Breaking News

අටලුගමදී පොලිසියට පහරදුන් බවට චෝදනා එල්ලවූ පිරිස රක්ෂිත බන්ධනාගාර ගතකරයි

බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කොට අත්අඩංගුවට ගත් හය දෙනාගෙන් පස් දෙනෙකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය අද (10) නියෝග කර තිබේ.

එම්.අර්. ෆාතිමා , එම්.එස්.සිත්ති මංසිලා , මොහොමඩ් මිහිලාර් හස්මන්ඩ් , මොහොමඩ් හුසේන් රිස්කාන් , අහමඩ් ජමල් දීන් යන පිරිස මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර 14 හැවිරිදි මොහොමඩ් රිෆාඊ හබ්සා නම් දැරියක් පරිවාස භාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත.

බණ්ඩාරගම, අටලුගම, මාරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට ඊයේ (09) ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කොට මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

leave a reply