ධම්මික පෙරේරා ලාභ ලැබුවේ ජනාධිපති හොඳින් කොවිඩ් පාලනය කිරීම නිසාලු

මෑත කාලසීමාවේ බොහෝ කර්මාන්ත සහ ව්‍යාපාර ආයතන ලාභ ලැබීමට හේතු වූවේ ජනාධිපතිවරයා විසින් කොරෝනා වසංගතය පාලනය කිරීම නිසා බව ධම්මික පෙරේරා පවසා තිබේ.

ව්‍යවසායකයින් සහ ජනාධිපතිවරයා අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇත.

කොවිඩ් වසංගත කාල සීමාවේ මෙතෙක් ඉතිහාසයේ නොලැබූ තරම් ලාභ ලැබූ සමාගම් අතරින් ධම්මික පෙරේරාගේ ව්‍යාපාර ඉදිරියෙන්ම සිටියි. එම ලාභ ලැබුවේ ජනාධිපතිවරයා කොවිඩ් පාලනය කළ නිසා නොව වසංගතය හමුවේ ජනතාවට නොව ධම්මික පෙරේරා වැනි ලංකාවේ ධන කුවේරයන්ට සහන ලබාදීම හේතුවෙනි.

එසේම මෙම ලාභ පිටුපස තිබූ රහස වූවේ මූල්‍ය සමාගම් හරහා ජනතාවගේ තුට්ටු දෙකත් හූරන් කෑම හරහායි. එම සමාගම්වල සේවකයන්ගෙන් සොච්චම් මුදලකට වැටුප් ලබාගැනීම හරහායි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...