බ්‍රැන්ඩික්ස් පොකුර ගැන විමර්ශනය කරන නිලධාරීන්ට කොවිඩ් වැළඳිලා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව තුළට කොවිඩ් වෛරසය පැමිණියේ කෙසේද යන්න පිළිබඳ විමර්ශන කටයුතු භාරව සිටින කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් රැසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබීම නිසා විමර්ශන කටයුතු පවත්වාගෙන යාම ගැටලුවක් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

අදාල කර්මාන්ත ශාලාවේ සේවකයන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතව තිබෙන නමුත්, පවත්නා අර්බුදකාරී තත්වය හමුවේ එම කටයුතු ආරම්භ කිරී‍මේ අපහසුතාවයක් මතුව ඇති බව අජිත් රෝහණ පවසා ඇත.

මෙම ගැටලුව පිළිබඳව පෞද්ගලික ‍රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
මෙලෙස අදහස් දක්වා තිබේ.

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබූ අතර කෙසේ වෙතත් එම විමර්ශන කටයුතු තවමත් ආරම්භ කර නොමැත. නීතිපතිවරයා පසුගියදා දැනුම් දී තිබුණේ විමර්ශන ආරම්භ නොකරන්නේ නම් ඒ සඳහා පත්කළ විමර්ශන කණ්ඩායම සම්බන්ධයෙන් තමා දැනුවත් කරන ලෙසයි.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...