අද දිනයේ කොරෝනා ආසාදිත මරණ 3ක්

අද දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ මරණ 3ක් වාර්තා වී තිබේ.

එය දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවද වන අතර, අද ජීවිතක්ෂයට පත්වූ තුන් දෙනාගෙන් එක් අයෙකු 19 හැවිරිදි වියේ පසුවීමද විශේෂත්වයක්.

කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි ඔහු උපතින්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙකු බව සඳහන් වේ.

මියගිය අනෙක් පුද්ගලයා කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි අයෙකු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේ.

ඔවුන් දෙදෙනාම කොළඹ ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත්වූ අතර, අද වාර්තා වූ අනෙක් කොරෝනා මරණය සිදුවුණේ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච් රෝහලේදීයි.

ඔහු ජා-ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක පුද්ගලයෙක්.

සිරෝසිස් රෝගී තත්ත්වයෙන් රාගම රෝහලට ඇතුළත් කෙරුණු මොහු පෙරේදා අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවා ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීම හේතුවෙන්.

අද දහවල් ඔහු මියගොස් ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 19ක්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිදුවූ මරණ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ මෙය බරපතල තත්ත්වයක් බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...