වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ ගේ මැදිහත්වීම මත වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන අවශ්‍යතාවක් වන රජයේ වනාන්තර ආයෝජන ව්‍යාපෘති සඳහා ලබා දිය හැකි වන පරිදි වන සංරක්ෂණ ආඥා පනතේ වගන්ති වෙනස් කිරීමට අදාළ සංශෝධන පනත මේ වන විට සකස් කර අවසන් ය. 2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ (කැළෑ ආඥා පනත) 20 වන වගන්තිය මගින් රක්ෂිත නොවන, අනාගතයේ දී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජිත වනාන්තර විශාල ප්‍රමාණයක් රජයට අයත් වෙනත් කැලෑ වශයෙන් ආරක්ෂා කර තිබුණි. මේවා රක්ෂිත වනාන්තර අතර සම්බන්ධතාව ඇති කරන, වැව් හා ජලාශවල ජලපෝෂක ලෙස ක්‍රියාත්මක වන, වඳවීමේ තර්ජනයට දරුණු ලෙස මුහුණපා සිටින ඉතා ම දුර්ලභ හා ආවේණික ජීවී විශේෂ බොහොමයකට වාසස්ථාන සපයන, අලි – ඇතුන් ගේ ප්‍රධාන වාසස්ථාන හා අලි මංකඩවල් ලෙස ක්‍රියාත්මක වන සුවිශේෂී වනාන්තර පද්ධති වේ. එම වනාන්තර වාණිජ භාවිතයන්ට ලබා ගත හැකි වන පරිදි, ඒවායේ ආරක්ෂාව තහවුරු කර ඇති 20 වන වගන්තිය සංශෝධනය කිරීමේ ප්‍රධාන අරමුණ මත යෝජිත පනත් සංශෝධනය සිදු කර ඇත.
වන සංරක්ෂණ ආඥා පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත්තේ 2018 අගෝස්තු මස 21 වන දින ය. එම කැබිනට් පත්‍රිකාවෙන් ජෛව විවිධත්වය, පස, ජලය, සංස්කෘතික, ආගමික, ඓතිහාසික හා සෞන්දර්යාත්මක වටිනාකම් කෙරෙහි විශේෂ සැලැකිල්ලක් දක්වමින් මතු පරපුරේ යහපත වෙනුවෙන් වනාන්තර සංරක්ෂණය කිරීම, රක්ෂිත වනාන්තර තුළ තිබෙන ඛණිජ සම්පත් ආරක්ෂා කර ගැනීම, වනාන්තර සංරක්ෂණය පිළිබඳ වන සංරක්ෂණ නිලධාරීන් සතු බලතල තවදුරටත් ශක්තිමත් කිරීම යන කරුණු පදනම් කර ගෙන පනත සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබා ගෙන ඇත. එම අනුමැතිය පදනම් කර ගෙන පනත සංශෝධනය සිදු කර ඇති නමුත් සංශෝධන පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ අනුමත කැබිනට් පත්‍රිකාවේ සඳහන් අරමුණු සියල්ල ම උල්ලංඝනය කරමිනි.
යෝජිත පනත් කෙටුම්පතේ සඳහන් කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියෙන් පසු ව 20අ ලෙස අලුතින් වගන්තියක් එක් කර බහුවිධ කළමනාකරණ වනාන්තර ලෙස රජයට අයත් වෙනත් වනාන්තර ප්‍රකාශයට පත් කිරීමට හැකි වන පරිදි වගන්ති එක් කිරීම ය. ඒ අනුව බහුවිධ කළමනාකරණ වනාන්තරයක පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, ස්වභාවධර්මය පදනම් කර ගත් සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ හඳුනාගත් සෙසු ක්‍රියාකාරකම් මගින් ආර්ථික ප්රතිලාභ අත් කර දෙනු පිණිස රාජ්‍ය නොවන අංශ බල ගන්වමින් කළමනාකරණය කිරීම පිණිස විෂය භාර අමාත්‍යවරයාට බලතල හිමි වන ක්‍රියාවලියක් හඳුන්වා දීම යෝජිත සංශෝධන පනත මගින් සිදු කර ඇත. මෙවන් වගන්ති ඇතුළත් කිරීමෙන් පෙනී යන්නේ යෝජිත පනත් සංශෝධනය ඒ සඳහා අනුමැතිය ලබා ගත් කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරුණු සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් කෙටුම්පත් කර ඇති බව ය.
