වැඩි ඡන්ද 91න් 20 සම්මතයි – විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් පක්ෂව ඡන්දය ලබාදෙයි

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම වැඩි ජන්ද 91 කින් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

දෙවන වර කියැවීමට පක්ෂව ජන්ද 156ක් ද, විපක්ෂව ජන්ද 65ක් හිමිවිය.

මෙහිදී සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, අලි සබ්රි රහීම්, මොහොමඩ් හාරිස්, එච් එම් එම් හරීස්, එම් එස් තොව්ෆික්, මුස්ලිම් ජාතික සන්ධානයේ ඒ ඒ එස් එම් රහීම්, දෙමළ ප්‍රගතිශී සන්ධානයේ අරවින්ද් කුමාර්, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ ඉෂාක් රහමන් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය ප්‍රකාශ කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ සභා ගැබේ නොසිටි බවද වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...