මාධ්‍යවේදීන් පාලනය සඳහා හැඳුනුම්පත – ජනමාධ්‍ය අමාත්‍යාංශ ඉදිරිපිට විරෝධයක්

මාධ්‍යවේදීන්ට රජයේ මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරීමට එරෙහිව මැයි 27 වනදා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුවා.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ,මාධ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන් එම විරෝධතාව සංවිධානය කර තිබුණා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී විය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන මාධ්‍ය හැදුනුම්පත සහිත මාධ්‍යවේදීන්ට පමණක් බව විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා ප්‍රකාශ කළ අතර එම තත්ත්වය මත එතෙක් එම මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුටම මේ වන විට එම අවස්ථාව අහිමි වී තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන්ට ආයතනික මෙන්ම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය හැදුනුම්පත් තිබියදී රජය ඉහත තීරණය ගැනීම තුළ ඇත්තේ මාධ්‍ය මර්දනයක් බව විරෝධතාවට එක්වූවන් අවධාරණය කළා.

ඒ අනුව රජයේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ප්‍රෝඩාවක් බවද ඔවුන් පෙන්වා දෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

උතුරේ තවත් ලේඛකයෙකුගේ පොතක් රේගුව රඳවාගෙන

උතුරේ තවත් දෙමළ ලේඛකයකුගේ නව කතාවක් ශ්‍රී ලංකා රේගුව...

පොලිස් ඇමතිගෙ පම්පෝරි විතරයි – ඉෂාර ඝාතනය කළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන නැහැ

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී මියගිය...

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...