වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව වරාය වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹ සිටින අවස්ථාවකයි.

එසේම මේවනවිට නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදීමට තීරණය කර ඇති බවට ආණ්ඩු පක්ෂය විසින් සමාජ මාධ්‍ය ජාල හරහා විශාල ප්‍රචාරයක් ගෙනයමින් සිටියි.

අද පැවති වෘත්තීය සමිති ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් වෘත්තීය සමිති නියෝජිතයන් පවසා ඇත්තේ වරාය අමාත්‍යංශ ලේකම්වරයා නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදීමට තීරණය කර ඇති බව සඳහන් කරමින් ලිපියක් තමන්ට ලැබී ඇති බව දන්වා ඇති බවයි. තමන්ට එවැනි ලිපියක් ලැබී නොමැති බවත් පිළිගත් අත්සනක් සහිත ලිපියක් ලැබෙන තුරු තම සටන් ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයන බව ඔවුන් ඔවුන් පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...