අපි වැඩේ හරියටම කළා – ඇමරිකාව කියනවා , න්‍යෂ්ටික වැඩපිළිවෙළ දිගටම යනවා ඉරාකය පවසනවා 

GBU-57 MOP බෝම්බ හරහා ඉරාන න්‍යෂ්ටික කඳවුර වන ෆෝර්ඩෝ පුපුරුවා හරින ආකාරය එක්සත් ජනපදය නිකුත් කර ඇති වීඩියෝ දර්ශන හරහා සනාථ කරන්න උත්සහ කරනවා.   එම බෝම්බය අනෙකුත් බෝම්බ මෙන් නොව පසුව පුපුරා යන බව ඒ පිළිබඳව අදහස් දක්වන කොමසාරිස්වරයා පවසා සිටියා. කෙසේ වෙතත් ඉරානය පවසන්නේ ඇමෙරිකාව කුමක් ප්‍රකාශ කළද තමන්ගේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ඇමරිකාව කියන තරම් හානි සිදු කිරීමට හැකියාවක් නොලැබුණු බවයි . එපමණක් ද නොව ප්‍රහාරයට ප්‍රථම න් තමන් විසින් අත්‍යවශ්‍ය සියලු දේවල් එම ස්ථාන වලින් බැහැරට ගෙන ගිය බවද ඔවුන් පවසනවා .

ඇමරිකාව මේ යුද්ධයට මැදිහත් වන්නේ ඊශ්‍රායලය බේරා ගැනීමට බව  ඉරාන අධ්‍යාත්මික නායකයා ප්‍රකාශ කර තිබුණා .. ඇමෙරිකානු ප්‍රහාර හමුවේ තමන්ගේ න්‍යෂ්ටික අරමුණ ආපස්සට නොගන්නා බව පෙන්වා දෙන ඔහු නැවත ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමෙරිකාව සූදානම් වුවහොත් ඉරානය අවට තිබෙන ඇමෙරිකානු යුද මධ්‍යස්ථානවලට පහර දෙන බව ද අවධාරණය කළා. 

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...