අපයෝජන චෝදනා එල්ල වූ භික්ෂුව සිටින්නේ අධිකරණයටත් ඉහළින්ද?

14 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ලබන 22 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නැවතත් නියෝග කොට තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඒ මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ නවලෝක රෝහලේදී එම හිමිනම පරීක්ෂාවට ලක් කිිරීමෙන් අනතුරුවයි.

සැකකාර පල්ලේගම හේමරතන හිමි නවලෝක පෞද්ගලික රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට පෙර රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස නියෝග කළ අවස්ථාවේද මහේස්ත්‍රාත්වරයා පවසා තිබුනේ මෙම හිමියන් ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙසයි. නමුත් එය මෙතෙක් සිදුවී නැත.

ඒ අනුව බොහෝ දෙනෙක් ප්‍රශ්න කරමින් ඉන්නේ මෙම සැකකාර හිමිනම සිටින්නේ අධිකරණයටත් ඉහලින්ද යන්නයි. එසේම අධිකරණය නියෝගයක් ලබාදී තිබියදී පොලීසිය ඒ අනුව කටයුතු නොකරන්නේ මන්ද යන්න සොයා බලා ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම බලධාරීන්ගේ යුතුකමකි.

මෙම භික්ෂුවට ආණ්ඩුව සමඟ තිබෙන පෞද්ගලික සබඳතා හේතුවෙන් මේ ආකාරයට නීතිය නැවීමට හැකිවී ඇති බව එල්ලවන චෝදනාවකි. දැන් මේ වගකිවයුතු ආයතනවල ක්‍රියාකාරිත්වය දෙස බැලීමේදී එවැනි සැකයක් ඇතිවීම වැළක්විය නොහැක.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...