Breaking News

මව්කිරි දීමේ මවකගේ අයිතිය සහ කිරි බීමට දරුවෙකුට ඇති අයිතිය මේ ආණ්ඩුව කප්පාදු කරලා – නිදහස උදෙසා කාන්තාවෝ

“කිරිදෙන්න ඉඩදෙන්න” ප්‍රසූත නිවාඩු කප්පාදුව හකුළා ගන්නා ලෙසත්, පෙර පැවැති ප්‍රසූත නිවාඩු දින 84 ලබාදෙන ලෙසත් ඉල්ලා අද (22) වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්ව බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පවත්වන ලද මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නිදහස උදෙසා කාන්තාවෝ ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමාලි අබේරත්න පැවසුවේ,

“මව්කිරි දීම මවගේ අයිතියක් වගේම මව්කිරි බීම දරුවෙකුගේ අයිතියක්. ඒ අයිතිය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අහෝසි කරමින් ඉන්නවා. ගත් කතුවරයෙක් වූ මැක්සිම් ගෝර්කි කියලා තියෙනවා ලෝකයේ සියලු යහපත් දේ බිහිවෙන්නේ හිරුගේ කිරණින් සහ මවගේ කිරිවලින් කියලා. මේ ආණ්ඩුවට හරි මේ පාලකයන්ට හරි මවගේ කිරිවලින් බිහිවෙන යහපත් ලෝකයක් සහ යහපත් දරුවෙක් ඕන නෑ කියන තමයි අපිට දැනිලා තියෙන්නේ. ඒ නිසා තමයි මවගේ අයිතිය සහ දරුවාගේ අයිතිය උල්ලංඝනය කරමින් මේ වගේ නින්දිත තීරණයක් අරගෙන තියෙන්නෙ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන, රටවල් මාස 06ක කාලයක් දරුවෙකුට මව්කිරි ලබාදිය යුතු බවට තීරණයක් අරගෙන තියෙනවා. ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයත් ඒ තීන්දුවට එකඟව තමයි වැඩ කරන්නෙ. නමුත් ආණ්ඩුව මාස 06ක් මව්කිරි දීම කප්පාදු කරලා. අපිත් අම්මලා විදිහට මාස 06ක් මව්කිරි දුන්නා. නිරෝගී දරුපරපුරක් සමාජයට දායාද කරන්න මේ පාලකයන්ට ඕන නැද්ද? අපි විශ්වාස කරනවා ඔවුන්ට එහෙම ඕන නෑ කියලා. මේ පාලකයන්ට ඕනා මේ පාලනය ඔවුන්ට ඕන විදිහට ගෙනියන්න පුළුවන් මේ පාලනයට එරෙහි නොවන මොට දරුවෝ ටිකක් බිහි කිරීමයි. නමුත් අපි විශ්වාස කියනවා මව්වරුන්ට මේ දාපු බාධකය ඉවත් කරන්න ඕනා. ඒක මවකගේ අයිතියක්. දින 84 කියන්නෙ සති අන්ත නිවාඩු රජයේ දිනත් එකතු වෙලා අම්මට දින 84ට වඩා දින ගණනාවක් එකතුවෙනවා මව්කිරි දෙන්න. දරුවාගේ පෝෂණය සහ මව සහ දරුවා අතර ඇතිවෙන බැදීම ඇතිවෙන්නෙ නිසියාකාරව කිරි දීම හරහා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව රටේ හැමදෙයක්ම කප්පාදු කරමින් ඉන්න වෙලාවක මේකත් අරුමයක් නෙමෙයි. අපි කාන්තා සංවිධානයක් විදිහටමේ රටේ සාතිශය බහුතරයක් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබ තමයි ගෝඨාභය රාජපක්ෂගේ පාලනය බලයට ගෙන්න ඡන්දය ප්‍රකාශ කළේ. හැට නම ලක්ෂයක් අතරේ බහුතරයක් ඉන්නේ මේ රටේ කාන්තාවො. ඔබේ අයිතිය මේ කප්පාදු කරන්නේ. සමස්ථ ස්ත්‍රියගේ අයිතිය මේ කප්පාදු කරන්නේ. ඒ අයිතිය කප්පාදු කිරීමට එරෙහිව මහ පාරට එන්න. සටන් කරන්න. ඒ වගේම නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ලෙස අම්මලාගේ සහ දරුවන්ගේ අයිතිය කප්පාදු කිරීමට එරෙහිව සටන් කරනවා.”

leave a reply