යෝජිත පනත් සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදයේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු බව ය. නමුත් ඒ වෙනුවට සිදු කර ඇත්තේ රජයේ වනාන්තර වෙළෙද භාණ්ඩයක් බවට පත් කර ආදායම් උත්පාදනය මගින් විනාශ කිරීමේ ක්‍රියාවලියක් ඇති කිරීම ය.
මෙවන් පනත් සංශෝධනයක් පිළිබඳ ව 2016 වසරේ දී ලෝක බැංකුව විසින් සකස් කළ Ecosystem Conservation and Management Project – ESCAMP නම් වාර්තාවේ ද සඳහන් කර ඇත. එහි දැක්වෙන ආකාරයට මෙරට රක්ෂිත ප්‍රදේශ වාණිජ පරමාර්ථ මත භාවිතයට ගැනීමට නොහැකි සංකීර්ණ නීති පද්ධතියක් යටතේ පාලනය වීම හේතුවෙන් එම රක්ෂිත භාවිත කර ආදායම් ඉපයිය නොහැකි බවත් මෙරට රක්ෂිත ප්‍රදේශ පාලනය වන සංකීර්ණ නීති පද්ධතිය ලිහිල් කරනයට ලක් කර රක්ෂිත ප්‍රදේශ තුළ සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වැඩි අවධානයක් ලබා දිය යුතු බවත් අවධානයට ලක් කර ඇත.
මෙම වාර්තාව පදනම් කර ගෙන ක්‍රියාත්මක වූ ණය ආධාර ව්‍යාපෘතිය යටතේ සිංහරාජ ජාතික උරුම වන භූමිය, නකල්ස් සංරක්ෂණ වනාන්තරය, කන්නෙළිය වන රක්ෂිතය ඇතුළු වනාන්තරවල නව සංචාරක පිවිසුම් මාර්ග ඇති කිරීම, දැනට පවතින මාර්ග සංවර්ධනය කිරීම හා සංචාරකයන් සඳහා යටිතල පහසුකම් වර්ධනය කිරීම සිදු කෙරින. එම ව්‍යාපෘතියේ අරමුණු වූයේ භූ දර්ශන සැළැසුම් හා කළමනාකරණය කිරීම සහ ස්වාභාවික සම්පත් තිරසර ලෙස භාවිත කිරීම මගින් අලි – මිනිස් සහජීවනය ඇති කිරීම ය. නමුත් මෙම ව්‍යාපෘතියේ සැඟවුණු ප්‍රධාන අරමුණ වූයේ වන සංරක්ෂණ ආඥා පනත සංශෝධනය මගින් රක්ෂිත වනාන්තර ආදායම් ඉපදවිය හැකි වෙළෙද භාණ්ඩයක් බවට පත් කිරීමට නීති සම්පාදනය කිරීම ය.
එම අරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ විසින් මේ වන විට ක්‍රියාත්මක කර ඇත. නමුත් මේ මගින් සිදු වන දැවැන්ත විනාශය පිළිබඳ ව ඔවුන් විසින් අවධානය යොමු කර නොතිබීම විශාල විනාශයකට මඟ විවර කිරීමකි. ඒ නිසා එම විනාශයේ වගකීම සම්පූර්ණයෙන් ම ඔවුන් භාර ගත යුතු ය.
මෙම පනත් සංශෝධනය සිදු කරන අතරතුර 2024 මාර්තු මස 4 වන දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ ආයෝජන ව්‍යාපෘති සඳහා රජයේ හා ව්‍යවස්ථාපිත ආයතන සතු ඉඩම්, විධිමත් ලෙස බැහැර කිරීම සඳහා ඉඩම් කළමනාකරණ භාරයක් ස්ථාපිත කිරීමට ය. මීට ප්‍රථම දීර්ඝකාලීන බදු පදනම මත වවුනියාව දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 72000 ක් උක් වගා කිරීම සඳහා තායිලන්තයේ සුටෙක් ඉංජිනියරින් පුද්ගලික සමාගමට ලබා දීමට 2023 ජුනි 26 වන දින කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත. මීට අමතර ව අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අක්කර එක් ලක්ෂ හාරදහසක් ලබා දීමට 2021 අගෝස්තු මස 30 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
මේ සියල්ල ක්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර සමාගම්වලට හෝ ව්‍යාපාරිකයන්ට ලබා දීමට හැකි වන ලෙස නීති සකස් කළ යුතු ව ඇත. ඒ සියල්ල සිදු කිරීමට මෙම යෝජිත පනත් සංශෝධනය මගින් බලය ලබා ගෙන ඇත.
