ඥානසාර හිමි තමන් පැහැරගත් බවට හිමිනමකගෙන් ස්විස් තානාපති කාර්යාලයට පැමිණිල්ලක්

අපේ ජනබල පක්ෂය මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව මුල් කරගනිමින් තමන් පැහැරගත් බව පූජ්‍ය අරඹේපොල රතනසාර නම් හිමි නමක් සඳහන් කර තිබේ.

තමන් පැහැරගන්නා ලද්දේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සහ අපේ ජන බල පක්‍ෂයේ සභාපතිවරයා විසින් බවද එම හිමියන් පවසා ඇත.

තමන් පැහැරගෙන ඔවුන් පිස්තෝලයකින් භාරදුන් බවද එනිසා තමන්ට තුවාල සිදුවූ බවද එම හිමියන් මාධ්‍ය වෙත පවසා ඇත.

කොළඹ ස්ථාන කිහිපයකම තමන් වහන්සේ හිර කර රඳවා තබා ගනිමින් පක්‍ෂයේ ලේකම් හිමියන් ගැන තොරතුරු විමසූ බවද අරඹේපොල රතනසාර හිමියන් පවසා ඇත.

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයට මේ සම්බන්ධයෙන් ලිපියක් භාර දීම සඳහා පැමිණි අවස්ථාවේදී එම හිමියන් මේ බව පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...