වැඩි ඡන්ද 91න් 20 සම්මතයි – විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් පක්ෂව ඡන්දය ලබාදෙයි

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම වැඩි ජන්ද 91 කින් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

දෙවන වර කියැවීමට පක්ෂව ජන්ද 156ක් ද, විපක්ෂව ජන්ද 65ක් හිමිවිය.

මෙහිදී සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, අලි සබ්රි රහීම්, මොහොමඩ් හාරිස්, එච් එම් එම් හරීස්, එම් එස් තොව්ෆික්, මුස්ලිම් ජාතික සන්ධානයේ ඒ ඒ එස් එම් රහීම්, දෙමළ ප්‍රගතිශී සන්ධානයේ අරවින්ද් කුමාර්, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ ඉෂාක් රහමන් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය ප්‍රකාශ කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ සභා ගැබේ නොසිටි බවද වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...