Breaking News

විපක්ෂයේ ‘දක්ෂයෝ’

මේ දිනවල ආණ්ඩුවේ විවිධ තනතුරු සඳහා විපක්ෂය නියෝජනය කරන තවත් පුද්ගලයන් කිහිපදෙනෙක් සම්බන්ධ කරගැනීමට නියමිත බව කනින් කොනින් ඇසෙන්නට පටන් ගෙන තිබේ. ආණ්ඩුවේ මැති ඇමැතිවරුද එවැනි දෙයක් ගැන ඉඟි ලබාදෙමින් සිටියි.

රාජ්‍ය ආයතනවල සියලු තනතුරු පක්ෂයේ හිතවතුන්ගෙන් පුරවා ගැනීමේ පැරණි වැරදි සංස්කෘතිය තම රජය ප්‍රතික්ෂේප කරන බවත් රජයේ තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන්ගේ දේශපාලන පක්ෂය නොව, ඔවුන් සතු හැකියාව සහ දක්ෂතාවය පමණක් සලකා බලන නව දේශපාලන සංස්කෘතියක් රටේ ස්ථාපිත කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඔහු මේබව සඳහන් කළේ රූපවාහිනී වැඩසටහනකදීය.

කලින් පැවති රජයන් යටතේ රාජ්‍ය ආයතන තනතුරු බෙදා දීම පක්ෂ දේශපාලනය මත පදනම් වූ නමුත් වත්මන් රජය එම ක්‍රමය වෙනස් කර ඇති බවද ලේකම්වරයා පැවසීය. වත්මන් රජය යටතේ ක්‍රිකට් කමිටුව වැනි ආයතන සඳහා දක්ෂයන් පත් කර ඇති ආකාරය ඔහු නිදසුන් ලෙස පෙන්වා දී ඇත.

ටිල්වින් සිල්වා පවසන දෙයෙහි යම් සත්‍යක්ද තිබේ. විවිධ කාර්යන් සඳහා දක්ෂයන් සිටියි. නමුත් මේ ටිල්වින් සිල්වා ප්‍රකාශ කරන්නේ යම්කිසි රැකියාවකට බඳවා ගැනීමක් හෝ යම්කිසි කාර්ය සාධනය පෙන්වන දෙයක් දඳහා බඳවා ගැනීමක් නොවන බව පැහැදිලිය. මේ පවසන්නේ ආණ්ඩුව නියෝජනය කරමින් සිදුකරන කාර්යන් සඳහා සිදුකරනු ලබන පත්වීම් ගැනයි. උදාහරණයක් ලෙස ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදුකළ පත්කිරීම් වැනි දේවලුයි. එවැනි ආකාරයට ආණ්ඩුව නියෝජනය කරමින් සිදුකරනු ලබන පත්විමකදී දක්ෂතාවය පමණක් සළකා බැලිය හැකිද යන්න ප්‍රශ්නයකි. එනම් දක්ෂතාවය පමණක් සළකා ජාතික ජන බලවේගය ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූ ප්‍රතිපත්ති බල්ලට දැමිය හැකිද යන ප්‍රශ්නය මතුවේ.

leave a reply