අපි වැස්සට ආදරේ ඇයි?

වැස්සට පුළුවන් අපේ හදවත ඇහැරවන්න. අහසෙ ඉදන් දුවගෙන පොළව ඉඹින්න එන වැහි බිංදු අපිව හිත් වලින් කොච්චර දුර අරන් යනවද?ඇස් දෙක පියාගෙන අහන්න.ඒ හඩට පුළුවන් ඔයාගෙ ජීවිතේ දුක්බරම කතාව කියවන්න. අපි වැස්සට ආදරේ ඇයි?……. මං වැස්සට ආදරෙයි, ජීවිතේ කියන දරාගන්න අමාරැ හීනෙන් මාව ඈත් කරන්න පුළුවන්තාක්කල්…… ආයෙත් වහින්න. මට ඕන ඒ වැස්සෙ මාව දකින්න ………….❤

කළු ගැහුණු වළාකුළු හඬ හඬා ඉකි ගසා
තරු පිරුණු නිල් අහස ඝන කළුවරෙන් වසා
බිම වැටුණු වැහි පොදක් කොහේ යන්නද අසා
ගලා යනු සැටි පෙනේ මග හැරී යන දිශා..

පොද වැස්ස සේ මමත් ගලා යානම් ඇදී
රළු පොළව තෙමාලමි දැවෙන තැන් වල වැදී
උණුහුමට ඔය හුස්මෙ තබා වියළෙනු නොදී
යළි වැස්ස වහිනකල් ඉන්න දෙනවද රැඳී ..

මලී පෙරේරා

 

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...