වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව වරාය වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹ සිටින අවස්ථාවකයි.

එසේම මේවනවිට නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදීමට තීරණය කර ඇති බවට ආණ්ඩු පක්ෂය විසින් සමාජ මාධ්‍ය ජාල හරහා විශාල ප්‍රචාරයක් ගෙනයමින් සිටියි.

අද පැවති වෘත්තීය සමිති ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් වෘත්තීය සමිති නියෝජිතයන් පවසා ඇත්තේ වරාය අමාත්‍යංශ ලේකම්වරයා නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදීමට තීරණය කර ඇති බව සඳහන් කරමින් ලිපියක් තමන්ට ලැබී ඇති බව දන්වා ඇති බවයි. තමන්ට එවැනි ලිපියක් ලැබී නොමැති බවත් පිළිගත් අත්සනක් සහිත ලිපියක් ලැබෙන තුරු තම සටන් ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයන බව ඔවුන් ඔවුන් පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...