Tag: people’s bank

  • ව්‍යාපාරිකයන් 10ක් රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක් තියලා

    ව්‍යාපාරිකයන් 10ක් රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක් තියලා

    මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක පවසනවා.

    කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ ඊයේ (02) පැවති සමුළුවකදී ඔහු සඳහන් කළේ දේශපාලන රැකවරණ ලබන එම ගනුදෙනුකරුවන් දස දෙනා රටට හෙළි කිරීමට පාර්ලිමේන්තුව වහා ක්‍රියා කළ යුතු බවයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක,

    “මේ බැංකුවලින් රටේ එහා ඉන්න ගොවියගේ සිට මේ කොළඹ ඉන්න මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා ණය දීලා තියෙනවා. ඒ ණය ගෙවන එක ගත්ත කෙනාගේ වගකීමක්. නමුත් ඉතා හොඳට ව්‍යාපාර කරමින් දේශපාලන රැකවරණ ලබමින් තමන් හම්බකරන සල්ලි පිටරට තැන්පත් කරමින් මේ බැංකු දෙකට පොලු තියපු ප්‍රධාන පෙළේ ගනුදෙනුකරුවන් 10ක් මේ බැංකු දෙකෙම ඉන්නවා. ඒ 10 විතරක් මේ බැංකුවට ගෙවන්න තියෙන මුදල ලංකා බැංකුවේ බිලියන 50යි, මහජන බැංකුවේ බිලියන 30යි. ඔය අයවැය යෝජනා ගේන මහත්තුරුන්ට අපි කියනවා අය කරගන්න මේවා මේ මහජනතාවගේ මුදල්. පුළුවන්නම් ඒ දස දෙනාගේ නම් පාර්ලිමේන්තුවේ හෙළිකරන්න. එහෙම එළිකරේ නැත්නම් මේ රටේ මහජන යහපත උදෙසා ඒක අපි එළිකරවා. ඒ සඳහා අපි සූදානම්.”

