Breaking News

දරාගන්න බැරි කුණාටුවක් ආවම රූස්ස ගස් තමයි මුලින්ම ඉදිරිලා වැටෙන්නේ

මහිසංක අබේවික්‍රම

සොෆ්ට්වෙයා කොම්පැනි එකක වැඩ කරපු තරුණයෙක් සිය දිවි නසා ගැනීම නිසා ආයෙත් ඒ සම්බන්ධ මාතෘකා එලියට ඇවිත්.
සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකෙ වැඩ කරනකොට මානසික ආතතිය වැඩියි කියන එක බොරුවක් නෙමෙයි, නමුත් අද කාලේ බොහෝමයක් වැඩ කරන පරිසර වල ඒ සම්බන්ධව අවදානය යොමු කරලා තියෙනවා. විශෙෂයෙන්ම තමන්ගේ ටීම් එකේ තමන්ට රිපොර්ට් කරන ජූනියර් ඉන්ජිනියර්ස්ලා ගැන සොයා බලන එක ඒ කණ්ඩායම් නායකයන්ගේ වගකීමක්. මනුස්සයෙක් නිවාඩුවක් ගන්නේ නැතිව එහෙම අධික මහන්සියෙන් වැඩ කරන බව පේනවානම් කතා කරල බලෙන්ම හරි නිවාඩු ගන්න කියන්න උනත් පුළුවන්.

මට තේරෙන විදිහට මිනිස්සු ආතතියට ලක් වෙන්නේ ඉවරයක් වෙන්නේ නැති backlog (කරන්න ඕනි වැඩ ලැයිස්තුව) ඉවර කරන්න හිතාගෙන එක දිගට වැඩ කරන්න ගිහින් අසාර්තක වෙන එක. ජීවිතේ මූලිකව backlog 3ක් තියෙනවා මනුස්සයෙක්ට. රැකියාවෙ backlog එක, ගෙදර backlog (දරුවන්ට පව්ලේ අය වෙනුවෙන් කරන්න තියෙන වැඩ), තමන්ගේ පුද්ගලික backlog එක.

ඔතනින් පුද්ගලික backlog එකේ වැඩ තමයි ඕනි කෙනෙක් මුලින්ම අතහරින්නේ වැඩ වැඩි වෙනකොට (ඒකත් හේතුවක් වෙනවා ඊළඟට ජීවිතය අතෘප්තිමත් වෙන්න). අපිට රැකියාවෙ backlog එක පැත්තෙන් සහනයක් ඉල්ලන්න අමාරුවෙනවා අපි ගන්න පඩියට වැඩ කරන්න ඕනි නිසා. හැබැයි ආදායම ලොකු ගැටළුවක් නෙමෙයිනම් ඕනි වෙලාවක රැකියාවෙන් ඉවත් වෙන්න පුළුවන්. ( මම දන්නවා ගොඩක් අයට ඒක කියන තරම් ලේසි නැහැ කාන්තාවන්ට වඩා 4-5 ගුණයක් පිරිමි සිය දිවි නසා ගැනීමටත් මේක හේතුවක් කියලා කියනවා) . මේ දවස් වල රටේ තත්වයත් එක්ක ගෙදරට ආදයම ගේන පුද්ගලයාට අමතර ආතතියක් ඇති වෙන එක වලක්වන්න බැහැ. මොකද හැම පැත්තකින්ම අස්ථාවරභාවය කියන එක දැනෙමින් පවතින නිසා. ගෙදර backlog සම්බන්ධයෙන් පීඩනයක් එනවානම් ඒක පව්ලේ අයට කළමණාකරනය කරගන්න පුළුවන් වෙන්න ඔනි (එයාලට මේ පුද්ගලයා ඉන්න තත්වය තේරුම් ගන්න පුළුවන්නම්).

work life balance එක හැමෝම කත කරනවානේ මෙතනදි ආයතනයේ වගකීමක් තමයි work backlog life නැත්නම් family backlog එකට බලපෑමක් නොවෙන විදිහට වැඩ කරන එක. නමුත් family backlog එක නිසාත් පීඩනයකට ලක් වෙනවානම් work stress එකක් නැතත් මානසික ආතතියක් එන එක වළක්වන්න බැහැ.
ඒ නිසා තමයි මිනිසුන්ට පොතක් කියවන්න, ෆිලම් එකක් බලන්න. යාළුවෙක් ආශ්‍රය කරන්න වෙලාවක් තියෙන්න ඕනි කියන්නේ. වෙනදට යාළුවෝ එක්ක සෙට් වෙන්න ට්‍රිප් එකක් යන්න පැනගෙන එන තමන්ගෙ යාළුවා දිගින් දිගටම ඒවා මගහරිනවානම් හොයලා බලන්න වටිනවා. මොකද එහෙම දෙයක් හිතෙනවානම් නම් කෝල් එකක් දෙන්න කියලා අපි පෝස්ට් දැම්මට මම හිතන්නේ නැහැ ගොඩක් අයට ඒ සිතුවිල්ල ආවට පස්සේ කොච්චර හොඳ යාළුවෝ හිටියත් එහෙම කෝල් කරන්න කල්පනාවක් එයි කියලා.

අනිත් එක අපි හිතුවට අපේ යාළුවෝ ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනි කියලා ඒකත් තේරුම් ගන්න ඒ තරම් ලේසි නැහැ. මොකද හුළඟකටවත් හෙලෙවෙන්නෙ නැතිව අත්තක්වත් කැඩිලා වැටෙන්නේ නැතිව මහා ගොඩකට සෙවණ දීගෙන ඉන්න දැවැන්ත රූස්ස ගස් තමයි දරාගන්න බැරි කුණාටුවක් ආවම මුලින්ම ඉදිරිලා වැටෙන්නේ.

leave a reply