ලෝකයේ මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය වාර්තා වෙයි

පෘථිවියේ මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි “මරණයේ මිටියාවත” ලෙස හැදින්වෙන Death Valley ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වී තිබේ. පසුගිය ඉරිදා දින මෙම ප්‍රදේශයේ වාර්තා වී ඇති උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 130 ක් වේ.

ඇමරිකානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති ආකාරයට එය සෙලිසියස් අංශක 54.4 ක අගයකි. එහෙත් මෙය තවමත් නිල ලෝක වාර්තාවක් ලෙස පිළිගෙන නැත. එම පිළිගැනීමේ ක්‍රියාවලිය සඳහා මාසයකට ආසන්න කාලයක් ගතවෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මිට පෙර 1913 වර්ෂයේදී ද එම ප්‍රදේශයෙන් ෆැරන්හයිට් අංශක 134ක අගයක් ලෙස උෂ්ණත්ව අගය සටහන් වී ඇති අතර එම කාලගුණ වාර්තාව නිවැරදි නොවන බවයි කාලගුණ විද්‍යාඥයින් අතර මතබේද පවතියි.

කෙසේවෙතත් මෙම ප්‍රදේශය ලෝකයේ අධික උෂ්ණත්වයක් සහිත ප්‍රදේශයක් ලෙස සැළකේ

අමෙරිකාවේ, බටහිර වෙරළ තීරය හරහා පැමිණෙන තාප තරංග (Heatwave) හේතුවෙන් ඉදිරියේදී උෂ්ණත්ව අගය තවදුරටත් ඉහළ යාමේ අවධානමක් තිබෙන බව කාලගුණ බලධාරින් සඳහන් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...