ක්ලබ් වසන්තව වෙඩි තබා ඝාතනය කරයි – රනිල්, අලස්, බන්දුගේ ‘යුක්තිය’ වසරකින් කල් යයි

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබේ.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සමාජ මාධ්‍යවලින් ආන්දෝලනයකට ලක් වූ පුද්ගලයෙකි. සුරේන්ද්‍ර වසන්ත පෙරේරාට අමතරව තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බව පසුව වාර්තා විය.

ඒ සමගම තවත් පිරිසකට තුවාල සිදුවී ඇති බවත්, තුවාල ලැබූ පිරිස අතර ගායන ශිල්පීන කේ. සුජීවා සිටින බවත් වාර්තා වේ.

මේ අතර බොහෝ දෙනෙක් ප්‍රශ්න කර සිටින්නේ පාතාලය මර්දනය කිරීමට යයි කියමින් උදේ හවා අත්අඩංගුවට ගැනීම් කරන යුක්තිය මෙහෙයුම කරන්නේ කුමක්ද යන්නයි. එපමණක් නොව පොලීසිය බාර ඇමති ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්ධු මෙම මහදවාලේ සිදුකරන වෙඩි තැබීම් ගැන දරන අදහස් කුමක්ද යන්න බොහෝ දෙනෙක් ප්‍රශ්න කරමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...