහල පැලැන්තිය” කියන සෙට් එකක් දෙමල දන්නේ නෑ හා පොෂ් වෙන්න සිංහල කතා කරපු. දැන් උනත් ඉංග්රීසි හා සිංහළ තමයි ඉතින් එයාලා තමන්ගේ සමාඡ පන්තිය පෙන්නන්න භාවිතා කරන්නේ. දෙමල කතා කරන්න දන්නේ නෑ කියන්නේ එයාලට හරි අභිමානයක්.
    පස්සේ කාලයක් තිබුනා සිංහල සමාඡයේ පිළිගැනීමක් ගන්න සිංහල කතා කරලා, වෙසක් කූඩු හදලා, පන්සල් ගානේ බඩ ගාලා, දන් සල් දීපු. මේ මෝඩ සෙට් එකත් හිතුවේ ඕන්න ඔහොම කරාම හොද මුස්ලිම් වෙලා සිංහල අයගෙන් brownie points දාගන්න. මේ සෙට් එකේ අය දරුවෙක් මහන නොකරා විතරයි. අනිත් ඔක්කෝම කරා.
    ෂුක්රා කියන්නේ මුස්ලිම් සමාජයේ කෙනෙක් මිසක් මුස්ලිම් සමාඡය නෙමෙයි. ෂුක්රා කියන්නේ ෂුක්රා. ඉතාම ඥානවන්ත, හැකියාවක් ඇති තරුණියක්. ඇයට ආවේණික ඇදුමක්, කතා කරන විලාසයක් හා පෞද්ගලිකත්වයක් තියෙනවා. ඉතාම සතුටුයි ඇයගේ දක්ෂතා ගැන.
    නමුත් මේවා බලලා චූන් එකේ ඉදන් “අනිත් අයටත් ඇයි ෂුක්රා වගේ සී පද කියන්න බැරි” කියන අයට හා එය තමයි හොද මුස්ලිම් වීමේ නිර්ණායකය කියන අයට මගේ පිළිතුර ෂුක්රා , සද්ධර්මරත්නාවලිය කියවපු අලි සබ්රි හෝ අම්මා එක්ක සිංහල කතා කරපු ඉම්තියාස් බාකිර්මාකර් වීමට අපට අවශ්ය නෑ. බාහිර සමාඡය නොදන්නවා උනාට මුස්ලිම් සමාඡයේ භාෂාමය අධිපතිත්වයක් විශ්වාස කරන, පටු අදහස් දරණ අය ඇරෙන්න බහුතරය දෙමල, සිංහල හා ඉංග්රීසි භාෂාවන් මනාව හසුරුවනවා. කාන්තාවන් අධ්යාපනය අතින් ඉහල තැන් වල සිටිනවා. අනිත් සමාජයන්ට අවශ්ය විදිහට වෙනස් වීමට අවශ්ය නෑ.
    මෙය ශිෆානා නියාස් ගේ facebook ගිණුමේ පළවූ පොස්ටුවකි.