මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති අලි – ඇතුන් ගේ නිජබිම වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයට අයත් රහතන්ගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වනාන්තර බුත්තල ප්‍රාදේශීය ලේකම් රසික තිලකරත්න විසින් සමාගම් හා ව්‍යාපාරිකයන් ගණනාවකට නීති විරෝධී ව බදු දීම පිළිබඳ ව පසුගිය දිනවල අප විසින් අනාවරණය කළෙමු. ඊට පිළිතුරු වශයෙන් බුත්තල ප්‍රාදේශීය ලේකම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කරන්නේ MWFC/1/2020 චක්‍රලේඛය මත පදනම් ව මේ ඉඩම් සමාගම්වලට බදු දීම සිදු කළ බව ය. ඒ අනුව පෙනී යන්නේ මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කළ බවට ඔවුන් විසින් පිළිගෙන ඇති බව ය. මෙම චක්‍රලේඛයට අනුව අලි – ඇතුන් ගේ නිජබිම් හෝ වනාන්තර හෝ යෝජිත රක්ෂිත ප්‍රදේශ බදු දීමේ කිසිදු හැකියාවක් නැත. 2020.11.04 වන දින ප්‍රකාශයට පත් කරන ලද මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම නතර කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය මගින් අභියාචනාධිකරණයේ ගොණු කළ අංක CAWRT/436/20 දරන රිට් නඩුකරයට අනුව ද මෙම චක්‍රලේඛය ක්‍රියාත්මත කිරීම අත්හිටුවා ඇත. එසේ තිබිය දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා බුත්තල ප්‍රාදේශීය ලේකම් එක් ව මෙම වනාන්තර ඉඩම් සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දීමේ ජාවාරම සිදු කර ඇත.
නීති විරෝධී චක්‍රලේඛය ද උල්ලංඝනය කිරීම
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ හිටපු ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර විසින් නිකුත් කළ නමුත් ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලද 2020.11.04 දින අංක MWFC /1/2020 දරන රජයේ අවශේෂ කැලෑ කළමනාකරණය සඳහා වන චක්රලේකයේ සඳහන් වන්නේ ද ආර්ථිකමය හා වෙනත් ඵලදායී කටයුතු සඳහා භාවිත කිරීමට ඉඩම් නිදහස් කිරීමේ දී වන අලි සංක්‍රමණික භූමි, ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීමේ කාර්යය සහ වන වැස්ම ඉහළ නැංවීම සඳහා භාවිත කළ හැකි ප්‍රදේශ, වෙනත් සුවිශේෂී කරුණු මත සංවර්ධන කාර්යයන් සඳහා භාවිත නොකළ යුතු භූමි ප්‍රදේශ පිළිබඳ ව අවධානය යොමු කළ යුතු බව සඳහන් වේ.
එපමණක් නොව මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක විසින් 2021.08.06 වන දින අංක 2/2021 දරන රජයේ ඉඩම් මැන වෙන් කිරීම සඳහා වන චක්‍රලේඛයේ සඳහන් වන්නේ 2020.11.04 දින අංක MWFC/1/2020 දරන චක්‍රලේඛය අනුව ප්‍රාදේශීය ලේකම් සතු වන ඉඩම් සියල්ල මැනීම් කර හඳුනාගැනීම සිදු කළ යුතු බව ය. අභියාචනාධිකරණය මගින් ක්‍රියාත්මක කිරීම අත්හිටවූ මෙම චක්‍රලේඛවල ද රජයේ වනාන්තර ඉඩම් බදු දීමේ ක්‍රියාවලියක් පිළිබඳ ව සඳහන් නොවේ. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි ක්‍රියාත්මක කිරීම අත්හිටවූ මෙම චක්‍රලේඛවලට අනුව දෙමලිය – වන්දම ප්‍රදේශයේ වනාන්තර ඉඩම් අක්කර 5500 ක් බුත්තල ප්‍රාදේශීය ලේකම් වෙත පවරා දී තිබේ. ඒ අනුව තහවුරු වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා බුත්තල ප්‍රාදේශීය ලේකම් එක් ව දෙමලිය – වන්දම – කුඩාඔය වනාන්තර ඉඩම් ජාවාරම සිදු කර ඇති බව ය.
වනාන්තර ඉඩම් ජාවාරමේ අහිතකර ප්‍රතිඵල
මෙම ඉඩම් ජාවාරම හේතුවෙන් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට හඳපානාගල වැව දක්වා අලින් සංක්‍රමණය වීම සිදු වන දෙමලිය – වන්දම වනාන්තර ප්‍රදේශය හා අලි – ඇතුන් 120 ක් පමණ නිජබිම් කර ගෙන දිවි ගෙවන මෙම වනාන්තර ප්‍රදේශය එම සතුන්ට අහිමි වී ඇත. මේ නිසා එම සතුන් තෙලුල්ල, ඇතිලිවැව, කිතුල්කොටේ, උල්කන්ඳ, හඳපානාගල සහ පැල්වත්ත ජනපද ලෙස පවතින බ්ලොක් 16 හා 14 යන ගම්මානවලට හා වගා බිම්වලට පිවිසීමෙන් දරුණු අලි – මිනිස් ගැටුමක් නිර්මාණය වී ඇත. එපමණක් නොව හෙක්ටයාර 2694 ක් පුරා ව්‍යාප්ත ව ඇති දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය තුළ හා ඊට මායිම් ව කඩවර වැව, පරළු වැව, දෙමලිය වැව, හුරත්ගමුව වැව හා ගුනේරිස් වැව පිහිටා තිබේ. බදු දී ඇති වනාන්තර ප්‍රදේශය මෙම වැව්වල මෙන් ම කිරිදි ඔයේ ජල පෝෂක ප්‍රදේශ වෙති. මීට අමතර ව මෙම වනාන්තර ප්‍රදේශය උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය යටතේ දෙමලිය – වන්දම වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා වී තිබුණි. නමුත් ඊට ප්‍රථම මේ සියල්ල සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දී විනාශ කර තිබේ.
වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම
දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය, දෙමලිය – කුඩාඔය යෝජිත රක්ෂිතය ලෙස නම් කර ඇති අතර 2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥාපනතේ 20(1) වන වගන්තියට අනුව රජයේ වනාන්තරයක් ලෙස මෙම ප්‍රදේශය පාලනය වේ. එම වගන්තියට අනුව එවැනි වනාන්තරයක ශාක කපා ඉවත් කිරීම, වගා කිරීම, තාවකාලික හෝ ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම හා පදිංචි වී සිටීම, මාර්ග සකස් කිරීම හා භාවිත කිරීම වරදකි. එවන් වරදකට අධිකරණයෙන් වරදකරුවකු කරන පුද්ගලයකු වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 5000 ත් 50,000 ත් අතර දඩයකට හෝ මෙම දණ්ඩනයන් දෙකට ම යටත් කළ හැකි ය. මෙම දඩුවමට අමතර ව රජයේ වනාන්තරයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් නියම කරන දඩයකට ද යටත් කළ හැකි ය. මෙම ආඥාපනතේ 20(2) වගන්තියේ සඳහන් වන ආකාරයට රජයේ වනාන්තරයක නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට ආධාර හා අනුබල ලබා දීම ද වරදක් වන අතර එවන් පුද්ගලයකු මෙම දඩුවම්වලට ම යටත් කළ හැකි ය.
වන අපරාධ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සඟවමින් එම ක්රියාවේ නිරත වන පුද්ගලයකු මෙම ආඥාපනතේ 48(1) වගන්තියට අනුව වරෙන්තුවක් නොමැති ව අත්අඩංගුවට ගත හැකි ය. මීට අමතර ව මෙම ආඥාපනතේ 53අ. වගන්තියට අනුව රජයේ වනාන්තරයක් නීති විරෝධී ව එළිකරන හෝ අල්ලා ගනු ලබන හෝ නීති විරෝධී ව හෝ අනවසරයෙන් සතු කර ගෙන ඇති අවස්ථාවක ඒ තැනැත්තා වරදකරුවකු වන අතර ඔහු එම වරද සම්බන්ධයෙන් වූ දඩුවමට අතිරේඛ ව එම ඉඩමෙන් නෙරපීමට ද යටත් විය යුතු ය. 1979 අංක 7 දරන රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනතේ විධිවිධානවලට අනුව අදාළ නෙරපීම් සිදු කළ යුතු ය. මෙය අදාළ ඉඩම පිහිටි ප්‍රදේශයේ වන නිලධාරීන් විසින් සිදු කළ යුතු ය.
මෙවන් වූ නීතිමය තත්ත්වයන් ගණනාවකට යටත් වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය බුත්තල ප්‍රාදේශීය ලේකම්, වන සංරක්ෂණ නිලධාරීන් හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර එක් ව සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දී ඇත්තේ කුමන පදනමක් මත ද යන්න ගැටළුවකි. නිලධාරීන් හා දේශපාලඥයන් විසින් සිදු කළ මෙම නීති විරෝධී ක්‍රියා සියල්ලට ම එරෙහි ව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය.
මේ සඳහා වැදගත් වන ප්රමුඛ නඩු තීන්දුවක් වන්නේ පටපිළිකන්ඳ නඩු තීන්දුවයි. ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් වන සංරක්ෂණ ආඥාපනත යටතේ පාලනය වන පටපිළිකන්ඳේ රජයේ වනාන්තර ඉඩමක් සඳහා වාර්ෂික බලපත්‍රයක් ලබා දීමට එරෙහි ව අභියාචනාධිකරණයේ විභාග වූ සීඒ/රිට්/අංක 2047/2003 දරන රිට් නඩුකරයට අනුව ලබා දුන් රිට් ආඥාවේ සඳහන් වන්නේ අදාළ රජයේ වනාන්තර ඉඩම ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසට පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයේ ලේකම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂණ ජනරාල්වරයා වෙත නියෝග කළ බව ය. එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ එස්.සී. අංක 78/2006 දරන නඩුකරයට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාවයක් නොමැති ව රජයේ වනාන්තර ඉඩමක් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීම බලය ඉක්මවා කටයුතු කිරීමක් බවට තීන්දු කරමින් අභියාචනාධිකරණයෙන් ලබා දුන් තීන්දුව තවදුරටත් තහවුරු කරන ලදී. මෙවන් පූර්වාදර්ශ නඩු තීන්දු තිබිය දී බුත්තල ප්‍රාදේශීය ලේකම් දෙමලිය හා වන්දම ප්‍රදේශයේ රජයේ වනාන්තර ඉඩම් සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දීමෙන් සිදු කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවකි.
පරිසර හා පුරාවස්තු අණ පනත් උල්ලංඝනය කිරීම
සමාගම් විසින් හා ව්‍යාපාරිකයන් විසින් නීති විරෝධී ව බදු වශයෙන් ලබා ගත් ඉඩම් සංවර්ධනය කිරීම සිදු කර ඇත්තේ ද නීති විරෝධී ලෙස ය. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර් 1 කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්රිත නොවන කාර්යයක් සඳහා යොදා ගැනීමට ප්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමට ප්‍රථමයෙන් පාරිසරික බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. මෙම නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයකු පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. නමුත් මෙම වගන්තිවලට යටත් ව පනත ක්රියාවේ යෙදවිය යුතු මධ්‍යම පරිසර අධිකාරිය මෙම සමාගම් හා ව්‍යාපාරිකයන් විසින් සිදු කර ඇති කිසිදු නීති විරෝධී ක්‍රියාවකට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කර නොමැත.
