අටලුගමදී පොලිසියට පහරදුන් බවට චෝදනා එල්ලවූ පිරිස රක්ෂිත බන්ධනාගාර ගතකරයි

බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කොට අත්අඩංගුවට ගත් හය දෙනාගෙන් පස් දෙනෙකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය අද (10) නියෝග කර තිබේ.

එම්.අර්. ෆාතිමා , එම්.එස්.සිත්ති මංසිලා , මොහොමඩ් මිහිලාර් හස්මන්ඩ් , මොහොමඩ් හුසේන් රිස්කාන් , අහමඩ් ජමල් දීන් යන පිරිස මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර 14 හැවිරිදි මොහොමඩ් රිෆාඊ හබ්සා නම් දැරියක් පරිවාස භාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත.

බණ්ඩාරගම, අටලුගම, මාරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට ඊයේ (09) ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කොට මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...