අපයෝජන චෝදනා එල්ල වූ භික්ෂුව සිටින්නේ අධිකරණයටත් ඉහළින්ද?

14 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ලබන 22 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නැවතත් නියෝග කොට තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඒ මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ නවලෝක රෝහලේදී එම හිමිනම පරීක්ෂාවට ලක් කිිරීමෙන් අනතුරුවයි.

සැකකාර පල්ලේගම හේමරතන හිමි නවලෝක පෞද්ගලික රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට පෙර රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස නියෝග කළ අවස්ථාවේද මහේස්ත්‍රාත්වරයා පවසා තිබුනේ මෙම හිමියන් ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙසයි. නමුත් එය මෙතෙක් සිදුවී නැත.

ඒ අනුව බොහෝ දෙනෙක් ප්‍රශ්න කරමින් ඉන්නේ මෙම සැකකාර හිමිනම සිටින්නේ අධිකරණයටත් ඉහලින්ද යන්නයි. එසේම අධිකරණය නියෝගයක් ලබාදී තිබියදී පොලීසිය ඒ අනුව කටයුතු නොකරන්නේ මන්ද යන්න සොයා බලා ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම බලධාරීන්ගේ යුතුකමකි.

මෙම භික්ෂුවට ආණ්ඩුව සමඟ තිබෙන පෞද්ගලික සබඳතා හේතුවෙන් මේ ආකාරයට නීතිය නැවීමට හැකිවී ඇති බව එල්ලවන චෝදනාවකි. දැන් මේ වගකිවයුතු ආයතනවල ක්‍රියාකාරිත්වය දෙස බැලීමේදී එවැනි සැකයක් ඇතිවීම වැළක්විය නොහැක.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...