පනත සංශෝධනය කිරීමෙන් තොර ව මේ සියල්ල ක්‍රියාත්මක කිරීමට පසුගිය කාලය තුළ දී විවිධ ක්‍රියාමාර්ග ගැනින. වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ, ලේකම් විසින් නිකුත් කළ 2020 නොවැම්බර් මස 04 වන දින අංක MWFC/01/2020 දරන චක්‍රලේඛය මගින් රක්ෂිත නොවන රජයේ වනාන්තර ඉඩම් සියල්ල ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් භාරයට පත් කර ගැනීමට පළමු ව උත්සාහ ගැනින. ඉන් පසු ව ඉඩම් අමාත්‍යංශයේ ලේකම්, ආර්. ඒ. ඒ. කේ. රණවක විසින් “රජයේ ඉඩම් මැන වෙන් කිරීම” සඳහා 2021 අගෝස්තු මස 6 වන දින අංක 02/2021 දරන චක්‍රලේකය මගින් ඉහත චක්රලේඛයෙන් වෙන් කර ගත් රජයේ වනාන්තර, ඉඩම් සංවර්ධන ආඥාපනතේ 8 වන වගන්තියට අනුව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ සාමාන්‍ය හා විශේෂ විධිවිධානවලට යටත් ව ප්‍රාදේශීය ලේකම්වරුන්ට මැන වෙන් කරනු ලැබිය හැකි බැවින් විවිධ සංවර්ධන කටයුතු, ගම් පුළුල් කිරීම හා අනාගත සංවර්ධන කටයුතු සඳහා ආරක්ෂා කිරීමට මැනීම් කර වෙන් කර ගැනීමට නියමිත විය. නමුත් මෙම චක්‍රලේක වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය උල්ලංඝනය කරමින් නීති විරෝධී ප්‍රකාශිත බැවින් අධිකරණ ක්‍රියාමාර්ග මගින් ඒවා ක්‍රියාත්මක කිරීම වළක්වාලීමට පියවර ගැනින. ඒ හේතුවෙන් වන සංරක්ෂණ ආඥා පනත සංශෝධනය කර රජයේ ඉඩම් වෙන් කර ගැනීමට වත්මන් ආණ්ඩුව මේ ආකාරයෙන් පියවර ගෙන ඇත. එහෙත් මේ මගින් සිදු වන දැවැන්ත විනාශය පිළිබඳ ව ආණ්ඩුවට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට කිසිදු හැගීමක් හෝ අවබෝධයක් නොතිබීම කණගාටුවට කරුණකි.
වර්ෂ 2010 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ අවසන් වනාන්තර සංගණනයට අනුව මෙරට සමස්ත වනාන්තර ආවරණය හෙක්ටයාර 19,51,473 කි. එය මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් 29.7% කි. මෙම වනාන්තර ආවරණයට තෙත්, අතරමැදි, වියළි හා ශුෂ්ක කලාපවල පිහිටි ඝන වනාන්තර, විවෘත වනාන්තර, කටු පදුරු සහිත ලදු කැළෑ, කඩොලාන වනාන්තර හා තෘණ භූමි අයත් වේ. මේ අතුරෙන් පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ සියයට 1.9 ක ප්රතිශතයකි. එනම් හෙක්ටයාර 1,23,302 කකි. ඉහළ කඳුකර වනාන්තර ප්‍රතිශතය සියයට 0.7 කි. එහි ප්‍රමාණය හෙක්ටයාර 44,758 කි. උප කඳුකර වනාන්තර ප්‍රතිශතය සියයට 0.4 කි. එහි ප්‍රමාණය හෙක්ටයාර 28,513 කි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර හෙක්ටයාර 11,21,392 ක් නැතහොත් සියයට 17.1 කක ප්‍රතිශතයක් පවතී. කඩොලාන වනාන්තර 0.2% ක් නැතහොත් හෙක්ටයාර 15,670 ක් පමණ වෙයි.
වර්ෂ 2015 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළ යුතු යෝජිත රක්ෂිත හා රජයට අයත් වෙනත් කැලෑ ලෙස හඳුන්වන වන සංරක්ෂණ ආඥාපනතේ 20 වන වගන්තිය යටතේ පාලනය වන වනාන්තරවල භූමි ප්‍රමාණය හෙක්ටයාර 3,45,811 ක් නැතහොත් අක්කර 8,54,155 ක් පමණ වේ. එම සියලු වනාන්තර යෝජිත පනත් සංශෝධනය මගින් අහිමි කිරීමට නියමිත අතර එය වර්තමානයේ ලංකාවේ ඉතිරි වී ඇති වනාන්තර ප්‍රමාණයෙන් 18% ක් විනාශ කිරීමට සැලැසුම් සකස් කිරීමකි.
