ආදරණීය බිරිඳට!!!

උදේට පාන් ගේන්න කඩේ යන
ඊට පස්සේ
මුළු පවුලම තැන් තැන්වලට වීසීකරන
හවසට ආයෙත් එක්කාසු කරන් එන

කැරට් ලීක්ස් වට්ටක්ක සිලිබෑග් එක්ක
ඉඳහිට දවසක මිතුරි හිටියා
උඩ සාක්කුවෙ හැංගීගෙන

ඒත් හුඟක් දවසට ඔයා කිව්වේ
” මහන්සියි අනේ හෙට උදෙත්
නැගිටින්න ඕන හතරට ”

ඔයත් ඔය හපුටු නයිටිය අස්සෙ
වකුටු වෙලා හිටියට
කෙල්ල කාලේ හරි වෙනස්
මොකද මට අමතක
කුෂ්වාන්ත් සිංට ආදරෙ කළ
පිස්සු කෙල්ලෙක්
නන්නත්තාරේ ජීවිතේ වින්ද

කළුවරේ සිගරට් බිව්වට
දුම් රැළි රටාවල ලස්සන
පේන්නේ නෑ කැරළි ගැස්සුන
ඔයාටත් පුළුවන් කැමතිනම් ඉඳහිට
සයිවර් කඩේකින් තෝසේ එකක් එක්ක
කන්න වඩයක් ටිකක් සැරට!!

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...