දූෂිතම ආයතන අතරින් පොලීසියට මුල් තැන, පාර්ලිමේන්තුවට දෙවැනි තැන

රාජ්‍ය සේවයේ දුෂිතම ආයතන අතරින් මුල් තැනට පොලීසිය පත්ව සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිව තිබේ. පොලීසියට පසු දූෂිතම ආයතන ලෙස පාර්ලිමේන්තුව ඇතුළු ජාතික හා ප්‍රාදේශීය රාජ්‍ය පාලන අධිකාරීන් පත්ව තිබේ.

දිවයිනේ වඩාත් කැපී පෙනෙන දුෂණ වංචා සිදුවන්නේ රාජ්‍ය අංශය තුල බවද එම සමීක්ෂණය හෙළි කර ඇත.

“පොලීසියේ, පළාත් පාලනයේ, සහ නියාමකයන්ගේ රැකියා වලට සැලකිය යුතු බලයක් සහ අධිකාරයක් හිමිවේ,” යි ඊට හේතු දක්වන වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

“වඩාත් පැතිර පවතින, වඩාත් පැමිණිලි කරනු ලබන සහ වඩාත් විනාශකාරී දූෂණ වංචා සිදුවන්නේ පොලිසිය හා රජයේ නිලධාරීන් අතිනි.”

පෙළඹවීමකින් තොරවම දුෂණයට පත් ආයතනය ලෙස වෙරිටේ රිසර්ච් විසින් සමීක්ෂණයට යොදාගන්නා ලද අය අතරින් සියයට පනහක්ම නම් කොට ඇත්තේ පොලීසියයි, ඊළඟට පාර්ලිමේන්තුවයි.

කෙසේවෙතත්, මහජනතාව පොළඹවා දුෂණ වංචාවේ යෙදීම අතින් ඉහලින්ම සිටින්නේ පළාත් ආණ්ඩුය. දෙවැනි තැන ගන්නේ ආණ්ඩුවේ අධිකාරීන්ය.

සමීක්ෂණයට සහභාගී වූ 18%ක මතය අනුව ශ්‍රී ලංකාවේ අධිකරණ හා නීති පද්ධතිය දුෂිතය.

‘අයිතිය’ වෙබ් අඩවියේ පළවූ පුවතක් ඇසුරිණි

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...