අද දිනයේ කොරෝනා ආසාදිත මරණ 3ක්

Date:

අද දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ මරණ 3ක් වාර්තා වී තිබේ.

එය දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවද වන අතර, අද ජීවිතක්ෂයට පත්වූ තුන් දෙනාගෙන් එක් අයෙකු 19 හැවිරිදි වියේ පසුවීමද විශේෂත්වයක්.

කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි ඔහු උපතින්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙකු බව සඳහන් වේ.

මියගිය අනෙක් පුද්ගලයා කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි අයෙකු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේ.

ඔවුන් දෙදෙනාම කොළඹ ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත්වූ අතර, අද වාර්තා වූ අනෙක් කොරෝනා මරණය සිදුවුණේ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච් රෝහලේදීයි.

ඔහු ජා-ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක පුද්ගලයෙක්.

සිරෝසිස් රෝගී තත්ත්වයෙන් රාගම රෝහලට ඇතුළත් කෙරුණු මොහු පෙරේදා අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවා ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීම හේතුවෙන්.

අද දහවල් ඔහු මියගොස් ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 19ක්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිදුවූ මරණ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ මෙය බරපතල තත්ත්වයක් බවයි.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...