මීට අමතර ව 1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥාපනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2001 අංක 1 දරන ව්‍යාපෘති කාර්යය පටිපාටි නියෝගවලට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් මෙම නීති උල්ලංඝනය කරමින් වනාන්තර විනාශ කරමින් මහ පරිමාණ වගා බිම් නීති විරෝධී ව පවත්වාගෙන යන කිසිදු සමාගමකට එරෙහි ව පුරාවස්තු ආඥා පනත ක්රියාවේ යොදවන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම
බුත්තල ප්‍රාදේශීය ලේකම් ඇතුළු ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම අණ පනත් උල්ලංඝනය කර රජයේ වනාන්තර ඉඩම් බදු දීමෙන් සිදු කර ඇත්තේ බල අතික්‍රමණය නැතහොත් අයුතු ලෙස බලය භාවිත කිරීමකි. මධ්‍යම පරිසර අධිකාරියේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අණ පනත් ක්රියාවේ නොයෙද වීමෙන් සිදු කර ඇත්තේ සාපරාධී නොකර හැරීමකි. එය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ සඳහන් 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර, සුරක්ෂිත කර, වැඩිදියුණු කළ යුතු ය යන ව්‍යවස්ථාව මේ මගින් උල්ලංඝනය කර ඇත.
දණ්ඩ නීති සංග්‍රහයට අනුව ද බුත්තල ප්‍රාදේශීය ලේකම් හා වන සංරක්ෂණ නිලධාරීන් සිදු කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවකි. දණ්ඩ නීති සංග්‍රහයේ 289 වන වගන්තියට අනුව ආඥාවකින් පැවරුණු යුතුකමක් නොකරහරින හෝ ඕනෑවට ම පැහැර හැරීම නීතියෙන් දඩුවම් නියම විය යුතු වරදකි. එම වරද සඳහා වන දඩුවම වන සංරක්ෂණ ආඥාපනතේ 20 වගන්තියට අනුව වන අපරාධයක් සිදු කිරීමට ආධාර හා අනුබල ලබා දීමේ දණ්ඩනය ම වේ. මීට අමතර ව දණ්ඩ නීති සංග්‍රහයේ නව වන පරිච්ඡේදයේ 158 වන වගන්තියට අනුව යම් නිල කාර්යයක් නොකර සිටීමට තුටු පඩුරක් ලබා ගැනීම අවුරුදු 3 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයකට හෝ එම දඩුවම් දෙකට ම යටත් කළ හැකි වරදකි.
මේ සියලූ ම නීති මගින් උත්සාහ දරන්නේ රටේ ජනතාව ගේ හා සමස්ත ජෛව ප්‍රජාව ගේ රැකවරණය හා අනාගත පැවැත්ම තහවුරු කිරීම ය. එපමණක් නොව කෘෂි කර්මාන්තයේ නිරත සුළු පරිමාණ ගොවීන් ගේ වගා බිම්වල ජල සුරක්ෂිතතාව තහවුරු කර රටේ ජනතාව ගේ ආහාර ස්වෛරීභාවය තහවුරු කිරීම ය. ඒ සඳහා ජල පෝෂක වනාන්තර හා වන සතුන් ගේ වාසස්ථානවල සුරක්ෂිතතාව තහවුරු කළ යුතු වේ. එම සියලු තත්ත්වයන් ගොඩනැගීමට නීතියේ ආධිපත්‍යය හා ප්රජාතන්ත්රවාදී පාලන ව්‍යුහයක් රට තුළ ස්ථාපිත කළ යුතු ය. එවැනි ක්‍රියාවලියක් ඇති කිරීමට වත්මන් ආණ්ඩුව සැබෑ උත්සාහයක් දරන්නේ නම් කළ යුතු ව ඇත්තේ මේ ආකාරයෙන් නීති විරෝධී ව බදු දී ඇති රජයේ වනාන්තර සියල්ල නැවත අත්පත් කර ගෙන, අලි – ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය වන පරිදි ඉදි කර ඇති සියලු විදුලි වැටවල් ඉවත් කර, එම ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් කර නැවත වනාන්තර ප්‍රතිස්ථාපනය වීමට ඉඩ සැලැස්වීම ය. එපමණක් නොව එම රජයේ වනාන්තර සියල්ල කඩිනමින් රක්ෂිත බවට ප්‍රකාශයට පත් කිරීම කළ යුතු ය. ඒ අතරතුර පසුගිය කාල සීමාවේ දී සිදු කළ සියලූ ම නීති විරෝධී ක්‍රියා අනාවරණය කර ගැනීමට විගණන විමසුම් ද සිදු කළ යුතු වේ. ඒ අනුව වැරදි කළ සියලූ ම නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. ඒ සඳහා වන තීන්දු තීරණ ගැනීම වත්මන් රජය විසින් කඩිනමින් කළ යුතු ව ඇත. නමුත් ඒ වෙනුවට වගා හානි කරන වන සතුන් පිළිබඳ ව සංගණනය කිරීමට ප්‍රමුඛතාව ලබා දීමෙන් පෙනී යන්නේ මෙම ගැටළු ඇති වීමට බලපාන ප්‍රධාන හේතු සාදක පිළිබඳ ව වත්මන් ආණ්ඩුව තව ම නිවැරදි ව අවබෝධ කර ගෙන නොමැති බව ය. මේ නිසා වන සතුන් ගේ වාසස්ථාන විනාශය හා වාසස්ථාන ඛණ්ඩනය කිරීම අලි – මිනිස් ගැටුම හා වන සතුන් ගෙන් වන වගා හානි වර්ධනය වීමට බලපාන ප්‍රධාන හේතු සාධකය බව අද හෝ වත්මන් ආණ්ඩුව අවබෝධ කර ගෙන ඒ සඳහා විසඳුම් සෙවීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව අපි අවධාරණය කරමු.



