මහා මිරිවැඩි කන්ද පාමුල බලා සිටිනා සිඟිති මිරිවැඩි යුගළ

බොහෝ දුර දිවි වන්දනාවක
යනුව මව් දෑතකින් පැළැඳූ
සිඟිති මිරිවැඩි

නතර විය
මේ ගෑස් කාමර අසල
දවසක
අවුෂ්විට්ස් ළඟ පාර නිම වී

සිඟිති පා පොඩි යන්න ගිය පසු
තවත් සුවහස් පතුල් සමඟින්
දුම් බටෙන් ගුවනතට වියැකී..

යනෙන මං නැති
දහස් ගණනක් අතර මිරිවැඩි
අතරමං විය
සිඟිති මෙ දෙපල
එකිනෙකින් දෙපසකට විසිවී

කෙතෙක් කල් උහුලන්න ඇතිවද
හුදෙකලා වී ඒ වියෝගය

නො දැන සිදු වූ දෙයක් හරියට
සිඟිති දෙ පයින්
යුගළ බැඳුමෙන්
විබැඳි කළ’යුරු -හේතු ගොරතර

එහෙත් අවසන
හමුවෙලා එකිනෙකා මේ ලෙස
පරණ හිරමැදිරියක ගොඩකළ
මහා මිරිවැඩි කන්ද පාමුල

බා ඉන්නේ ගොඩෙන් තරමක් මෑත් වී ගෙන
ගලන ජන ගඟ දිහා
නොම දැන
දිරාපත් බව

පරණ හිමිකාරයා ඇවිදිනද දෙතැ’යි කියලද
යළින් උණුසුම
එ’පා පොඩිවල ?

(කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි)

 

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...