මෙම වනාන්තර රටට අහිමි වුවහොත් අලි – මිනිස් ගැටුම වර්ධනය වීම, වන සතුන්ගෙන් සිදු වන වගා හානි වර්ධනය වීම, ආවේණික දුර්ලභ ජීවී විශේෂ වඳවී යාම, කෘෂිකාර්මික හා පානීය ජල අර්බුද උග්‍ර වීම, ආපදා තත්ත්වයන් හා දේශගුණික විපර්යාස වර්ධනය වීම, කෘෂිකර්මාන්තය බිඳ වැටීම හා ආහාර අර්බුද උග්‍ර වීම ඇතුළු බොහෝ ව්‍යසනයන්ට රටේ ජනතාවට මුහුණ දීමට සිදු වනු ඇත. මේ නිසා රටේ වනාන්තර පද්ධති විනාශ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අවශ්‍යතාව මත ගෙන එන මෙම පනත් සංශෝධනය වහා ම නතර කිරීමට පුරවැසියන් වන අප පෙරමුණ ගත යුතු ව ඇත.



ක්‍රමවත් සැලැසුමකින් තොර ව අලි – ඇතන් ගේ වාසස්ථාන ඛණ්ඩනය වන පරිදි විදුලි වැටවල් ඉදි කිරීම හේතුවෙන් අලි – මිනිස් ගැටුම දිනෙන් දින වර්ධනය වෙමින් තිබිය දී මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වන ආකාරයෙන් අලි – ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය කිරීමෙන් මෙම ගම්මානවල මෙන් ම ඒ අවට ගම්මානවල ජනතාවට ද අනාගතයේ දී දරුණු අලි – මිනිස් ගැටුමකට මුහුණ දීමට සිදු වනු ඇත.
මෙම පනතට අමතර ව සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් විශාල වනාන්තර පද්ධතියක් එළි කර සිදු කරන විදුලි වැටවල් කිරීමේ කටයුතු කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව බලහත්කාරයෙන් සිදු කරමින් පවතී. ඒ සඳහා ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක කරන මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් මැදිහත් වී නොමැත.
අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලු ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව එවැනි නීති ක්‍රියාවක නිරත වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියට යොමු කිරීමෙන් පසු වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

නමුත් දකුණු අධිවේගී මාර්ගය සකස් කිරීමේ දී ව්‍යාපෘති සැලැසුමේ බෙලිඅත්ත හා කසාගල හුවමාරු අතර බැදිගම නමින් හුවමාරුවක් නොතිබුණ ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මැදමුලන නිවසට පහසුවෙන් පිවිසීමට බැදිගම හුවමාරුව නමින් අලුතින් හුවමාරුවක් දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදි කිරීමේ දී සකස් කළ නිලධාරීන්ට පඬු කරඳ ශාකය ආරක්ෂා කිරීම සඳහා සැලැසුම් සකස් කිරීමට නොහැකි වීම කණගාටුවට කරුණකි.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ ඇති VIII වන උප ලේඛණයේ පඬු කරඳ ශාකය ආරක්ෂිත ශාකයක් ලෙස ලේඛණ ගත කර ඇත. ඒ අනුව එවැනි ශාකයක් කපා ඉවත් කිරීම ඇතුළු කුමන ආකාරයක හෝ හානි සිදු කිරීමක් නීති විරෝධී ක්‍රියාවකි. එවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වීම පනතේ 67ආ1 උප වගන්තියට අනුව වරෙන්තුවක් නොමැති ව අත් අඩංගුවට ගත හැකි සංඥ්ය වරදක් වේ. එවන් ක්‍රියාවක නිරත පුද්ගලයකුට එරෙහි ව පනතේ 67ඈ1 උප වගන්තියට අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ සංඥ්ය වැරදි හා සම්බන්ධ විධි විධාන ක්රියාවේ යෙදවිය හැකි ය. එවන් පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 10,000 ත් 20,000 ත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කිරීමේ හැකියාව ඇත. එපමණක් නොව මෙවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට අනුබල ලබා දෙන පුද්ගලයකු ද එම වරදට ම වරදකරුවකු වන බව පනතේ 59 වන වගන්තියේ සඳහන් කර ඇත.