දෙමළිය – වන්දම අලි නිජබිම හා අලි මංකඩ බුත්තල ප්‍රාදේශීය ලේකම් සමාගම්වලට බදු දෙයි


වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම
සමාගම් විසින් හා ව්‍යාපාරිකයන් විසින් නීති විරෝධී ව බදු වශයෙන් ලබා ගත් ඉඩම් සංවර්ධනය කිරීම සිදු කර ඇත්තේ ද නීති විරෝධී ලෙස ය. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර් 1 කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්රිත නොවන කාර්යයක් සඳහා යොදා ගැනීමට ප්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමට ප්‍රථමයෙන් පාරිසරික බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. මෙම නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයකු පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. නමුත් මෙම වගන්තිවලට යටත් ව පනත ක්රියාවේ යෙදවිය යුතු මධ්‍යම පරිසර අධිකාරිය මෙම සමාගම් හා ව්‍යාපාරිකයන් විසින් සිදු කර ඇති කිසිදු නීති විරෝධී ක්‍රියාවකට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කර නොමැත.
බුත්තල ප්‍රාදේශීය ලේකම් ඇතුළු ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම අණ පනත් උල්ලංඝනය කර රජයේ වනාන්තර ඉඩම් බදු දීමෙන් සිදු කර ඇත්තේ බල අතික්‍රමණය නැතහොත් අයුතු ලෙස බලය භාවිත කිරීමකි. මධ්‍යම පරිසර අධිකාරියේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අණ පනත් ක්රියාවේ නොයෙද වීමෙන් සිදු කර ඇත්තේ සාපරාධී නොකර හැරීමකි. එය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ සඳහන් 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර, සුරක්ෂිත කර, වැඩිදියුණු කළ යුතු ය යන ව්‍යවස්ථාව මේ මගින් උල්ලංඝනය කර ඇත.

මේ සියලු තත්ත්වයන් පදනම් කර ගෙන අප විසින් මෙම රක්ෂිත වනාන්තරයේ පදිංචිකරුවන් යැයි සඳහන් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනවල දී කරුණු බොහොමයක් අනාවරණය කර ගත හැකි විය. එහි දී ප්‍රධාන වශයෙන් තහවුරු කර ගත හැකි වූයේ මෙම රක්ෂිතය තුළ ස්ථිර පදිංචිකරුවන් කිසිවකු නොමැති බව සහ රක්ෂිතය ආසන්නයේ හා ඊට නුදුරින් ස්ථිර පදිංචිය සහිත පුද්ගලයන් කිහිපදෙනෙකු සංරක්ෂිත වනාන්තරය තුළ පිහිටි වනාන්තර සීඝ්රයෙන් එළි කරමින් කුරුදු හා තේ වගා බිම් ව්‍යාප්ත කරන බව ය. ඉඩම්වල අයිතිය ලබා දීමට වෛද්‍ය නිශාන්ත සමරවීර මන්ත්‍රිවරයා හා ගාල්ල දිසා වන නිලධාරීවරයා කටයුතු කරන බවට ප්‍රකාශ වීමත් සමඟ ම අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදු කරන තොරතුරු ලේඛණ ලබා ගැනීමේ ක්‍රියාවලියට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම අනවසරින් ඉඩම් අත්පත් කර ගෙන වගා කටයුතු සිදු කරන ජනතාව විසින් සිදු කරයි. ඔවුන් විසින් ඥාතීන් ගේ නම්වලට ද ඉඩම් කැබලිවල තොරතුරු ඉදිරිපත් කරමින් සිටී. මීට ප්‍රථම අනවසර වගා කටයුතුවල නිරත ව සිටි පුද්ගලයන් ගණන 10 ක් පමණ වූ අතර වර්තමානය වන විට ඔවුන් විසින් 50 දෙනෙකු ගේ පමණ ව්‍යාජ තොරතුරු අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදු කරන අධ්‍යයනයේ තොරතුරු ලේඛණවලට ලබා දී තිබේ.
2011 වසරෙන් පසු ව මෙම රක්ෂිතය තුළ වනාන්තර එළිපෙහෙළි කර කුරුදු හා තේ වගා බිම් ව්‍යාප්ත කිරීමට සහයෝගය ලබා දී ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි. අල්ලස් ලබා ගනිමින් සංරක්ෂිත වනාන්තරයේ කොටස් භාවිත කිරීමට ඉඩම් ජාවාරම්කරුවන්ට අවස්ථාව ලබා දී ඇති අතර සමහර අනවසර වගාකරුවන්ට නඩු පැවරීම මගින් ද භූමිය භාවිත කිරීමේ අයිතිය ලබා දී තිබේ. එය සිදු කර ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අනවසර වගා කටයුතු සඳහා පමණක් නඩු පැවරීම සිදු කර ඉඩම් සන්තකය ආපසු පවරා ගැනීමේ නඩු පැවරීමෙන් වැළකී සිටීමෙනි. මේ ක්‍රියා සඳහා ද අනවසර වගාකරුවන්ගෙන් අල්ලස් ලබා ගැනීම අඛණ්ඩ ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කර ඇත. මේ නිසා මෙම රක්ෂිතය තුළ අනවසර වගා බිම් ව්‍යාප්තිය සීඝ්රයෙන් වර්ධනය වී තිබේ.
