මොන විවේචන ආවත් මම වැඩ කරන්නේ මගේ ක්‍රමයට – ගෝඨාභය රාජපක්ෂ කියයි

කුමන විවේචන එල්ල වුවද තමන් වැඩ කරන්නේ තමන්ගේ ක්‍රමයට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ.
ඒ අද (06) කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ආසනයේ දික්වැල්ල ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍රකරගෙන පැවති ගම සමඟ පිළිසඳර වැඩසටහනට සහභාගී වෙමිනි.

තමන් මේ සිදුකරන්නේ දේශපාලන නාට්‍යයක් හෝ සංදර්ශනයක් නොවන බවද එහිදී ජනාධිපතිවරයා පවසා තිබේ.

“සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක් දුෂ්කර ගම්මානවලට යන්නේ නෑ. අපි එන්නේ ගම්වල ජනතාවගේ අදහස් සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න. මම දැක්කා සමහර සමාජ මාධ්‍යවල කියනවා මේවා දේශපාලන නාට්‍ය, මාධ්‍ය සංදර්ශන කියලා. මේවා එහෙම ඒවා නෙමෙයි. මාධ්‍ය සංදර්ශන දාන්නේ ඡන්දෙ කිට්ටු වෙලානේ. ඒකට තව අවුරුදු 4ක් තියෙනවා. අපි බලයේ ඉන්නකොට මේ ජනතාව අතරට යනවා. පරිසරය සමග සංවර්ධනය කරන්නේ කොහොමද කියලා මම පෙන්වලා දීලා තියෙනවා. මම මාධ්‍ය සංදර්ශන දාලා නෙමෙයි ජනාධිපති වුණේ. වැඩකරලා. කවුරු වුණත් විවේචනය කරන්න පුළුවන්. නමුත් මම මගේ ක්‍රමයට තමයි වැඩ කරන්නේ.”

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...