ගුගල් ඔස්සේ “SEX” සෙවූ රටවල් අතර ලංකාව දෙකට වැටෙයි

SEX යන වචනය අන්තර්ජාලය හරහා සෙවීමෙන් ලොව පළමු ස්ථානයට පත්ව සිටි ශ්‍රී ලංකාව මෙවර හිමිකරගෙන සිටින්නේ දෙවන ස්ථානයයි. එහි පළමු තැන ලැබී තිබෙන්නේ ඉතියෝපියාවටයි. නවතම ගුගල් වාර්තාවන් අනුව ගතවූ මාස 12 තුලදී ගුගල් අන්තර්ජාල යෙදවුම හරහා වැඩිම අවස්ථා ගණනකදී SEX යන වචනය සොයා තිබෙන්නේ ඉතියෝපියාවයි.

එහි දෙවන ස්ථානයට ශ්‍රී ලංකාවටත්, තෙවන ස්ථානය බංග්ලාදේශයත් පත්වතිබේ.

දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ වැඩියෙන්ම SEX යන වචනය සොයා ඇත්තේ ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ පිහිටි භුබනේෂ්වර් නගරය වන අතර දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සාලීම් නගරයත් තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ හෝමාගම නගරයයි.

මිට පෙර ලොව වැඩිම වශයෙන් SEX යන වචනය ගුගල් යෙදවුම හරහා සොයනු ලැබූ නගරය බවට පත්ව සිටියේ ශ්‍රී ලංකාවේ හෝමාගම නගරයයි.

ගූගල් හි වාර්ෂික වාර්තාවලට අනුව, බස්නාහිර පළාතේ කොළඹ, නුගේගොඩ සහ හෝමාගම 2012 දී වැඩිපුරම ‘sex’ යන වචනය සෙවූ නගර වන අතර 2020 දී උතුරු මැද පළාත පළමු ස්ථානයට පත්ව ඇත.

උතුරු මැද පළාතේ ඉහළින්ම සිටින නගර වන්නේ කටුවන්විල, ගල්කදවෙල, රාජාංගනය, පුල්මුඩේ සහ පූනෑවයි.

ඌව, උතුර, නැගෙනහිර, සබරගමුව, බස්නාහිර , වයඹ, දකුණු හා මධ්‍යම පළාත්වල, සියඹලාන්ඩුව, තෙරවිල්, මහඔය, බෝරලුවගේ අයින, හෝමගම, ඉහලපුලියන්කුලමා, වාරුකන්දෙනිය සහ හරස්බැද්ද යන නගර පිළිවෙලින් වැඩිම වාර ගණනක් ගූගල් හරහා sex යන වචනය සෙවූ නගර ලෙස ශ්‍රේණිගත කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...