මෙවන් වූ සුවිශේෂී වනාන්තර පද්ධතියක් වීම නිසා ම 2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥාපනතේ 3අ.(1) වගන්තියට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, අක්මීමන, ඉමදූව හා හබරාදූව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල විහිදී ඇති වනාන්තර හෙක්ටයාර 546 ක් කොට්ටව – කෝඹල සංරක්ෂිත වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මෙම වගන්තියට අනුව සංරක්ෂිත වනාන්තරක් ලෙස ප්‍රකාශයට පත් කළ හැකි වන්නේ අනන්‍ය පරිසර පද්ධති, ජාන විද්‍යාත්මක සම්පත්, විරල හා ආවේණික ජීවීන්ට වාසස්ථාන සපයන වනාන්තර ය. එසේ සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කරන ප්‍රදේශයක් පනතේ 3අ.(2) වගන්තියට අනුව වන සංරක්ෂණ ජනරාල්වරයා ගේ පාලනයේ තිබිය යුතු ය. එපමණක් නොව 3අ.(3) වගන්තියට අනුව වන සංරක්ෂණ ජනරාල් විසින් සංරක්ෂිත වනය සඳහා කළමනාකරණ සැලැසුමක් ද සකස් අනුමත කර ගැනීමෙන් පසු ව එම අනුමත කළමනාකරණ සැලැසුමට අනුව සංරක්ෂිත වනාන්තරය පාලනය කළ යුතු වේ. මීට අමතර ව පනතේ 3ආ. වගන්තියට අනුව සංරක්ෂිත වනාන්තරයක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම අදාළ ප්‍රාදේශීය ලේකම් විසින් සංරක්ෂිත වනාන්තරයේ මායිම් ඇතුළු සියලු තොරතුරු ප්‍රසිද්ධ කළ යුතු ය.
රඹුක ගඟේ ආරම්භය ලෙස සැලකෙන සන්නන් දොළ මායිමේ හා එම දොළෙහි ආරම්භක භූගත දියදහරාවන් විනාශ කරමින් බැකෝ යන්ත්‍ර හතරක් උපයෝගී කර ගෙන මෙම මැණික් පතල් කැණීම් සිදු කරයි. රඹුක ගඟ, කුකුළේ ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන අතර එය කළු ගඟ පෝෂණය කරන අතු ගංගාවක් වේ. ලංකාවට ආවේණික හා ඉතා ම දුර්ලභ ජලජ ජීවීන් රැසක් වාර්තා වන මෙම ජල මාර්ග පද්ධතියට දැවැන්ත රොන්මඩ ප්‍රමාණයක් එක් කරමින් මෙම යාන්ත්‍රික පතල් කැණීම් සිදු කරයි.
මෙවන් ඉතා ම සංවේදී පරිසර පද්ධතියක යාන්ත්‍රික පතල් කැණීම සඳහා අනුමැතිය ලබා දීමෙන් සිදු වන හානි කර තත්ත්වය හා නීති විරෝධී තත්ත්වය පිළිබඳ ව කිසිදු අවබෝධයකින් තොර ව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් මේ සඳහා කැනීම් බලපත්‍ර නිකුත් කර ඇත. 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 32(2) උප වගන්තියට අනුව ප්‍රකාශිත 2006 ජූලි 17 වන දින අංක 1454/4 දරන ගැසට් නිවේදනය අනුව 2006 අංක 1 දරන වැලි හා මැණික් ගවේෂණය කිරීම, පතල් හෑරීම හා උකහා ගැනීම පිණිස උපකරණ භාවිතය තහනම් කිරීමේ ජාතික පාරිසරික නියෝගවලට අනුව තහනම් උපකරණ වන බැකෝ යන්ත්‍ර, බුල්ඩෝසර් යන්ත්‍ර හා උකහා ගැනීමේ යන්ත්‍ර භාවිත කර ගංගා තුළ හෝ ගං ඉවුරුවල හෝ ගංගා රක්ෂිතවල මැණික් කැණීම තහනම් වේ. ගංගා රක්ෂිත ලෙස සඳහන් වන්නේ මීටර 25 ට වඩා අඩු පළලක් සහිත දියපහරවල ඉවුරේ සිට මීටර 30 ක් හා මීටර 25 ට වඩා වැඩි පළලක් සහිත දියපහරවල ඉවුරේ සිට මීටර 60 ක් දක්වා පැතිර පවතින ගංගා දෙපස ප්රදේශයයි. මේ අනුව සන්නන් දොළ මායිමේ යාන්ත්‍රික පතල් කැණීම සඳහා බලපත්‍ර ලබා දීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට හැකියාව නොමැත.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 15(1) වගන්තියට අනුව රජයේ හෝ පෞද්ගලික ඉඩමක මැණික් කැණීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් එක ම බලධරයා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි. එපමණක් නොව එම පනතේ 15(2) වගන්තියට අනුව බලපත්‍රයක් නොමැතිව කුමන ආකාරයක හෝ මැණික් පතල් කැණීමක් සිදු කළ නොහැකි ය. පනතේ 15(4)(ආ)(ii) හා (iii) වගන්තිවලට අනුව බලපත්‍රයේ කොන්දේසිවලට හා නියමයන්ට යටත් ව කැණීම් කටයුතු සිදු කළ යුතු අතර ලබා දෙන බලපත්‍රය මාස 12 ක කාලයක් සඳහා පමණක් වලංගු වේ. මෙම පනතේ 15(6) හා (7) වගන්තිවලට අනුව බලපත්‍රයක කොන්දේසි හා නියමයන් පැහැරහරින අවස්ථාවක එම බලපත්‍රය අවලංගු කිරීමේ බලය මෙම අධිකාරියට ඇත. පනතේ 48(1) වගන්තියට අනුව බලපත්‍රයක් සහිත ව හෝ රහිත ව සිදු කරන මැණික් කැණීම් භූමියකට ඇතුළු වීම හා පරීක්ෂා කිරීමේ බලය අධිකාරියට හා අධිකාරිය විසින් බලය පවරන අයකුට හැකියාව ඇත. 48(2) වගන්තියට අනුව මැණික් කැණීම් භූමියකට ඇතුළු වීම සඳහා බාධා කිරීම හෝ බලපෑම් කිරීම සිදු කරන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් දසදහසක් දක්වා දඩයකට හෝ මාස 6 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 47 වන වගන්තියේ සඳහන් වන ආකාරයට මෙම පනතේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා එම අධිකාරියට වෙනත් රාජ්‍ය නිලධාරීන්ට බලය පැවරිය හැකි ය. ඒ අනුව 2013.10.16 වන දින අංක IGP/Fax/IN/1634/2014 දරන ලිපිය මගින් එම බලය පොලිස් නිලධාරීන්ට හා පොලිස් විශේෂ කාර්යය බලකායේ කඳවුරු භාර නිලධාරීන්ට පවරා ඇත. 2015.05.11 වන දින පොලිස් චක්‍රලේක අංක 2542/2015 අනුව බලපත්‍ර නොමැති ව නීති විරෝධී ව මැණික් කැණීම් සිදු කරන ස්ථාන වැටලීමේ හා එවන් නීති විරෝධී ක්‍රියාවන්වල නිරත පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමේ බලය පිළිබඳ ව සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.
