වෘෂණ කෝෂ බද්ධ කළ නොහැකියි

තමන් දන්නා පරිදි ලෝකයේ කිසිදු රටක මේ වනතෙක් කිසිම වෘෂණ කෝෂ බද්ධ කිරීමක් සිදුකර නැතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ
ශෛල්‍ය වෛද්‍යවරයෙක් ‘දිවයින’පුවත්පතට ප්‍රකාශකර තිබේ.

නම හෙළිකිරීමට අකමැතිවූ මෙම විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ, වෘෂණ කෝෂ බද්ධ කිරීමක් සිදු කළ නොහැකි බවයි.

පුද්ගලයකු අනතුරකට ලක්වී වෘෂණ කෝෂයට හානියක් සිදුවුවහොත් එය ඉවත් කිරීමට සිදුවන බව ද අනෙක් වෘෂණ කෝෂයටද විරුද්ධ ප්‍රතිදේහ නිසා එය මියයෑම සිදුවිය හැකි බව ද විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයා පවසා තිබේ.

වකුගඩු බද්ධ කිරීමේ ජාවාරම පිටුපස සිටිනුයේ අතරමැදි පුද්ගලයන් බව ද මුදල් ලබාදී වකුගඩු ලබාදෙන පුද්ගලයා කැමැති කරගත්තද පසුව ඔහුට පොරොන්දුවූ මුදල ලබා නොදෙන බව ද වෛද්‍යවරයා කියා සිටියි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව කිසිදු ශල්‍ය වෛද්‍යවරයකු විසින් වකුගඩු බද්ධ කිරීමක් සිදු නොකරන බවද විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...