බය සහ බලාපොරොත්තුව

ධනවාදය ඉතිරි කරල බයම විතරක්
බය වෙලා හැමෝම
තනිවෙලා ජනේලය ලග බ්‍රිසිගිල්ලාවේ බිෂොප්
නෑ අනේ පවු අපේ පාප්
“ඇටමැස්සා”-ආතර් උඹ කිව්වා හරි
ගල් පිලිම බොල් පිලිම ගැන
දේවස්තාන ඔක්කොම වහලා -දෙවියො නෑ පිහිටට
කපුවො ගෙවල් වල – දේවාල කෝ පිහිටට
මාක්ස් ඔබ කිව්ව මුලින්ම
ඝන වූ සියල්ල දියවන බව
ධනවාදය ඉතිරි කලේ හැමදාම පීඩිතයට බය
ධනවාදය බයේ ඇලලෙද්දි.

සමාජවාදය ගෙනෙනව නැවතත් බලාපොරොත්තුව
කස්ත්‍රෝගේ photo එක වඩාගෙන
කියුබාව ආව ඉතාලියට, බලාපොරොත්තුව
මාකේස් ඔබ කිව්වා චේ ගැන ලියන්න
පිටු මිලියනයක් ඕන වෙයි කියල
මට හිතෙනව දැන් කැස්ත්‍රෝ ගැන ලියන්න
ඊටත් වඩා වැඩියෙන් ඕනමයි කියල
බලාපොරොත්තුව “සමාජවාදය”

ආපු දොස්තර කිව්වා අපට තියෙන්නේ
විප්ලවීය වැඩ කොටසක්
“එය ලෝකය ගලවාගැනීම”
ආදර්ශය සමාජවාදය
කස්ත්‍රෝ , චේ මතක් වෙනව ඇයි වික්ටර් හාරා
අමතක කරන්නෙ කොහොමද රෝහන සහෝදරයව
මතක් වෙනවද උඹලට ප්‍රැන්සිස් පුකුයාමා
අවසානයි කිව්වා  සමාජවාදයේ
රේගන්, මාගරට් ට්‍රැචර් ඇයි අපේ JR
“උන් ඔක්කෝම ඉතිහාසයේ කුනු බක්කියේ”

ඉතිරි කලේ “බ” යන්නක් විතරයි
එක “බ” යන්නක් ධනවාදයේ “බය”
අනික් “බ” යන්න සමාජවාදයේ ” බලාපොරොත්තුව”

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...