මෙවන් ඉතා ම සංවේදී පරිසර පද්ධතියක යාන්ත්‍රික පතල් කැණීම සඳහා අනුමැතිය ලබා දීමෙන් සිදු වන හානි කර තත්ත්වය හා නීති විරෝධී තත්ත්වය පිළිබඳ ව කිසිදු අවබෝධයකින් තොර ව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් මේ සඳහා කැනීම් බලපත්‍ර නිකුත් කර ඇත. 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 32(2) උප වගන්තියට අනුව ප්‍රකාශිත 2006 ජූලි 17 වන දින අංක 1454/4 දරන ගැසට් නිවේදනය අනුව 2006 අංක 1 දරන වැලි හා මැණික් ගවේෂණය කිරීම, පතල් හෑරීම හා උකහා ගැනීම පිණිස උපකරණ භාවිතය තහනම් කිරීමේ ජාතික පාරිසරික නියෝගවලට අනුව තහනම් උපකරණ වන බැකෝ යන්ත්‍ර, බුල්ඩෝසර් යන්ත්‍ර හා උකහා ගැනීමේ යන්ත්‍ර භාවිත කර ගංගා තුළ හෝ ගං ඉවුරුවල හෝ ගංගා රක්ෂිතවල මැණික් කැණීම තහනම් වේ. ගංගා රක්ෂිත ලෙස සඳහන් වන්නේ මීටර 25 ට වඩා අඩු පළලක් සහිත දියපහරවල ඉවුරේ සිට මීටර 30 ක් හා මීටර 25 ට වඩා වැඩි පළලක් සහිත දියපහරවල ඉවුරේ සිට මීටර 60 ක් දක්වා පැතිර පවතින ගංගා දෙපස ප්රදේශයයි. මේ අනුව සන්නන් දොළ මායිමේ යාන්ත්‍රික පතල් කැණීම සඳහා බලපත්‍ර ලබා දීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට හැකියාව නොමැත.
1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ මූලික අර්ථනිරූපනයේ දැක්වෙන්නේ මැණික් කර්මාන්තය විධිමත් කිරීම සඳහා මෙම පනත ක්‍රියාත්මක වන බව ය. මෙම පනතේ 2(1) වගන්තිය යටතේ පිහිටුවා ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මැණික් කර්මාන්තය විධිමත් කිරීමට කටයුතු කරනවා වෙනුවට ඒ මගින් දැවැන්ත විනාශයන් ඇති කරමින් ස්වාභාවික පරිසර පද්ධති හා ජන දිවිය බිඳ වැටීමට හේතු වන ආකාරයෙන් ව්‍යාපාරිකයන්ට කටයුතු කිරීමට අවස්ථාව සකස් කර දෙන ආකාරය මේ මගින් පෙනී යයි. 2020 ජනවාරි 14 වන දින දරන විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදු කර ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව විශ්ලේෂණය කර බැලීමේ දී ද පෙනී යන්නේ එම අධිකාරියෙන් නීති විරෝධී මැණික් කැණීම්වලට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් ව සිදු කර නොමැති බව ය. නමුත් ඒ වෙනුවට මෙම අධිකාරියේ නිලධාරීන් මහ පරිමාණයෙන් අල්ලස් ලබා ගැනීම සිදු කරන ආකාරය මෙම කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන් ගේ ප්‍රකාශ මගින් තහවුරු වේ.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 15(1) වගන්තියට අනුව රජයේ හෝ පෞද්ගලික ඉඩමක මැණික් කැණීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් එක ම බලධරයා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි. එපමණක් නොව එම පනතේ 15(2) වගන්තියට අනුව බලපත්‍රයක් නොමැතිව කුමන ආකාරයක හෝ මැණික් පතල් කැණීමක් සිදු කළ නොහැකි ය. පනතේ 15(4)(ආ)(ii) හා (iii) වගන්තිවලට අනුව බලපත්‍රයේ කොන්දේසිවලට හා නියමයන්ට යටත් ව කැණීම් කටයුතු සිදු කළ යුතු අතර ලබා දෙන බලපත්‍රය මාස 12 ක කාලයක් සඳහා පමණක් වලංගු වේ. මෙම