Breaking News

ලංකාවේ ධීවරයින්ගේ ජීවන අරගලය දැක්වෙන ඡායාරූපයකට ජාත්‍යන්තර ඇගයීමක්

Sony World Photography Awards සඳහා සම්මානලාභී ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු වූ අමල් ප්‍රසාද් ගේ කැමරාවට හසුවූ දකුණේ රන්න වෙරල තීරයේ මාදැල් අදින ධීවරයින්ගේ ඡායාරූපයට කටාර් හී ජාතික සම්මානය හිමිවේ.

මෙම ජාතික සම්මාන වැඩසටහන ලොව පුරා සිටින දේශීය ඡායාරූප ප්‍රජාවන්ට සහාය වීම සඳහා ලෝක ඡායාරූප සංවිධානය සහ Sony විසින් පිහිටුවන ලද මුලපිරීමකි. මේ වසරේ රටවල් 61 ක් සහභාගී වේ.

Sony World Photography Awards 2022 සඳහා ප්‍රදේශ 211 කින් පින්තූර 340,000 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති අතර 170,000 කට අධික ප්‍රමාණයක්, සම්මාන විවෘත තරඟයට ඇතුළත් වූ අතර, එයින් ජාතික සම්මානලාභීන් තෝරා ගෙන තිබේ.

කටාර්හි සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු වන අමල් ප්‍රසාද්, කටාර්හි ජාතික සම්මානලාභියා ලෙස විවෘත තරඟයේ ජීවන රටා කාණ්ඩයට ඇතුළත් වූ ඔහුගේ “ජීවිත අරගලය” ඡායාරූපය විනිශ්චයකරුවන් විසින් තෝරා ගෙන ඇත.

කටාර්හි ජාතික සම්මානලාභී ලෙස, ප්‍රසාද්ට Sony ඩිජිටල් රූපකරණ උපකරණයක් ලැබුණු අතර මෙම ඡායාරූපය Sony World Photography Awards ප්‍රදර්ශනයට සහ පොතට ඇතුළත් කෙරේ.

ඡායාරූපය හරහා තමා පැවසීමට බලාපොරොත්තු වන දේ ගැන කතා කරමින් අමල් ප්‍රසාද් පැවසුවේ, “මම මේ ඡායාරූපයට ‘ජීවිත අරගලයක්’ ලෙස නම් කළේ ගමේ ධීවරයන්ගේ ජීවිතය පහසු නැති නිසා. එය පැවැත්ම සඳහා නිරන්තර අරගලයක්. “මම හිතන්නේ මම මේ ඡායාරූපයේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය දේ ප්‍රේක්ෂකයන්ට ලබා දී තිබෙනවා,” ඔහු කියා සිටියේය.

Sony World Photography Awards 2022 හි ශිෂ්‍ය, තරුණ, විවෘත සහ වෘත්තීය තරඟයේ සමස්ත ජයග්‍රාහකයින් අප්‍රේල් 12 වන දින ප්‍රකාශයට පත් කෙරෙන අතර අප්‍රේල් 13 සිට මැයි 2 දක්වා ලන්ඩනයේ සමර්සෙට් හවුස් හි ප්‍රදර්ශනයේ කොටසක් ලෙස ප්‍රදර්ශනය කෙරේ.

leave a reply