කොරෝනා කාලේ කවි

බඩගිනි වෙලා මා ගිය කල කප් රුකට
පන්සිය අනූවක් කිව්වා සැමන් එක
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
තොපි ටින් කළේ රන් බිජුලන මාළුන්ද ?

විස්කි බ්‍රැන්ඩි බාර් එකේ බීපු මට
බියර් එකක්වත් නැතිවිය පිපාසෙට
කොත්තු රයිස් රොටි ආප්ප කාපු මට
මෙහෙමම පණ යාද කාමරෙ ඇඳක සිට

ඉන්නේ නීතියෙයි ඇඳිරියෙ දින පහට
කන්නේ කරවලයි පෝලිමෙ හිටං සිට
බොන්නේ ඇල් දියයි බියරුත් නැති පවට
යන්නේ කවදාද නයිට් කඩ දකින්නට…

ඉන්නේ කන්දකාඩුවෙ නිරොධායනට
කන්නේ එලු මසුයි පානුයි බත් එකට
ආවේ ඉතාලියෙ සිට පෙර දින දෙකට
යන්නේ කවදාද මව්පියො දකින්නට

සබන් දාලා අත හෝදන් නෑනෝ
මාස්ක් එක අරගෙන බැඳගන් නෑනෝ
මීටරයක් දුර හිටගන් නෑනෝ
ෂොපිං කරන්නට යමු අපි නෑනෝ…

මීටරේ තරම දැන හිටගෙන සිටිනු
වැලමිටේ ඉහළ නහයට ගෙන කහිනු
ගෙදරට පැමිණි විට කුණු සෝදා හරිනු
වෛරසේ තරම දැනගෙන කල් ගෙවනු.

කොරෝනා හැදෙන්නේ කොයි කොයි දේසේ
කොරෝනා හැදෙන්නේ චීනගෙ දේසේ
ගෙනත් වවන්නේ කොයි කොයි දේසේ
ගෙනත් වවන්නේ ඉතාලි දේසේ….

වසාගෙන නහය රෙද්දෙන් කිමද නගෝ
අල්ලාගෙන මල්ල අතකින් කිමද නගෝ
මීටරයක් ඈතින් නුඹ ඇයිද නගෝ
රූම් එකක ඉඳලා අපි යමුද නගෝ

වසාගෙන නහය කොරෝනා ඇති හින්දා
අල්ලාගෙන මල්ල සාඩිං ටිං හින්දා
මීටරයක් ඈතින් ජැක්සන් හින්දා
කන්දකාඩු පලයං අම්මව කැන්දා

දහයට දොළහටයි උදේට ඇහැරෙන්නේ
තුනට හතරටයි රෑටත් නිදියන්නේ
ඩේටත් ඉවර වූ විට මක්කද වෙන්නේ
නිරෝධායනේ යන්නයි සිදුවන්නේ

ඇඳිරි නීති තව තව දිගුවෙන්න එපා
වෛරස වසංගත තව වැඩි වෙන්න එපා
සිල්ලර කඩේ බඩු මිල උඩ යන්න එපා
දවස් පඩි නැති අපට බඩගිනි වෙන්න එපා

වෙද හෙද තුමන් තුමිලට බුද්ධං සරණයි
රජේ නිලධරුන් හට ධම්මං සරණයි
අඩුවට ඩේටා දෙනවානං සඟ සරණයි
චැට් එකේ අක්කලට තෙරුවන් සරණයි

ඇඳිරි නිතී බිඳලා ඉනි වැට පන්නා
නගා බලනු රිසියෙන් පාරට පැන්නා
පොලිස් ජීප් ඇවිදින් දෙක තුන ඇන්නා
කොරංටයින් ඇදපන් කූඩුවෙ ජින්නා

ඉතලි ගිහිල්ලා හොරෙන් ඇවිල්ලා
පැනලා යන හැටි බලන් කලූ
බෙහෙත් නොගන්නා ලෙඩෙත් හංගලා
වටේම සක්මන් කරයි කලූ
ලොක්ඩෞන් කරලා නීති දමාලා
පොලිසිය හොයලා බලයි කලූ
රටේම උන්ටම කොරෝනා හදනා දුටු තැන අල්ලා දියන් කලූ

කොටන පොලන කොට පොල් අඹරන කොට වල ගියදෝ මගෙ මාස්කයා
ගෑණියෙ නුඹ පල් උඹෙ අම්මත් පල්
මං දුටුවේ නැත මාස්කයා
බෙල්ල බදාගෙන මාව ඉඹින කොට වල ගියදෝ මගෙ මාස්කයා
ගෑණියෙ හිස උඩ අල්ලලා බලපන්
ඔලුවේ දාගෙන මාස්කයා…

අනේ දෙවියනේ මට වුණ වියෝයා
ගලේ ගහලා රෙදි හෝදනු බැරියෝයා
මන්නය අරන් පොල් ගාගනු ලියෝයා
කොරෝනා දෙන කෙනෙක් මගෙ නෑසියෝයා

බතට කන්න බැරි බතලේගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හූනට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මේ කඳු තුනට නායක ගෑණිගෙ සද්ද

උදේ රෑ ටෙලිවිසනයෙ මුල හිඳුවා
පොලිසියෙ රෝහන හොඳ බණ දෙසුවා
අසා එ බණ ගේ ඇතුලෙම රඳවා
බිඳ වෛරස සැනසුම හිමිවේවා

Share post:

Popular

වෙනත් පුවත්

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...