පනතේ 15(6) හා (7) වගන්තිවලට අනුව බලපත්‍රයක කොන්දේසි හා නියමයන් පැහැරහරින අවස්ථාවක එම බලපත්‍රය අවලංගු කිරීමේ බලය මෙම අධිකාරියට ඇත. පනතේ 48(1) වගන්තියට අනුව බලපත්‍රයක් සහිත ව හෝ රහිත ව සිදු කරන මැණික් කැණීම් භූමියකට ඇතුළු වීම හා පරීක්ෂා කිරීමේ බලය අධිකාරියට හා අධිකාරිය විසින් බලය පවරන අයකුට හැකියාව ඇත. 48(2) වගන්තියට අනුව මැණික් කැණීම් භූමියකට ඇතුළු වීම සඳහා බාධා කිරීම හෝ බලපෑම් කිරීම සිදු කරන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් දසදහසක් දක්වා දඩයකට හෝ මාස 6 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

ජෛව විවිධත්ව සම්මුතියට අදාළ පාර්ශවකරුවන් ගේ 10 වන සමුළුවේ දී 2010 ඔක්තෝම්බර් මස 29 වන දින ජපානයේ නගෝයා නුවර දී සම්මත කරන ලද නගෝයා ප්‍රොටෝකෝලයට අනුව ජාන සම්පත් සඳහා ප්රවේෂය හා ප්රතිලාභ බෙදා ගැනීම පිළිබඳ ව මෙම සමුළුවේ දී වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් විය. මීට අමතර ව ජෛව විවිධත්ව සම්මුතියේ අටවන වගන්තිය යටතේ දැක්වෙන ස්ථානීය සංරක්ෂණයට අදාළ කොටසෙහි සඳහන් 8(j) වගන්තියට අනුව සාම්ප්‍රදායික දැනුම, නවෝත්පාදනයන් සඳහා භාවිත කිරීමට අදාළ කරුණු පදනම් කර ගනිමින් සමාගම් විසින් ජාන සම්පත් සහ ආදිවාසීන් හා ප්‍රාදේශීය ප්‍රජාව සතු සාම්ප්‍රදායික දැනුම ඉතා සූක්ෂම ව වාණිජ භාවිතයන් සඳහා අත්පත් කර ගැනීමට විශාල වෙහෙසක් ගන්නා ආකාරය මෙම සමුළුව තුළ නිරීක්ෂණය කළ හැකි විය. ඒ සඳහා ජපානය හා දකුණු අප්‍රිකාව ප්රමුඛ දියුණු රටවල සමාගම් ඇතුළු ව රාජ්‍ය නායකයන් විසින් වැඩි උනන්දුවක් ගන්නා ආකාරය පෙනෙන්නට තිබුණි.
මෙය පරාජය කිරීමට නම් මේ සියල්ල නිවැරදි ව අවබෝධ කර ගැනීම මෙන් ම ජනතාව ගේ ආහාර ස්වෛරීභාවය, කෘෂි කර්මාන්තය නව මුහුණුවරකින් සමාගම් ආධිපත්‍යයට නතු කර ගැනීමට එරෙහි ව පුළුල් ගැමි ගොවි ව්‍යාපාරයක් ගොඩනැංවිය යුතු ය. මේ තුළින් කෘෂි ජෛව සම්පත් සහ ඒ හා බැදුණු සාම්ප්‍රදායික දැනුම බහු ජාතික සමාගම්වල ග්‍රහණයට නතු කර ගැනීමේ සාහසික ප්රයත්නය පරාජය කළ යුතු ය.





සිමෙන්ති නිෂ්පාදනයට භාවිත කෙරෙන ප්‍රධාන අමුද්‍රව්‍ය වන හුණුගල් ලබා ගැනීමට අවශ්‍ය ගවේශන කටයුතු සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයෙන් මාස 24 ක වලංගු කාලයක් සහිත ව EL/213/R/3 අංක දරන ඛණිජ ගවේශන බලපත්‍රයක් 2012 ජූලි මස 20 වන දින නිකුත් කර තිබේ. මෙම බලපත්‍රය භාවිත කර ටෝකියෝ සමාගම විසින් පොන්නාවලී හා කිරාංචි ග්‍රාමනිලධාරී වසම්වල ව්‍යාපෘති ප්‍රදේශය සම්පූර්ණයෙන් ම ආවරණය වන පරිදි භූගත විදුම් 150 ක් පමණ සිදු කර ගවේශන කටයුතු සිදු කර ඇත. ජනතාව ගේ කුඹුරු ඉඩම් හා ලවණ වගුරු බිම් ආවරණය වන පරිදි භූගත විදුම් සිදු කර හුණුගල් ලබා ගත හැකි ප්‍රදේශ හඳුනාගෙන තිබේ. එහි දී ජනතාවට මෙම භූගත කැනීම් හා සම්බන්ධ තොරතුරු සහ සිමෙන්ති කර්මාන්තශාලාවට අදාළ තොරතුරු සැඟවීමට ද ටෝකියෝ සමාගම හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කටයුතු කර ඇත.
