ක්ලබ් වසන්තව වෙඩි තබා ඝාතනය කරයි – රනිල්, අලස්, බන්දුගේ ‘යුක්තිය’ වසරකින් කල් යයි

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබේ.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සමාජ මාධ්‍යවලින් ආන්දෝලනයකට ලක් වූ පුද්ගලයෙකි. සුරේන්ද්‍ර වසන්ත පෙරේරාට අමතරව තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බව පසුව වාර්තා විය.

ඒ සමගම තවත් පිරිසකට තුවාල සිදුවී ඇති බවත්, තුවාල ලැබූ පිරිස අතර ගායන ශිල්පීන කේ. සුජීවා සිටින බවත් වාර්තා වේ.

මේ අතර බොහෝ දෙනෙක් ප්‍රශ්න කර සිටින්නේ පාතාලය මර්දනය කිරීමට යයි කියමින් උදේ හවා අත්අඩංගුවට ගැනීම් කරන යුක්තිය මෙහෙයුම කරන්නේ කුමක්ද යන්නයි. එපමණක් නොව පොලීසිය බාර ඇමති ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්ධු මෙම මහදවාලේ සිදුකරන වෙඩි තැබීම් ගැන දරන අදහස් කුමක්ද යන්න බොහෝ දෙනෙක් ප්‍රශ්න කරමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...