කුණු කන්ටේනර් අවසන් තොගය ආපසු යවයි

නීති විරෝධී ලෙස බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ආනයනය කළ අපද්‍රව්‍ය බහාලුම් තොගයේ අවසන් බහාලුම් 45 ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කිරීම අද (21) සිදු කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට එවූ මෙම කසළ අඩංගු කන්ටේනර් තොගයේ ඇත්තේ, පරිසරයට දැඩි බලපෑම් එල්ල කරන උපද්‍රවකාරී අපද්‍රව්‍ය බව මධ්‍යම පරිසර අධිකාරිය නිගමනය කිරීමෙන් අනතුරුව ගත් අධිකරණ ක්‍රියාමාර්ගයකින් අනතුරුව ඒවා ප්‍රති අපනයනය කිරීමට තීරණය කෙරිණි.

බාසල් (BASEL) සම්මුතියට ප්‍රකාරව මෙසේ දෙරටක් අතර අපද්‍රව්‍ය ප්‍රවාහනය කළ නොහැකි අතර, මෙම කන්ටේනර් තොගය යළි එක්සත් රාජධානිය බලා පිටත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. එලෙස මෙරටට ආනයනය කළ කන්ටේනර් සංඛ්‍යාව 100 කට අධිකය.

එහෙත් මෙම කන්ටේනර් මෙරටට ආනයනය කිරීමට මුල්වූ සමාගමට එරෙහිව ක්‍රියාමාර්ග ගත් බව මෙතෙක් වාර්තා වී නැත. එසේම මෙම කසළ තොගය මෙරට තුළ වසර තුනකට ආසන්න කාලයක් තිබුණි.

රිතානයේ සිට මෙරටට ආනයනය කළ සායනික අපද්‍රව්‍ය, පාවිච්චි කරන ලද මෙට්ට, ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ වර්ගීකරණය නොකල හා අන්තරායකර අපද්‍රව්‍ය අඩංගු බහාලුම් 2463ක් සොයා ගැනුණේ පසුගිය 2019 වසරේයි.

ඉන් බහාලුම් 133ක් කොළඹ වරායේ ගබඩා කර තිබූ අතර, අනෙක් බහලුම් 130 ඒ වන විටත් වරායෙන් නිශ්කාෂණය කර කටුනායක ආයෝජන කලාපයේ පෞද්ගලික ගබඩාවක තැන්පත් කර තිබූ බවයි අනාවරණ වුණේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...