නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් ඇය වෙනුවෙන් රජය දින තුනක් ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කර තිබේ . ඒ අනුව අද සිට 23  වන ද දක්වා ඇයට ගෞරව පිණිස රජයේ ශෝක දින කර තිබේ. 

ආචාර්ය විශාරද නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සම්බන්ධයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, ඇයගේ මෙම ඉල්ලීම්වලට පූර්ණ ගෞරවය දක්වමින් පවුලේ සාමාජිකයන් විසින් අවමංගල්‍ය කටයුතු සංවිධානය කර ඇති බවයි. 

ඒ අනුව ආචාර්ය නන්දා මාලිනිය සිය අවසන් කැමති පත්‍රය ඔස්සේ විශේෂ ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, ඇයගේ දේහය නිවසින් බැහැරව වෙනත් කිසිදු පොදු ස්ථානයකට මහජන ගෞරවය සඳහා රැගෙන නොයන ලෙස එහි පැහැදිලිවම සඳහන් කර ඇති බව පැවසේ. එමෙන්ම, අවමංගල්‍ය කටයුතු කිසිදු උත්සවශ්‍රීයකින් තොරව ඉතා චාම් අයුරින් සිදු කරන ලෙස දන්වා ඇති ඇය, තමා වෙනුවෙන් කිසිදු අවමංගල්‍ය සභාවක් පැවැත්වීම, ගුණකථන සිදු කිරීම හෝ ශෝක ප්‍රකාශ කියවීමක් නොකරන ලෙසට ද දැඩි ලෙස ඉල්ලා ඇත.

ආචාර්ය නන්දා මාලිනියගේ දේහය අද (සිකුරාදා) පෙරවරු 10.00 සිට නාවල පාරේ, විජයබා මාවතේ පිහිටි අංක 30 දරන “නන්දා මාලිනී සංගීත ආශ්‍රමය” වෙත රැගෙනවිත් තැන්පත් කෙරේ. මහජන ගෞරවය සඳහා දේහය සෙනසුරාදා පස්වරු 3.30 දක්වා එම නිවසේම තැන්පත් කර තැබෙනු ඇත. සෙනසුරාදා පස්වරු 3.30 ට දේහය නිවසින් බැහැර කර බොරැල්ල කනත්ත වෙත රැගෙන යාමට නියමිත අතර, එදින පස්වරු 5.00 ට ආදාහන කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...