මෙරට ආකාර තුනකින් යුත් වැසි වනාන්තර අතුරෙන් පහතරට වැසි වනාන්තර හෙක්ටයාර 1,23,302 ක් (1.9% ක්), උප කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 28,513 ක් (0.4% ක්) හා ඉහළ කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 44,758 ක් (0.7 ක්) පමණ ඉතිරි වී තිබේ. මෙම සංඛ්‍යා ලේඛණ මීට වසර 13 කට පෙර මෙරට වැසි වනාන්තරවල තත්ත්වය වන අතර අද වන විට තේ වැනි වාණිජ වගා බිම් ව්‍යාප්ත කිරීමට සැලකිය යුතු වැසි වනාන්තර ප්‍රමාණයක් ඉවත් කර තිබේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1996 වසරේ වාර්තා වලට අනුව වන ආවරණය සියයට 29.6 ක් නැතහොත් හෙක්ටයාර 19,42,219 ක් බව සඳහන් වේ. 2010 වසරේ දී අවසන් වරට සිදු කළ වන ආවරණය පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යයන වාර්තා වලට අනුව ලංකාවේ වන ආවරණය සියයට 29.7 ක් නැතහොත් හෙක්ටයාර 19,51,472 ක් බව සඳහන් වේ. මෙම එක් එක් අධ්‍යයන වල දී වනාන්තර හා වනාන්තර දර්ශ පිළිබඳ ව එක් නිර්ණායකයක් මත පදනම් ව අධ්‍යයන සිදු කර නොමැති බැවින් වන වැස්මේ ප්‍රතිශතය පිළිබඳ ව නිවැරදි සංසන්දනාත්මක අවබෝධයක් ලබා ගත නොහැකි ය.

උතුරු – නැගෙනහිර පැවති යුද්ධය අවසන් වීමෙන් පසුව 2009 හා 2010 වසර වල නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ මැදිහත් වීම මත පානම ප්‍රදේශයේ ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර එම ඉඩම් ආරක්ෂක අංශ සතු කර ගැනින. පොදුවේ පානම ලෙස හැදින්වෙන ශාස්ත්රවෙල, රාගම්වෙල, එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය යන ගම්මාන වල ජීවත් වූ ජනතාව ගේ ජනාවාස, වගා බිම්, විහාරස්ථාන සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර, කඩොලාන වනාන්තර, කලපු හා වෙරළ තීරය ඇතුළු ව අක්කර 1220 ක භූමියක් බලහත්කාරයෙන් ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගැනින. ඒ අනුව ශාස්ත්රවෙල හා රාගම්වෙල ප්‍රදේශයේ ඉඩම් ගුවන් හමුදාව සහ එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය ප්‍රදේශයේ ඉඩම් නාවික හමුදාවේ භාරයට පත් විය. මේ ප්‍රදේශවල ජනාවාස හා වගා බිම් අක්කර 480 ක් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර අක්කර 840 ක් මෙලෙස නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් රදවා ගෙන තිබේ.





වර්තමානයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කරන ඇහැටුවැව හිටපු ප්‍රාදේශීය ලේකම් රේණුකා පී. විජේරූප විසින් වලත්වැව රාහුල හිමියන්ට මෙම ඉඩම් ජාවාරම සඳහා ව්‍යාජ සන්නසක් සකසා දී ඇති අතර එය භාවිත කර මෙම දැවැන්ත ඉඩම් ජාවාරම සිදු කරනු ලැබේ.
අඹන්පොල පොලීසියේ ස්ථානාධිපති විසින් කිරිබත්පැලැස්ස ප්‍රදේශයේ කොණ්ඩගල කන්ඳ වටා පිහිටි අක්කර 8 ක වනාන්තර භූමියක් සූර්ය බලශක්ති බලාගාරයක් ඉදි කිරීම සඳහා ලබා ගෙන ඇත්තේ ද ආරියපාල ගේ සම්බන්ධීකරණය යටතේ ය.
අතරගල්ල ව්‍යාපාරය යටතේ මෙම ප්‍රධාන වැව් තුනට අමතර ව පාලුව වැව, අරසන් වැව හා වන්නිකුඩා වැව යන වැව් තුනට ද ජලය සැපයෙන අතර මේ සියලු වැව් වලින් අක්කර 4000 ක පමණ කුඹුරු ඉඩම් වගා කෙරේ. මෙම වැව් යටතේ අඹකොළ වැව, නිකවල යාය, සේරුගොඩ, අලුත් කොලනිය, වානේ කොලනිය, ඒරියාව, නාකොළගනේ, වෙහෙරගොඩයාය, යක්දෙස්සාව, පාලුකඩවල, කුරුන්දෑව, ජාගම, කට්ටකඩුව යන ගම්මානවල ගොවි පවුල් 1000 ක් පමණ වගා කටයුතුවල නිරත වේ.





