Breaking News

ඉතාලියේ රස්තියාදුවක් ගැසූ අගමැති ගෙදර යන්නේ නැතිව සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කර ගැනීමට සිංගප්පූරු යයි .

සමන්සිරි හේරත්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ඉතාලි සංචාරය දැඩි කතා බහකට ලක් වී තිබුණා .මේ ඉතාලි සංචාරය පිළිබඳව දැනගත් මුල් අවස්ථාවේම ඊට විරෝධය පාමින් මුල් වෙඩි මුරමුරය පත්තු කළේ කාදිනල් මැල්කම් රංජිත් .ඔහුගේ විරෝධය ගොනු වුණේ මේ සංචාරය තුළදී අගමැති මහින්ද රාජපක්ෂ පාප්තුමා බැහැදැක 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධ සාවද්‍ය කරුණු ප්‍රකාශ කර පාප්තුමන් නොමඟ යවන්නට උත්සාහ දරන බවත් ඒ හරහා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉෂ්ම කිරීම පසෙකින් තබා එය යට ගැසීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කිරීම සඳහා සූදානම් වෙන බවයි .පාප්ගේ මේ මාධ්‍ය වෙඩි සංදර්ශනය නරඹපු ඉතාලියේ ජීවත්වෙන කතෝලික ජනතාව සිතුවේ ඉතාලියේ ඉන්න කතෝලික පියතුමන්ලා එකතු කරගෙන කතෝලික ජනතාව ද කැටුව මහින්දට දැඩි විරෝධයක් එල්ල කරමින් පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් කරන්න සහ වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කරන්නට කියා මහින්දට එරෙහි දැඩි විරෝධයක් සංවිධානය කරයි කියලයි. කෙසේවෙතත් එහෙම දෙයක් වුණේ නැහැ .පාස්කු ප්‍රහාරයෙන් පසුව ගෙවුණු කාලය තුළ හැමෝම කළේ මේ ප්‍රහාරය තමන්ගේ වුවමනාවන් සහ පැවැත්ම වෙනුවෙන් යොදා ගැනීමයි. කෙසේ වෙතත් කුමන දේශපාලන අරමුණක් තිබුණත් මහින්දගේ ඉතාලි සංචාරයේ දී ඔහුට එරෙහිව අසංවිධිත සහ දේශපාලන අරමුණක් වෙනුවෙන් රාජපක්ෂ සහභාගි වන සමුළුව ආසන්න ප්‍රදේශයේ දී විරෝධතාවයක් පවත්වන්නට ශ්‍රී ලාංකික ප්‍රජාව කටයුතු කලා. එම විරෝධතාවයෙන් පසුව රාජපක්ෂට පක්ෂපාතිත්වය ඇති පුංචි පුංචි ඒකරාශී වීම සහ මහින්ද රාජපක්ෂ නැවතී සිටි හෝටලය ඉදිරිපිට ඒකරාශී වෙමින් ඔහු එළියට බසින විට ජය ඝෝෂා නගන පුංචි කණ්ඩායම් කීපයක් තමන්ගේ නායකයාව රැකගැනීමේ උත්සාහයන් වල නිරත වී සිටියා.

මහින්දගේ මෙම ඉතාලි සංචාරය තුළ රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳ පුළුල් උවමනාවක් හෝ දැක්මක් තිබුණේ නෑ. සම්පූර්ණයෙන්ම මෙම සංචාරය රස්තියාදුකාර සංචාරයක් ලෙස තමයි සිද්ද උනේ. “G20 ඉතාලියේ පවතී අන්තර් ආගමික සමුළුව අගමැතිවරයා නියෝජනය කිරීම අනිවාර්යෙන් සිදු කළ යුතු ලංකාවට රාජතාන්ත්‍රික වටිනාකමක් ලැබෙන සමුළුවක් නොවෙන බව ඉතාලි මාධ්‍ය එම සමුළුව වාර්තා කර තිබුණු ආකාරයෙන් අපට පෙනී යනවා. ඉතාලියේ ප්‍රධාන මාධ්‍ය මෙම සමුළුව පිළිබඳ ව පුළුල් ප්‍රචාරයක්ද ඊට සහබාගි වෙන ය පිලිබඳවා සඳහනක්ද කර තිබුනේ නැහැ . මෙම සමුළුවට මහින්ද රාජපක්ෂ සහභාගි වීම අනිවාර්යයක් නොවී තිබුණා සේම මෙම සමුළුවට මුවාවී රාජපක්ෂ වෙනත් වුවමනාවක් සඳහා ඉතාලියට පැමිණුනා දැයි කියන සැකය මතු වෙනවා. දින හතක් ඉතාලියේ රැඳී සිටි අග්‍රාමාත්‍යවරයා රටට හිතකර කිසිදු රාජ්‍ය තාන්ත්‍රික හමු වීමක් හෝ සබඳතාවයක් ගොඩනගා ගත් බවට පුවතක් පල වන්නේත් නැහැ. සංචාරය තුළ දී ඉතාලි රජයේ ප්‍රධාන පෙළ කිසිවෙකුත් අග්‍රාමාත්‍යවරයා හමුවී නැහැ.

කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යාම හේතුවක් කොටගෙන ලංකාව තුළ මතුව ඇති ආර්ථික ගැටළු අද වන විට රට තුළ ගැටලු නිර්මාණය කරමින් ජන ජීවිතය අඩාල කරමින් පවතින වටපිටාවක් තුළ අගමැතිවරයාගේ මෙම ඉතාලි සංචාරය සහ ඔහු නියෝජනය කිරීමට පැමිණි සමුළුවෙන් රටට සිදුවන වාසිය කුමක්ද යන්න පිළිබඳව සොයා බැලීම වැදගත් වෙනවා .රට දරුණු ආර්ථික අගාධයක වැටී තිබෙන මොහොතක අගමැතිවරයා විශාල මුදලක් වැය කරමින් තම පවුලේ උදවිය ද කැටුව පැමිණි මෙම සංචාරය ප්‍රශ්න කළ යුතුයි.

දැනගන්නට තිබෙන ආකාරයට මහින්ද රාජපක්ෂ ඉතාලියට පැමිණ කර තිබෙන්නේ සමුළුවට සහභාගි වීම සහ තම පාක්ෂිකයන් හමුවීම පමණයි. විදේශිකයන් ලෙස ජීවත්වෙන ඉතාලියේ ශ්‍රී ලාංකිකයන්ට රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු කිරීමේදී බොහෝ ගැටලුවලට මුහුණදීමට සිදුවී තිබෙනවා. සමහර ගැටලු තානාපති කාර්යාලය හරහා සිදුවෙන ගැටලු මෙන්ම ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලය හරහා මව් රටින් කරගත යුතු සේවාවන් මත නිර්මාණය වී තිබෙන ගැටලුයි . අගමැතිවරයාගේ මේ සංචාරයට අවම වටිනාකමක් හෝ එක් කර ගැනීමට අවස්ථාවක් තිබුණා නම් සමස්ත ඉතාලියම ආවරණය වන පරිදි ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරන විවිධ සංවිධාන කණ්ඩායම් නියෝජිතයන් කැඳවා මේ ප්‍රශ්න ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට කාලයක් ඉතිරි වී තිබුණි. නමුත් රටේ මහජන මුදල් කාබාසිනියා කරමින් ඉතාලි සංචාරයක පැමිණි අගමැතිවරයා ඉතාලිය තුළදී කරේ රාජපාක්ෂික ගොට්ටන් කීපදෙනෙකු කැඳවා ඔවුන් ඉලියේ ශ්‍රී ලාංකික ජනතාව නියෝජනය කරන නියෝජිතයන් ලෙස හුවා දක්වමින් මාධ්‍යයට බොරු බේගල් ඇද බෑමයි. විශ්‍රාම වැටුප් මුසාවද එවැන්නකි.

මේ වන විට අගමැතිවරයා ඉතාලියෙන් නික්ම ගොස් තිබෙන අතර ඔහු සිංගප්පූරුව වෙත ගොස් ඇති බව වාර්තා වෙනවා. කොරෝනා වසංගතයේ හේතුවෙන් පීඩාවිඳින රටේ ජනතාවට සහන දෙන්න බැරිමේ තක්කඩි දේශප්‍රේමීන් කුමන දුෂ්කරතා තිබුණත් තමන්ගේ වුවමනාවන් සන්තර්පණය කර ගැනීම නවතා නැත. ආරංචිමාර්ග සඳහන් කරන හැටියට අගමැතිවරයා සිංගප්පූරුව කරා ගොස් තිබෙන්නේ මන්ගේ සෞඛ්‍යය තත්වය පරික්ෂා කර ගැනීමටයි.

අග්‍රාමාත්‍යවරයාගේ ඉතාලි සංචාරය වැදගත් අවස්ථා කීපයක්

 

leave a reply