Breaking News

මහ බැංකුවට දෙවැනි පාරටත් කෙළී

ශ්‍රී ලංකාව මේ වන විට ණය වී ඇති සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83.6 කි. ඉන් ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 76.8 කි. රාජ්‍ය ව්‍යවසායන් ලබාගත් ණය ඩොලර් බිලියන 3.7 කි. ඊට අමතරව මහ බැංකුව ලබාගත් ණය ඩොලර් බිලියන 3.1 ක් ද ඒ අතර වේ. සමස්තයක් ලෙස ගත්විට විදේශීය ණය ඩොලර් බිලියන 44ක් සහ දේශීය ණය ඩොලර් බිලියන 42.6කි. (ප්‍රතිශතයක් ලෙස 53% සහ 47%කි) ණය ප්‍රතිව්‍යූහගතකරණය යටතේ දේශීය ණය ඩො. බි. 42.6 පිළිබද ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹීමට නියමිතය.
.
ලංකාව විදේශීය ණය ලබාගෙන ඇති ක්‍රම කිහිපයකි.
I . බහුපාර්ශවීය ණය
II . දවී පාර්ශවීය ණය
III . ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB)
දේශය ණය ප්‍රතිව්‍යූහගතකරණය නැමැති සංවාදය කරළියට පැමිණියේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය වලින් 60%කගේ ණය හිමියන් සිය අත්සනින් රජයට කරන ලද බලපෑමක් නිසා බැව් කියැවේ. ඔවුන්ගේ බලපෑම නම් ඔවුන්ගේ ණය කපා හැරීමකට පෙර දේශීය ණය කපාහැරිය යුතුය යන්නයි.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ලබාගෙන ඇති ණය වලින් සැලකිය යුතු ප්‍රමාණයක් දේශපාලන සහ ආර්ථික වශයෙන් දඩයම් කිරීම සඳහා ලබාදුන් විලෝපිත ණය වේ. මෙම විලෝපිත ණය නොගෙවා සිටීම සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රියාවලියක් ඇත. ලෝකප්‍රකට ආර්ථික විශේෂඥයින් 182 කගේ අත්සනින් ලියැවිල්ලක් හරහා ආණ්ඩුවට යෝජනා කර ඇත්තේ එම ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේදය අනුගමනය කරන ලෙසයි. එහෙත් ආණ්ඩුව මේ වන විටත් සියලුම ණය සමාන තලයක තබා ප්‍රතිපත්තිමය තීන්දු වලට එළඹෙමින් සිටින බව පෙනෙන්නට තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන පරිදි මෙම ණය අර්බුදය ඇති වී ඇත්තේ 7% – 8% ත් අතර ගිනි පොලියට ලබාදුන් ණය හිමියන් විසින් දේශීය ණය කප්පාදු සඳහා කරන ලද බලපෑම නිසා ය.
.
ආණ්ඩුවට ලබා දී ඇති දේශීය ණය වපසරිය පහත් ආකාරයෙන් වේ.
!. මහ බැංකුව – රු. බි. 13189/= (ස්වෛරී බැඳුම්කර රු. බි. 8722/= භාණ්ඩාගාර බිල්පත් රු. බි. 4126/=)
!!. අර්ථසාධක අරමුදල – රු. බි. 3924/= (බැදුම්කර)
.
මේවායින් මහබැංකුව ලබා දුන් අගයන් මෙසේය.
!) වාණිජ බැංකු – රු. බි. 3880/= (බැදුම්කර) රු. බි. 772/= (භා. බිල්පත්)
!!) රක්ෂණ සංස්ථාව – රු. බි. 782/= (බැදුම්කර)
!!!) පෞද්ගලික බැංකු – රු. බි. 296/= (බැදුම්කර)
!V) මහ බැංකුව – රු. බි. 26/= (බැදුම්කර) රු. බි. 2576/= (භා. බිල්පත්)
V) රක්ෂණ සංස්ථාව හා පෞද්ගලික බැංකු – රු. බි. 726/= (භා. බිල්පත්)
.
පෞද්ගලික බැංකු වල වත්කම් වල ප්‍රතිශතයක් ලෙස ඉහත ලබා දී ඇති ණය අගයන් මෙසේය.
Commercial Bank – 36%
Sampath Bank – 24%
NDB Bank – 25%
Seylan Bank – 21%
NTB Bank – 11%
PAN Asia Bank – 23%
HNB Bank – 29%
DFCC Bank 9%
මෙම ණය වලින් 50% කට වැඩි ප්‍රමාණයක් මහජන බැංකුව සහ ලංකා බැංකුව දරයි.
.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන ජාත්‍යන්තර බැඳුම්කර වල ඇති ගැටලුව අධික පොලී අනුපාත, අධික ණය ප්‍රමාණය, ප්‍රාදේශීය ණය කප්පාදුව සඳහා කෙරෙන බලපෑම නම්, ඩො. බි. 16 ක් වූ සමස්ථ ස්වෛරී බැදුම්කර ණය ප්‍රමාණයෙන් ඩො. බි. 12 ක්ම ඔහුගේ පාලන කාලය තුළ ලබාගෙන ඇත්තේ කිමදැයි යන්න විවෘත ගැටලුවකි. ඔහු එහි වග-උත්තරකරුවෙකි.
.
සාමාන්‍යයෙන් බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරන්නේ බැංකු කරුවන්ගේ සංගමය මගිනි. එහෙත් ලංකාවේ පළමු වතාවට රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් දින පහක දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ. මීට සමගාමීව දේශීය ණය කප්පාදුවට අදාළ යෝජනාව 07/02 ඉරිදා දින පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා 06/28 බදාදා දින කැබිනට් අනුමැතිය ලබා ගැනීමට ද යෝජිතය. එමෙන්ම සාමාන්‍යයෙන් අසාමාන්‍ය පරිදි 07/01 සහ 07/02 සතිඅන්ත දියන් හි පාර්ලිමේන්තුව කැඳවා තිබේ.
.
දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කළ හැකි ආකාර කිහිපයකි.
!. ලබාගෙන ඇති සම්පූර්ණ ණය කපා හැරීම
!!. දේශීය ණය ඩොලර් බිලියන 40න් බි. 13ක් පමණ කපාහැරීම
!!!. ලබාගෙන ඇති ණය සඳහා කාලය දීර්ඝ කිරීම
!V. ණය සඳහා පොලී කපා හැරීම.
නමුත් ඒ කුමන ක්‍රමයකට ණය ප්‍රතිව්‍යූහගතකරණය කරයිද යන්න නිශ්චිතව ප්‍රකාශ කර නැත.
ජනතාවගේ අයිතිය සතු මුදල් සම්බන්ධව මේ හදිස්සි තීරණාත්මක ප්‍රතිපත්තිමය තීන්දුව කුමක්ද යන්න සමාජයට තවමත් දන්වා නැත. තොරතුරු සියල්ල සඟවා හොර රහසේ ක්‍රියාත්මක කරන බව පෙනෙන්නට තිබේ. මෙය වූ කලී එක් අතකින් මංකොල්ලයකි, බලහත්කාරයකි, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි.
….
මධ්‍යම කමිටුව
ඉංජිනේරු සේවා වෘත්තීයවේදී සංගමය

leave a reply