ඥානසාර හිමි තමන් පැහැරගත් බවට හිමිනමකගෙන් ස්විස් තානාපති කාර්යාලයට පැමිණිල්ලක්

අපේ ජනබල පක්ෂය මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව මුල් කරගනිමින් තමන් පැහැරගත් බව පූජ්‍ය අරඹේපොල රතනසාර නම් හිමි නමක් සඳහන් කර තිබේ.

තමන් පැහැරගන්නා ලද්දේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සහ අපේ ජන බල පක්‍ෂයේ සභාපතිවරයා විසින් බවද එම හිමියන් පවසා ඇත.

තමන් පැහැරගෙන ඔවුන් පිස්තෝලයකින් භාරදුන් බවද එනිසා තමන්ට තුවාල සිදුවූ බවද එම හිමියන් මාධ්‍ය වෙත පවසා ඇත.

කොළඹ ස්ථාන කිහිපයකම තමන් වහන්සේ හිර කර රඳවා තබා ගනිමින් පක්‍ෂයේ ලේකම් හිමියන් ගැන තොරතුරු විමසූ බවද අරඹේපොල රතනසාර හිමියන් පවසා ඇත.

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයට මේ සම්බන්ධයෙන් ලිපියක් භාර දීම සඳහා පැමිණි අවස්ථාවේදී එම හිමියන් මේ බව පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...