වැටුප් අත්තිකාරම් මුදල් අඩුවෙන්, වතු කම්කරුවෝ සටනට

වැටුප් අත්තිකාරම් මුදල් අඩුවෙන් ලබාදුන් බව පවසමින් තලවකැලේ ආගරපතන ග්ලාස්ගෝ වත්තේ වතුකම්කරුවෝ අද (30) විරෝධතාවයක නිරත වී තිබේ.

තමන්ට වැටුප් අත්තකාරම් මුදල්ද මෙසේ අඩුවෙන් ලබාදීම හේතුවෙන් විශාල දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට තමන්ට මුහුණ දීමට සිදුවී ඇති බව විරෝධතාවයේ නිරත වතු කම්කරුවෝ පවසයි. තලවකැලේ – ඩයගම මාර්ගය අසලට ආගරපතන ප්‍රදේශයේදී එක්රැස් වූ මෙම පිරිස විරෝධතාවයේ නිරතවී පසුව විසිර ගොස් තිබේ.

කොරෝනා වසංගතය තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන ජනතාව අතර වතු කම්කරු ජනතාව ඉදිරියෙන්ම සිටියි. ඉතා අඩු වැටුපකට හිමිකම් කියන වතු කම්කරුවන්ට මේ දින කිහිපයේ ඇඳිරි නීතිය හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රවය රැස්කර ගැනීමට අවශ්‍ය වේ. එම නිසා ඔවුන්ගේ වියදම් අධික වනවා මිස වියදම් අඩු වීමක් නැත. ඊට අමතරව දිනපතා වැටුප් ලබන වතු කම්කරු ජනතාවට ඇඳිරි නීතිය හේතුවෙන් තම ආදායම් මාර්ග අහිමි වී තිබේ. එවැනි තත්ත්වයකදී වතු සමාගම් කළ යුත්තේ ඔවුන්ට පඩි සහිත නිවාඩුවක් ලබාදීම මිස ඔවුන්ට ලැබිය යුතු වැටුපත් කප්පාදු කිරීම නොවේ. එසේම ආණ්ඩුවේ වගකිව යුතු අංශද මෙම ජනතාව මුහුණ දෙන ගැටලු කෙරෙහි නෑසු කන්ව සිටිනු දක්නට ලැබේ.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...