කෘෂි කර්මාන්තයේ නිරත ජනතාව මහ කන්නයේ වී ගොවිතැන සිදු කරන අතර ගොඩ බෝග වශයෙන් ලූණු, කෙසෙල්, මඤ්ඤොක්කා, මෑකරල්, බටු, රටකජු, උදු වැනි බෝග වගා කරයි. ඊසානදිග මෝසම් සුළං මගින් වර්ශාව ලැබෙන මෙම ප්‍රදේශයේ මහ කන්නයේ දී වැසි ජලයෙන් වී ගොවිතැන සිදු කෙරේ. ධීවර කර්මාන්තයේ නිරත ජනතාව කලපු ආශ්රිත ව අපනයනය සඳහා මුහුදු කූඩැල්ලන් හා මුහුදු පාසි වගාව සිදු කරන අතර මාලුන් හා කකුළුවන් ද අපනයනය සඳහා ඇල්ලීම සිදු කරයි. කලපුව ආසන්නව සුළුපන්න ධීවරයන් හා ටෝලර් යාත්‍රා මගින් මුහුදු ධීවර කර්මාන්තයේ නිරත පිරිස් ද සිටී. සත්ත්ව පාලනයේ නිරත ජනතාව ප්‍රධාන වශයෙන් ම කිරි ගවයන් හා එළුවන් ඇති කිරීම සිදු කරයි. මෙම ප්‍රදේශයේ කිරි ගවයන් 20,000 ක් පමණ හා එළුවන් 10,000 ක් පමණ සිටී.
සිමෙන්ති නිෂ්පාදනය සඳහා ලවණ වගුරු බිම් ආශ්රිත හුණු ගල් කැනීම හේතුවෙන් දැවැන්ත වලවල් සැකසෙන අතර ඒවා ලවණ ජලයෙන් පිරීයාමෙන් භූගත ජලය ලවණීකරණය වීම වර්ධනය වීම නිසා ඒ ආශ්රිත සමස්ත ප්‍රදේශයේ ම භූගත ජලය ලවණීකරණය වීම නිසා වගා බිම් විනාශ වී ඒ හා බැඳුණු ජන දිවිය සම්පූර්ණයෙන් ම බිඳ වැටෙනු ඇත.
මෙම ව්‍යාපෘතියට ලබා ගැනීමට නියමිත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හෙක්ටයාර 227 ක් (අක්කර 568 ක්) පමණ වන වීරවන්ඩියන්මුනෙයි රජයේ වනාන්තරය පිහිටා තිබේ. මෙම වනාන්තර පද්ධතිය වෙරළබඩ වනාන්තර තීරය සමඟ මෙන් ම කලපු ආශ්රිත කඩොලාන හා සම්බන්ධ ව පවතී. මෙම සමස්ත ප්‍රදේශයේ ම අලි – ඇතුන් ජීවත් වේ. මේ ප්‍රදේශයේ පිහිටි වීරපාන්ඩියන්මුනෙයි කලපුව, නාගමුනෙයි කඩොලාන පද්ධතිය, කෝවිල්කඩ ලවණ වගුරු බිම් පද්ධතිය තුළ කලපු හා නොගැඹුරු මුහුදු සීමාවේ ජීවත් වන මත්ස්‍යයන් ඉස්සන් හා කකුළුවන් ගේ බෝවීම සිදු වේ. එපමණක් නොව මෙම ලවණ පරිසර පද්ධති සංක්‍රමණික පක්ෂි විශේෂවල ප්‍රධාන ගොදුරු බිමක් වේ. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වැඩි ම ලවණ වගුරු බිම් හා කඩොලාන වනාන්තර ව්‍යාප්ත ව ඇත්තේ මෙම ප්‍රදේශයේ ය.
ටොකියෝ සමාගමේ යෝජිත සිමෙන්ති කර්මාන්තශාලාව සඳහා අමුද්‍රව්‍යය ලෙස හුණු ගල් ලබා ගැනීමට නියමිත ව ඇත්තේ මෙම ලවණ වගුරු බිම් කැනීමෙනි. මිට අමතර ව නාගමුනෙයි, වලෙයිපාඩු ප්‍රදේශයේ ස්ථාපිත කරන කර්මාන්තශාලාවේ අපජලය බැහැර කිරීමට නියමිත ව ඇත්තෙ කෝවිල්කඩ ලවණ වගුරු බිම් පද්ධතිය හරහා සකස් කරන ඇළ මාර්ගයක් ඔස්සේ නාගමුනෙයි කඩොලාන පද්ධතිය ආශ්රිත වීරපාන්ඩියන්මුනෙයි කලපුවට ය. මේ හේතුවෙන් කඩොලාන, ලවණ වගුරු හා කලපු පද්ධතිය සම්පූර්ණයෙන් ම මෙම ව්‍යාපෘතියත් සමඟ ම විනාශයට ලක් වනු ඇත.
නිවාරණ මූලධර්මය නැතහොත් පූර්ව ආරක්ෂණ මූලධර්මය පිළිබඳ ව මේ ආකාරයෙන් විග්රහ කරනු ලැබුවේ චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන සූර්ය විදුලිබල උත්පාදන නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සුනිත්‍ය බලශක්ති අධිකාරිය පාරිසරික බලපෑම් තක්සේරුවක් සිදු කර නොමැති නිසා ඒ පිළිබඳ ව යොමු වීමේ ඇති අවශ්‍යතාවය, එහි වැදගත්කම හා ඒ සඳහා යොමු වීමට ඇති නෛතික තත්ත්වයන් අවධාරණය කිරීම සඳහා ය.
නමුත් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි චන්ද්‍රිකා වැවේ හා සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි කිරි ඉබ්බන් වැවේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමේ කිසිදු නෛතික ක්‍රමවේදයකට පිවිස නොමැත. නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී මෙම ව්‍යාපෘතියේ පූර්ණ ශක්‍යතාව හා ඉන් සිදු විය හැකි බලපෑම් හඳුනා ගැනීම මෙන් ම එම බලපෑම් පාලනය කිරීම සඳහා ක්‍රමවේද සකස් කිරීම යන පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ගයකට පිවිස නොමැත. සුනිත්‍ය බලශක්ති අධිකාරිය නීති විරෝධී ව, බලහත්කාරය භාවිත කර, රටේ නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් කර මේ ආකාරයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යොමු වීම වැරදි පූර්වාදර්ශ සමාජයට ලබා දීමකි.