රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවල ගැටලු රැසක් – නිරවද්‍යතාවය ගැනත් ගැටලුවක්

හදිසියේ ආනයනය කළ බව පැවසෙන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ක්ෂණික ප්‍රතිදේහ ජනන පරීක්ෂණ කට්ටලවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් මතුවෙන බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති රවී කුමදේශ් මේ බව පවසා ඇත. ඔහු මෙහිදී පැවසුවේ

“කඹුරුපිටිය රෝහලේ, පොළොන්නරුව වැලිකන්ද ආශ්‍රිතව තියෙන නිරෝධායන මධ්‍යස්ථානයේ ආසාදිතයින් එක්ක මේ පරීක්ෂණ කට්ටල නිවැරදිද කියලා පරීකෂා කරන්න උත්සාහ කරනවා කියලා. නමුත් වාර්තාවෙන විදිහට PCR පරීක්ෂණන් පොසිටිව් වූ පුද්ගලයන්ගේ නැවත මේ කට්ටල හරහා පරික්ෂා කරලා තියෙනවා. මේ කරපු 40ක පමණ ප්‍රමාණයෙන් 06ක් පමණ ප්‍රමාණයකගේ පමණයි නිවැරදි වාර්තා ලැබිලා තියෙන්නෙ. මේ නිෂ්පාදනයේ පැහැදිලිව සඳහන් වෙනවා පළවෙනි දිනයේ ආසදිතයාගේ සිට 07වැනි දිනයේ ආසදිතයා දක්වා කරපු පරීක්ෂණයේ ප්‍රතිපලයක් ලෙස මේකෙ 10%ක වගේ ප්‍රතිශතයක් වරදින්න පුළුවන් කියලා. මේකේ නිෂපදකයා පැහැදිලිව කියලා තියෙනවා මේ ක්ෂණික ප්‍රතිදේහ කට්ටල පාවිච්චි කරලා යම් කෙනෙකුට නෙගෙටිව් ප්‍රතිපලයක් ආවොත් ඒ ප්‍රතිපලයෙන් මේ ආසදිතයා නෙගෙටිව් බව කියවෙන්නෙ නැහැ. අනිවාර්යයෙන් මෙය PCR පරීක්ෂණයකින් හෝ තහවුරු කරගත යුතුයි කියලා. ”

මිට අමතරව ‘රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට්’ මෙරටට ගැලපේ දැයි තීරණය කිරීමේ කි‍්‍රයාවලියක් පවතින අතරතුර එම කට්ටල තොගයක් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි වාර්තා පළවීම ප‍්‍රශ්නසහගත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පවසා සිටියි. සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ පවසා ඇත්තේ ‘රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට්’ කට්ටල ගෙන්වා ඇත්නම් එයට අවසර ලබා දුන්නේ කවුදැයි යන ප්‍රශ්නය මතුවෙන බවත් ඒ පිළිබඳව කරනු ලබන පරීක්‍ෂා කිරීම්වලදී අදාළ කට්ටල ප‍්‍රමිතියෙන් තොර බව වාර්තා වුවහොත් මෙලෙස ගෙන්වනු ලැබූ තොගයට සිදුවන්නේ කුමක් දැයි යන ප‍්‍රශ්නය මතුවෙන බවයි.

මේ අතර කොවිඞ් ප‍්‍රතිදේහ ලක්‍ෂණ පිරික්සීමේ ඇන්ටිජන් පරීක්‍ෂණ මෙරටට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමුකර ඇතැයි රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක ප‍්‍රකාශ කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...