කොරෝනා ආසාදිත ගුවන් නියමුවා සමඟ කටයුතු කළ පිරිසක් ස්වයං නිරෝධායනයට

කොරෝනා වයිරසය ආසාදනය වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවයේ කනිෂ්ඨ ගුවන් නියමුවා සමඟ කටයුතු කළ ගුවන් යානා කාර්යය මණ්ඩල තුනකට අයත් සාමාජිකයන් මේ වනවිට තම නිවෙස්වල ස්වයං නීරෝධායන කටයුතුවල නියැලී සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා පවසා තිබේ.

මෙම නියමුවා අවසන් වරට සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත තම ගුවන් යානය පදවා ගෙන පැමිණ ඇති බව ද දීපාල් පෙරේරා සඳහන් කර ඇත.

අදාළ නිලධාරියා පසුගිය සති අන්තයේදි 14 සහ 15 දෙදින සිමියුලේටර් පුහුණු මධ්‍යස්ථානයේ කටයුතු කර ඇති බවද හෙතෙම කීය .එහෙයින් එම මධ්‍යස්ථානයේ නිසි විෂබීජහරණය කරන තෙක් එම ගුවන්යානා පුහුණු මධ්‍යස්ථානයේ සිමියුලේටර් අංගනයේ සියලුම කටයුතු නවතා දැමූ බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...