ඩෙල්ටා ප්‍රබේදය සමාජයෙන් හමුවූ නිසා මාසයක් තුළ වේගයෙන් පැතිරයාමේ අනතුරක්

ඉන්දියාවෙන් වාර්තා වූ ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදිත පස්දෙනකු වාර්තා වූයේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්‍ෂණයකින් නිසා සමාජය තුළ එම ප්‍රභේදය ආසාදිත තවත් රෝගීන් සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා පවසයි.

එම ප්‍රභේදය සමාජය තුළින් හමුවූ නිසා මාසයක් වැනි කාලයක් තුළ වේගයෙන් පැතිර යාමේ අවදානමක් තිබෙන බව ද ඇය සඳහන් කරයි.

සුසී පෙරේරා මහත්මිය මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම සියයට 60කින් 70වකින් ඉහළ බව කී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බව ද සඳහන් කර තිබේ.

රටවල් ගණනාවක ඩෙල්ටා සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බව කී වෛද්‍යවරිය මෙරට රෝහල්වල ඇති ඇඳන් 86,000 අභිබවා කොවිඩ් රෝගීන් වාර්තා වුවහොත් ගැටලුවක් ඇතිවන බව ද වැඩිදුරටත් පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...