  • මහ බැංකුවට දෙවැනි පාරටත් කෙළී

    මහ බැංකුවට දෙවැනි පාරටත් කෙළී

    ශ්‍රී ලංකාව මේ වන විට ණය වී ඇති සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 83.6 කි. ඉන් ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 76.8 කි. රාජ්‍ය ව්‍යවසායන් ලබාගත් ණය ඩොලර් බිලියන 3.7 කි. ඊට අමතරව මහ බැංකුව ලබාගත් ණය ඩොලර් බිලියන 3.1 ක් ද ඒ අතර වේ. සමස්තයක් ලෙස ගත්විට විදේශීය ණය ඩොලර් බිලියන 44ක් සහ දේශීය ණය ඩොලර් බිලියන 42.6කි. (ප්‍රතිශතයක් ලෙස 53% සහ 47%කි) ණය ප්‍රතිව්‍යූහගතකරණය යටතේ දේශීය ණය ඩො. බි. 42.6 පිළිබද ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹීමට නියමිතය.
    .
    ලංකාව විදේශීය ණය ලබාගෙන ඇති ක්‍රම කිහිපයකි.
    I . බහුපාර්ශවීය ණය
    II . දවී පාර්ශවීය ණය
    III . ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB)
    දේශය ණය ප්‍රතිව්‍යූහගතකරණය නැමැති සංවාදය කරළියට පැමිණියේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය වලින් 60%කගේ ණය හිමියන් සිය අත්සනින් රජයට කරන ලද බලපෑමක් නිසා බැව් කියැවේ. ඔවුන්ගේ බලපෑම නම් ඔවුන්ගේ ණය කපා හැරීමකට පෙර දේශීය ණය කපාහැරිය යුතුය යන්නයි.
    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ලබාගෙන ඇති ණය වලින් සැලකිය යුතු ප්‍රමාණයක් දේශපාලන සහ ආර්ථික වශයෙන් දඩයම් කිරීම සඳහා ලබාදුන් විලෝපිත ණය වේ. මෙම විලෝපිත ණය නොගෙවා සිටීම සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රියාවලියක් ඇත. ලෝකප්‍රකට ආර්ථික විශේෂඥයින් 182 කගේ අත්සනින් ලියැවිල්ලක් හරහා ආණ්ඩුවට යෝජනා කර ඇත්තේ එම ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේදය අනුගමනය කරන ලෙසයි. එහෙත් ආණ්ඩුව මේ වන විටත් සියලුම ණය සමාන තලයක තබා ප්‍රතිපත්තිමය තීන්දු වලට එළඹෙමින් සිටින බව පෙනෙන්නට තිබේ.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන පරිදි මෙම ණය අර්බුදය ඇති වී ඇත්තේ 7% – 8% ත් අතර ගිනි පොලියට ලබාදුන් ණය හිමියන් විසින් දේශීය ණය කප්පාදු සඳහා කරන ලද බලපෑම නිසා ය.
    .
    ආණ්ඩුවට ලබා දී ඇති දේශීය ණය වපසරිය පහත් ආකාරයෙන් වේ.
    !. මහ බැංකුව – රු. බි. 13189/= (ස්වෛරී බැඳුම්කර රු. බි. 8722/= භාණ්ඩාගාර බිල්පත් රු. බි. 4126/=)
    !!. අර්ථසාධක අරමුදල – රු. බි. 3924/= (බැදුම්කර)
    .
    මේවායින් මහබැංකුව ලබා දුන් අගයන් මෙසේය.
    !) වාණිජ බැංකු – රු. බි. 3880/= (බැදුම්කර) රු. බි. 772/= (භා. බිල්පත්)
    !!) රක්ෂණ සංස්ථාව – රු. බි. 782/= (බැදුම්කර)
    !!!) පෞද්ගලික බැංකු – රු. බි. 296/= (බැදුම්කර)
    !V) මහ බැංකුව – රු. බි. 26/= (බැදුම්කර) රු. බි. 2576/= (භා. බිල්පත්)
    V) රක්ෂණ සංස්ථාව හා පෞද්ගලික බැංකු – රු. බි. 726/= (භා. බිල්පත්)
    .
    පෞද්ගලික බැංකු වල වත්කම් වල ප්‍රතිශතයක් ලෙස ඉහත ලබා දී ඇති ණය අගයන් මෙසේය.
    Commercial Bank – 36%
    Sampath Bank – 24%
    NDB Bank – 25%
    Seylan Bank – 21%
    NTB Bank – 11%
    PAN Asia Bank – 23%
    HNB Bank – 29%
    DFCC Bank 9%
    මෙම ණය වලින් 50% කට වැඩි ප්‍රමාණයක් මහජන බැංකුව සහ ලංකා බැංකුව දරයි.
    .
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන ජාත්‍යන්තර බැඳුම්කර වල ඇති ගැටලුව අධික පොලී අනුපාත, අධික ණය ප්‍රමාණය, ප්‍රාදේශීය ණය කප්පාදුව සඳහා කෙරෙන බලපෑම නම්, ඩො. බි. 16 ක් වූ සමස්ථ ස්වෛරී බැදුම්කර ණය ප්‍රමාණයෙන් ඩො. බි. 12 ක්ම ඔහුගේ පාලන කාලය තුළ ලබාගෙන ඇත්තේ කිමදැයි යන්න විවෘත ගැටලුවකි. ඔහු එහි වග-උත්තරකරුවෙකි.
    .
    සාමාන්‍යයෙන් බැංකු නිවාඩු ප්‍රකාශයට පත් කරන්නේ බැංකු කරුවන්ගේ සංගමය මගිනි. එහෙත් ලංකාවේ පළමු වතාවට රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් දින පහක දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ. මීට සමගාමීව දේශීය ණය කප්පාදුවට අදාළ යෝජනාව 07/02 ඉරිදා දින පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා 06/28 බදාදා දින කැබිනට් අනුමැතිය ලබා ගැනීමට ද යෝජිතය. එමෙන්ම සාමාන්‍යයෙන් අසාමාන්‍ය පරිදි 07/01 සහ 07/02 සතිඅන්ත දියන් හි පාර්ලිමේන්තුව කැඳවා තිබේ.
    .
    දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කළ හැකි ආකාර කිහිපයකි.
    !. ලබාගෙන ඇති සම්පූර්ණ ණය කපා හැරීම
    !!. දේශීය ණය ඩොලර් බිලියන 40න් බි. 13ක් පමණ කපාහැරීම
    !!!. ලබාගෙන ඇති ණය සඳහා කාලය දීර්ඝ කිරීම
    !V. ණය සඳහා පොලී කපා හැරීම.
    නමුත් ඒ කුමන ක්‍රමයකට ණය ප්‍රතිව්‍යූහගතකරණය කරයිද යන්න නිශ්චිතව ප්‍රකාශ කර නැත.
    ජනතාවගේ අයිතිය සතු මුදල් සම්බන්ධව මේ හදිස්සි තීරණාත්මක ප්‍රතිපත්තිමය තීන්දුව කුමක්ද යන්න සමාජයට තවමත් දන්වා නැත. තොරතුරු සියල්ල සඟවා හොර රහසේ ක්‍රියාත්මක කරන බව පෙනෙන්නට තිබේ. මෙය වූ කලී එක් අතකින් මංකොල්ලයකි, බලහත්කාරයකි, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි.
    ….
    මධ්‍යම කමිටුව
    ඉංජිනේරු සේවා වෘත්තීයවේදී සංගමය

