කින්නියා – මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ

ත්‍රිකුණාමලය කින්නියා කුරුඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරළීමෙන් එහි ගමන් ගත් කුඩා දරුවන් ඇතුළු 6 දෙනෙකු මියගොස් 12 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

අනතුර සිදුවීමෙන් පසු අවාසනාවන්ත සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් නියෝග කර ඇති බව සඳහන් වේ.

ඉතා කඩිනමින් එම සිදුවීමට අදාළ පරීක්ෂණය පවත්වා අදාළ පාලම් පාරුව ක්‍රියාත්මක කිරීමට අවසර දීම සහ නඩත්තු කටයුතු සිදුකළේ, කවුරුන්දැයි ඇතුළු කරුණු කාරණා ගැන තමාව දැනුවත් කරන ලෙසද ආණ්ඩුකාරවරිය පවසා ඇත.

එහෙත් මෙම පාලම් පාරුව මිනිසුන් ප්‍රවාහනයට සුදුසුද නැද්ද යන්න සොයා බැලීම අවසර ලබාදීමට පෙර සොයා බැලිය යුතු දෙයක් නොවේද?

එසේම මෙය සිදුවන්නේ 2022 අයවැයෙන්ද අධ්‍යාපනයටත්, සෞඛ්‍යයටත්, පොදු ප්‍රවාහනයටත් වඩා මහාමාර්ග අමාත්‍යාංශයට මූල්‍ය ප්‍රමුඛතාව ලබාදෙන රටක බවද සිහි තබා ගන්න.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...