පොලිසියේ විෂමාචාර ක්‍රියා ගැන පැමිණලි 9000ක්

පසුගිය වසර 05ක කාලය තුළ පොලීසියට එරෙහිව පොලිස් කොමිසම වෙත මහජන පැමිණිලි 9295ක් ලැබී ඇති බව වාර්තා වේ. මෙම පැමිණිලි ලැබී ඇත්තේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, ව්‍යාජ චෝදනා එල්ල කිරීම්, පහරදීම්, වධ බන්ධනයට ලක් කිරීම්, පක්ෂපාති ලෙස ක්‍රියාකිරීමේ සිදුවීම්, බලය අයුතු ලෙස පාවිච්චි කිරීමේ සිදුවීම් සහ රාජකාරි නිසිපරිදි ඉටු නොකිරීමේ සිදුවීම් යන ආදිය සම්බන්ධයෙනි.

මේ සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකරන ඩේලි මිරර් පුවත්පත පවසන්නේ දිනකදී ලංකාවේ මහා මාර්ගවල සිදුවන සිදුවීම් දෙස බැලීමේදී පොලිසිය විසින් සිදුකරන විෂමාචාර ක්‍රියා ලැබී ඇති පැමිණිලි ප්‍රමාණයට වඩා වැඩිවිය යුතු බවයි.

කෙසේ වෙතත්, පුරවැසියන්ට කෲර සැළකීම ඇතුළු විෂමාචාර සම්බන්ධයෙන් නිලධාරීන්ට නඩු පවරනු ලබන්නේ කලාතුරකින් බවත් සුළු වශයෙන් වැරදිකරුවන් වන නිලධාරීන්ට සුළු විනයානුකූල පියවර හෝ අනතුරු ඇඟවීම් ලබා දෙනු ලබන බව මෙම පුවත් වාර්තාව පෙන්වා දෙයි. පොලිස් නිලධාරීන් තමන් සිදුකරන විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් වගකීමට සිදුවෙනු ඇති බව විශ්වාස නොකරන බව ද එම වාර්තාව පවසයි.

2015 ඔක්තෝම්බර් මාසයේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජාතික පොලිස් කොමිෂන් සභාව පිහිටුවන ලද්දේ පොලීසියේ නීති විරෝධී ක්‍රියාවන්ගෙන් සහ/හෝ අකාර්යක්ෂමතාවයෙන් මහජනතාව ආරක්ෂා කිරීමේ අරමුණ පෙරදැරිවයි. ඒ වෙනුවෙන් වාර්ෂිකව වැඩි වැඩියෙන් මහජන මුදල් වැය කෙරේ. නමුත් පොලිස් කොමිසම පිහිටුවීමේ අරමුණ කොතරම් දුරට ඉටුවී ඇද්ද යන කාරණය ප්‍රශ්නයක් බව ඩේලි මිරර් පුවත්පත වැඩිදුරටත් පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...