  • පොහොර ප්‍රශ්නය දුරදිග යයි – චීනය මහජන බැංකුව ‘බ්ලැක්ලිස්ට්’ කරයි

    පොහොර ප්‍රශ්නය දුරදිග යයි – චීනය මහජන බැංකුව ‘බ්ලැක්ලිස්ට්’ කරයි

    දෙපාර්ශ්වයක් අතර පැවති ගිවිසුම් කඩ කරමින් ණයවර ලිපියකට අදාළව ගෙවීම් සිදු නොකිරීම නිසා මහජන බැංකුව අසාදු ලේඛන ගත කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

    ඔවුන් සඳහන් කළේ, තානාපති කාර්යාලයේ ආර්ථික සහ වෙළෙඳ කාර්යාලය විසින් මෙම පියවර ගනු ලැබූ බවය.

    මෙම තීරණය අනුව ශ්‍රී ලංකාව සමග සිදුකරන ජාත්‍යන්තර ගනුදෙනුවලදී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසත්, අවදානම පාලනය කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසත්, සියලුම චීන ව්‍යවසායන්ට දැනුම් දෙන බව චීන තානාපති කාර්යාලය පවසයි.

    පොහොර ගනුදෙනුවට අදාළව දෙපාර්ශ්වය අතර ඇතිකරගත් එකඟතා මත මෑතකදී විවෘත කළ ණයවර ලිපියට අදාළව ගෙවීම් කරන ලෙස චීනයේ චීනයේ චින්දාඕ සීවිං බයෝටෙක් සමාගම මහජන බැංකුවෙන් ඉල්ලා ඇතැයි තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

    ව්‍යාපාරික නීතිරීති සහ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්තීන්ට අනුව මහජන බැංකුව ක්‍රියා නොකිරීම නිසා මෙම ණයවර ලිපියට අදාළ ගෙවීම් නොකිරීමෙන් චීන සමාගමට බරපතල පාඩුවක් සිදුව ඇතැයි චීන තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් චීන සමාගම එවූ පොහොර සාම්පල 2 ක අහිතකර බැක්ටීරියා හමුවීම හේතුවෙන් මෙම පොහොර තොගය මිලදී නොගැනීමට ශ්‍රී ලංකාව මේ වනවිට තීරණය කර තිබේ.

    ඊට අදාළව රජයේ පොහොර සමාගම් දෙක කොළඹ වාණිජ මහාධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ චීන සමාගමට ණයවර ලිපිවල සඳහන් මුදල් ගෙවීමෙන් වළකින ලෙස මේ වනවිට අතුරු නියෝගයක්ද නිකුත් කර තිබේ.