ආදරණීය බිරිඳට!!!

උදේට පාන් ගේන්න කඩේ යන
ඊට පස්සේ
මුළු පවුලම තැන් තැන්වලට වීසීකරන
හවසට ආයෙත් එක්කාසු කරන් එන

කැරට් ලීක්ස් වට්ටක්ක සිලිබෑග් එක්ක
ඉඳහිට දවසක මිතුරි හිටියා
උඩ සාක්කුවෙ හැංගීගෙන

ඒත් හුඟක් දවසට ඔයා කිව්වේ
” මහන්සියි අනේ හෙට උදෙත්
නැගිටින්න ඕන හතරට ”

ඔයත් ඔය හපුටු නයිටිය අස්සෙ
වකුටු වෙලා හිටියට
කෙල්ල කාලේ හරි වෙනස්
මොකද මට අමතක
කුෂ්වාන්ත් සිංට ආදරෙ කළ
පිස්සු කෙල්ලෙක්
නන්නත්තාරේ ජීවිතේ වින්ද

කළුවරේ සිගරට් බිව්වට
දුම් රැළි රටාවල ලස්සන
පේන්නේ නෑ කැරළි ගැස්සුන
ඔයාටත් පුළුවන් කැමතිනම් ඉඳහිට
සයිවර් කඩේකින් තෝසේ එකක් එක්ක
කන්න වඩයක් ටිකක් සැරට!!

 

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...