බය සහ බලාපොරොත්තුව

ධනවාදය ඉතිරි කරල බයම විතරක්
බය වෙලා හැමෝම
තනිවෙලා ජනේලය ලග බ්‍රිසිගිල්ලාවේ බිෂොප්
නෑ අනේ පවු අපේ පාප්
“ඇටමැස්සා”-ආතර් උඹ කිව්වා හරි
ගල් පිලිම බොල් පිලිම ගැන
දේවස්තාන ඔක්කොම වහලා -දෙවියො නෑ පිහිටට
කපුවො ගෙවල් වල – දේවාල කෝ පිහිටට
මාක්ස් ඔබ කිව්ව මුලින්ම
ඝන වූ සියල්ල දියවන බව
ධනවාදය ඉතිරි කලේ හැමදාම පීඩිතයට බය
ධනවාදය බයේ ඇලලෙද්දි.

සමාජවාදය ගෙනෙනව නැවතත් බලාපොරොත්තුව
කස්ත්‍රෝගේ photo එක වඩාගෙන
කියුබාව ආව ඉතාලියට, බලාපොරොත්තුව
මාකේස් ඔබ කිව්වා චේ ගැන ලියන්න
පිටු මිලියනයක් ඕන වෙයි කියල
මට හිතෙනව දැන් කැස්ත්‍රෝ ගැන ලියන්න
ඊටත් වඩා වැඩියෙන් ඕනමයි කියල
බලාපොරොත්තුව “සමාජවාදය”

ආපු දොස්තර කිව්වා අපට තියෙන්නේ
විප්ලවීය වැඩ කොටසක්
“එය ලෝකය ගලවාගැනීම”
ආදර්ශය සමාජවාදය
කස්ත්‍රෝ , චේ මතක් වෙනව ඇයි වික්ටර් හාරා
අමතක කරන්නෙ කොහොමද රෝහන සහෝදරයව
මතක් වෙනවද උඹලට ප්‍රැන්සිස් පුකුයාමා
අවසානයි කිව්වා  සමාජවාදයේ
රේගන්, මාගරට් ට්‍රැචර් ඇයි අපේ JR
“උන් ඔක්කෝම ඉතිහාසයේ කුනු බක්කියේ”

ඉතිරි කලේ “බ” යන්නක් විතරයි
එක “බ” යන්නක් ධනවාදයේ “බය”
අනික් “බ” යන්න සමාජවාදයේ ” බලාපොරොත්තුව”

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...