ජවිපෙ අධිකරණ බලතල අතට අරන්ද?

ගම්පහ යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලයට අද ( 2 ) දින උදෑසන කඩාවැදුණු ආණ්ඩුවේ මැර පිරිසක් එහි සිටි පුද්ගලයින්ට පහර දෙමින් බලහත්කාරයෙන් කාර්‍යලාය අත්පත් කරගැනීමට උත්සාහ කර තිබේ.

එම පිරිස අතර ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අණ්ඩු පක්ෂයේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවිධායකවරුන්ද අයත්‍ වී ඇත. මේ අතර මාලිමාවේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක චන්ද්‍රික අධිකාරී,පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර, වත්තල නාගරික මන්ත්‍රී මොහොමඩ් ආබ්දීන්, නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු, මීගමුව නාගරික මන්ත්‍රී මොහාන් අබේසේකර ඇතුළු ජවිපෙ ක්‍රියාකාරීන් සිට ඇති බව වාර්තා වේ.

මෙම පරිශ්‍රය සහ ගොඩනැගිල්ල තමන්ට අයත් බවට අධිකරණ නියෝගයක් ඇතැයි ජවිපෙ පවසන බව විමසූ විට පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා මෙසේ පැවසීය.
“අධිකරණ නියෝගයක් තිබෙනවානම් එය ක්‍රියාත්මක කළ යුත්තේ පිස්කල් නිලධාරියා ඇතුළු අධිකරණ නිලධාරීන්. දැන් අධිකරණ බලතල ජවිපෙට පවරාගෙනද? ටිල්වින් සිල්වා අගවිනිසුරු නෙවෙයි, විජිත හේරත් නීතිපති නෙවෙයි. මහින්ද ජයසිංහ ගම්පහ පිස්කල් නිලධාරියා නෙවෙයි. ජවිපෙ අධිකරණ බලතල අතට අරන්ද? පොලීසියේ බලයනම් අතට අරන් බව පෙනෙනවා. පොලීසිය පක්ෂ කාර්‍යාලයකට බලහත්කාරයෙන් කඩා වැදුණු මැරයන් ඉවත් කරනවා වෙනුවට පොලීසිය මාර්ග බාධක යොදමින් මැරයන් ආරක්ෂා කරනවා.”

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...