වෘෂණ කෝෂ බද්ධ කළ නොහැකියි

තමන් දන්නා පරිදි ලෝකයේ කිසිදු රටක මේ වනතෙක් කිසිම වෘෂණ කෝෂ බද්ධ කිරීමක් සිදුකර නැතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ
ශෛල්‍ය වෛද්‍යවරයෙක් ‘දිවයින’පුවත්පතට ප්‍රකාශකර තිබේ.

නම හෙළිකිරීමට අකමැතිවූ මෙම විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ, වෘෂණ කෝෂ බද්ධ කිරීමක් සිදු කළ නොහැකි බවයි.

පුද්ගලයකු අනතුරකට ලක්වී වෘෂණ කෝෂයට හානියක් සිදුවුවහොත් එය ඉවත් කිරීමට සිදුවන බව ද අනෙක් වෘෂණ කෝෂයටද විරුද්ධ ප්‍රතිදේහ නිසා එය මියයෑම සිදුවිය හැකි බව ද විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයා පවසා තිබේ.

වකුගඩු බද්ධ කිරීමේ ජාවාරම පිටුපස සිටිනුයේ අතරමැදි පුද්ගලයන් බව ද මුදල් ලබාදී වකුගඩු ලබාදෙන පුද්ගලයා කැමැති කරගත්තද පසුව ඔහුට පොරොන්දුවූ මුදල ලබා නොදෙන බව ද වෛද්‍යවරයා කියා සිටියි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව කිසිදු ශල්‍ය වෛද්‍යවරයකු විසින් වකුගඩු බද්ධ කිරීමක් සිදු නොකරන බවද විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...