මාධ්‍යවේදීන් පාලනය සඳහා හැඳුනුම්පත – ජනමාධ්‍ය අමාත්‍යාංශ ඉදිරිපිට විරෝධයක්

මාධ්‍යවේදීන්ට රජයේ මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරීමට එරෙහිව මැයි 27 වනදා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුවා.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ,මාධ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන් එම විරෝධතාව සංවිධානය කර තිබුණා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී විය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන මාධ්‍ය හැදුනුම්පත සහිත මාධ්‍යවේදීන්ට පමණක් බව විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා ප්‍රකාශ කළ අතර එම තත්ත්වය මත එතෙක් එම මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුටම මේ වන විට එම අවස්ථාව අහිමි වී තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන්ට ආයතනික මෙන්ම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය හැදුනුම්පත් තිබියදී රජය ඉහත තීරණය ගැනීම තුළ ඇත්තේ මාධ්‍ය මර්දනයක් බව විරෝධතාවට එක්වූවන් අවධාරණය කළා.

ඒ අනුව රජයේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ප්‍රෝඩාවක් බවද ඔවුන් පෙන්වා දෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...