ozo හෝටලයේදී මියගිය ධම්මිකාගේ මරණයට වගකියන්නේ කව්ද?

ඉතාලියේ මිලානෝ නගරයේ පදිංචිව සිට පසුගිය දෙසැම්බර් 18 වනදා UL 1208 ගුවන් යානයෙන්  මවුරට කරා ගිය ධම්මිකා පෙරේරා නුවර ozo හෝටලයේදී ජනවාරි 1 වනදා මිය ගොස් තිබේ . ලංකාවට ගොස් නිරෝධණය වන අතර හෝටල් කාමරයේ වැසිකිළිය තුළ මිය ගොස් සිටිබව හෝටල් පාලන අදිකාරිය ඇයගේ පවුලේ වුදවියට දැනුම් දුන් බව ඇගේ සුවාමි පුරුෂයා  පවසයි .

ඇය ඉතාලියෙන් පිටත්ව යන විට යම් රෝගී තත්ත්වයක පසුව සිටි බවත් ඇය ලංකාවට යනවිටත් මානසික ආතතිය වැඩි වී සිටි බව ඇයව භාරව ගිය මිතුරන්  ඇගේ ස්වාමි පුරුෂයා වෙත දැනුම් දී තිබේ.ඒ බව දැනගත් වහාම ඔහු හෝටල් පාලනාධිකාරියට කතා කොට ඇයව රෝහල් ගත කිරීමට අවශ්‍ය බව පවසා ඇයව නිදහස් කරන ලෙස දන්වා තිබේ.නමුත් රෝහලේ ආරක්ෂාවට සිටි හමුදාව මැදිහත්ව ඇයව බැලීමට කිසිවෙකුටත් ඉඩ දී නොමැති අතර දුරකථනයක් ලබා දීමට පමණක් අවස්ථාව සලසා දී තිබේ.

මිලානෝ හි ජීවත්වන ඇගේ ස්වාමි පුරුෂයා කීප අවස්ථාවක් ධම්මිකාට කතා කර තිබේ .කතා කළ සෑම අවස්ථාවකම ඇය අසනීප තත්ත්වයෙන් පසුවෙන බව ඔහුට දැනී තිබු හෙයින් ඇයව රෝහල් ගත කිරීම සඳහා අවස්ථාව සලසා දෙන මෙන් ඔහු ඉල්ලා තිබේ.එම අවස්ථාව ඔවුන් පවුලේ උදවියට ලබාදී නෑ.ඇගේ අසනීප තත්ත්වය යම් දුරකට සඟවමින් ඔවුන් පවුලේ උදවියට බොරු පවසා ඇති බව මෙම මරණින් පසුව හෙළිදරව් වී තිබේ.

කිසිදු හේතුවක් මත ඇගේ මරණය කෝවිඩ් මරණයක් බවට පිළිගන්නට නොහැකි බව පවුලේ උදවිය පවසනවා.දෙසැම්බර් 28 වන දා කළ අවසන් pcr පරීක්ෂණයෙන් ඇය negative වූ බැවින්  2021 ජනවාරි 1 වනදා පැමිණ ඇයව භාරගන්නා ලෙස දැනුම් දී තිබේ.කෙසේ වෙතත්  පළමු වනදා උදෑසන නැවත ඔවුන් කතා කර පවසා තිබෙන්නේ ඇය මියගොස් ඇති බවයි. ධම්මිකා සමග හෝටලයේ සිටි අනික් පිරිස මේ බව නොදැන සිටීම විශේෂත්වයකි.

මෙම මරණය හදිසි මරණයක් නොවන බවත්,ඇය යම් ශාරීරික දුර්වලතාවක් හේතුවෙන් මියගොස් ඇති බවත්,ඊට නිරෝධායන කටයුතු භාරව සිටි උදවිය වගකිව යුතු බව ඉඳුනිල් ප්‍රීති කුමාර මහතා පවසනවා . මරණ පරීක්ෂණ වාර්තාව හෙට දින ලැබීමට නියමිත අතර තම බිරිඳගේ මළගම වෙනුවෙන් ඉඳුනිල් ප්‍රීති කුමාර මහතා හ පුතා දිරි දින කීපය තුළ ශ්‍රී ලංකාව කරා යෑමට අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා.

 

ඇය ගමන් ගත් ගුවන් ටිකට් පත 

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...