කඩයකින් පෑන් සහ පැන්සල් හොරකම් කල සිසුවෙක් අත්අඩංගුවට 

වැලිමඩ ඩවුන්සයිඩ්වත්තේ වසා තිබූ වෙළෙඳ සැලක ට හොර රහසේ ඇතුලු වී රුපියල් 1150ක් පමණ වටිනා බෝල්පොයින්ට් පෑන් 30ක්, පැන්සල් 10ක් සොරකම් කලැයි සැකපිට බාලවයස්කාර පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගත් බව ඌවපරනගම පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ ඩවුන්සයිඩ්වත්තේ පදිංචි යහලඅරාව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 12 හැවිරිදි පාසල් සිසුවෙකු යැයි පොලිසිය පවසා තිබේ.

මෙම වෙළෙඳ සැල වසා තිබියදී එහි පිටුපස දොර කඩා ඇතුලු වී ඇති සැකකාර පාසල් සිසුවා මෙසේ වෙළෙඳ සැලේ තිබූ බෝල්පොයින්ට් පෑන් සමග පැන්සල් සොරාගෙන ගොස් ඇති බවත් පොලිසිය සදහන් කර ඇත .

සිය අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය හෙයින් මෙසේ පැන්සල් සහ බෝල්පොයින්ට් පෑන් සොරකම් කලැයි සැකකාර සිසුවාගේ න් සිදු කල ප්‍රශ්න කිරීමේදී තොරතුරු අනාවරණය විනැයි පොලිසිය පැවසීය .

බදු වැඩිකිරීම නිසා පාසල් උපකරණවල මිල ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මේ හේතුව නිසා බොහෝ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වි ඇති බව විවිධ වාර්තා හරහා තහවුරු ව තිබේ. පාසල් උපකරණ මත පනවා ඇති බදු ඉවත්කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වන්නේ මෙම හේතුව නිසාවෙන්.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...