Uncategorized අනුරගෙන් ඡන්දදායකයන්ට අනියමින් බලපෑම් වෙන බවට චෝදනා... Apr 19, 2025 3:33 am ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිවරණ ප්රචාරක රැස්වීම් වලට සහභාගි වෙමින් ඡන්දදායකයා වෙත අනිසි බලපෑමක් එල්ල කරන බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම මේ මොහොතේ තමන් සතුව පවතින ආණ්ඩු බලය උපයෝගී කරගෙන මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනතාවට වක්‍ර බලපෑම් එල්ල කරමින් සිටින බව අප ප්‍රකාශ කළේ අප්‍රියල් 8 වනදා "සමබිමක් නැති පළාත් පාලන මැතිවරණ භූමිය" යන ශීර්ෂ යටතේ ඉදිරිපත් කළ ලිපියෙනි. https://vivaranews.com/archives/55177 ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළ ගැබ්වී තිබෙන්නේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම ජයග්‍රහණය කරන පළාත් පාලන ආයතනවලට පැකිලීමකින් තොරව මුදල් ලබාදෙන බවත් වෙනත් කණ්ඩායමක් ජයග්‍රහණය කරන පළාත් පාලන ආයතන සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේදී දහස් වරක් සිතා බලන බවට දැන් කතාව වෙනස් කළද? මැතිවරණය ආරම්භ වූ මොහොතේ ඔහු ඇමතු ජන හමුවලදී කියා සිටියේ ජාතික ජන බලවේගයෙන්… Read more දේශීය පුවත් ඉන්දු ලංකා ගිවිසුම් අත්සන් තබා දින14 යි, තවමත් ඒවා ලැබුණේ නැහැ – පුබුදු ජයගොඩ... Apr 18, 2025 1:11 pm ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධිගේ ලංකා සංචාරය ශ්‍රී ලංක රජය සමඟ ගිවිසුම් හතකට අත්සන් තබනු ලැබුවා . මෙසේ මෝදි සමඟ අත්සන් තැබූ ගිවිසුම් හෙළිදරව් කරන්නට කියා සමාජය තුළ කතිකාවත නිර්මාණය වෙන්නේ මෝදිගේ පැමිණීමටත් ප්‍රථම සිටයි . වර්තමාන රජය මේ ගිවිසුම් පාර්ලිමේන්තුවේ සභාගත කරනවා වෙනුවට සිදු කරනු ලැබුවේ ඒවා පිළිබඳව ඔවුන්ගේ පැත්තෙන් කරුණු පැහැදිලි කිරීම පමණයි . දිගින් දිගටම මේ ගිවිසුම් පිළිබඳව විමසන විට ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශයට පත් වුණේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඕනෑම කෙනෙක්ට මේවා ලබා ගැනීමට හැකි බවයි . කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මිට සති දෙකකට ඉහත පැවති කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීත් කියා සිටියේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ කැමති අයට ලබා ගැනීමේ හැකියාව තියෙන බවයි . ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා youtube… Read more පුවත් තෝරදෙණිය ඉන්ද්‍රානන්දට වෙට්ටු දමන්නේ ඇයි... Apr 18, 2025 12:25 pm 1989 කාල වකවානුවේ හමුදාවේ හිටපු ඉහල නිලධාරීයකු වන "තෝරදෙණිය " "2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබද පනත " උපයෝගී කරගනිමින් පෞද්ගලිකව නඩුවක් පවරමින්, එම පනත යටතේ රෝහණ වීජේවීර ඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවකු වන ඉන්ද්‍රානන්ද සිල්වාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අධිකරණය හරහා තාවකාලිකව නවතා ඇත. මේ වන විට ඉන්ද්‍රානන්ද සිල්වා විජේවීර ඝාතනය සහ බටලන්ද වධකාගාරයේ ඝාතන සම්බධයෙන් සදහන් කරමින් එම ඝාතන පිලිබදව තමා සතුව වැදගත් සාක්ෂි ඇති බව ප්‍රකාශ කරමින්, එකී ඝාතන පිලිබදව වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙස ඉල්ලමින් CID ය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ. එවැනි පැමිනණිල්ලක් ඉදිරිපත් කර තිබියදි තෝරදෙණිය මේ උත්සාහය කරනුයේ අතීතයේ සිදු වූ අපරාධ පිලිබදව නැග එන සමාජ කතිකාව සහ ඔහුට එරෙහිව නැගෙන චෝදනාව. "2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබද පනත " උපයෝගී කරගනිමින්… Read more දේශීය පුවත් අනුර කුමාරගේ ප්‍රකාශයක් ගැන මැතිවරණ කොමිසමෙන් කතා දෙකක් කියයි... Apr 17, 2025 8:12 pm ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලියුමක් යවා ඇතැයි මව්බිම පුවත්පතේ පළ වූ පුවත සාවද්‍ය පුවතක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. නමුත් මව්බිම පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන බිඟුන් මේනක ගමගේ පවසන්නේ මේ ගැන කළ විමසීමේදී මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයකු ඊයේ(16) පැවසුවේ මෙවැනි ප්‍රකාශ මැතිවරණ නීති උල්ලංඝනයක් බව දක්වමින් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකළ බවයි. ඔහු තම පෞද්ගලික facebook ගිණුමේ මේ බව දක්වා ඇත. බිඟුන් පවසන ආකාරයට සී.එම්.ඊ.වී ආයතනය ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කරන්නේ 2025.04.02 වැනිදා බවයි. මැතිවරණ කොමිසම මුලින් එවැනි ලිපියක් යොමුකළ බව පැවසුවත් පසුව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක අද (17) මව්බිම පුවත්පතට කතා කර එසේ ලිපියක් යොමුකර… Read more දේශීය පුවත් අනුරගෙන් මැතිවරණ වේදිකාවලදී රජයේ රැකියා ගැන වෙනස් පොරොන්දුවක්... Apr 17, 2025 7:57 pm අනුර කුමාර ජනාධිපතිවරයා තමන් සහභාගී වෙන මැතිවරණ රැළිවලදී ජනාධිපතිවරයා ලෙස තමන්ට ඇති බලය පාවිච්චි කරමින් මැතිවරණ පොරොන්දු ලබාදෙනු දැකිය හැක. අද මන්නාරම පැවති මැතිවරණ රැළියකදී ද ඔහු මෙවැනි පොරොන්දු රැසක් ලබාදී තිබේ. සමහර මැතිවරණ පොරොන්දු ජනාධිපතිවරයා වෙනත් අවස්ථාවල කරන ලද ප්‍රකාශවලට පටහැනි ඒවාද වේ . ඒ සඳහා හොදම උදහරණයක් වන්නේ රජයේ රැකියා 30,000ක් ලබාදෙන බව පොරොන්දු වීමයි. ජනාධිපතිවරයා මිට මසකට පමණ පෙර පාර්ලිමේන්තුවේදී පැවසුවේ රැකියා විරහිත උපාධිධාරීන් සඳහා එකවර රැකියා විශාල ප්‍රමාණයක් ලබා දීම තම ප්‍රතිපත්තිය නොවන බවයි . එසේනම් මැතිවරණ රැලියකදී එය වෙනස් කරන්නේ ඡන්ද ලබාගැනීමේ අවශ්‍යතාවය මතද යන සැකය ඇතිවේ. එසේම ජනාධිපතිවරයා බහුතර දමිළ ජනතාව ජීවත්වෙන ප්‍රදේශවලට ගොස් පොලිස් දෙපාර්තමේන්තුව වෙත බැඳෙන ලෙසද ඉල්ලා සිටිනු දැකිය හැක. පසුගිය මහ මැතිවරණයේ… Read more Videos ගම්මන්පිල හදිසියේම පිල්ලයාන්ගෙ නීතිඥවරයා වන්නේ කුමක් හෝ යට ගැසීමට ද ?... Apr 17, 2025 3:24 pm හිටපු රාජ්‍ය ඇමතිවරයෙකු වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අප්‍රේල් 8 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2004 සිට 2006 දක්වා උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් පැහැරගෙන යාම සහ ඔහු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි . පිල්ලයන්ගේ නීතිඥවරයා ලෙස හදිසියේ පෙනී සිටින උදය ගම්මන්පිල යුද්ධයට අදාළව ඔහුව ජාතික වීරයෙක් කරන්නට උත්සාහ දැරුවද පිල්ලයාන්ව අත්අඩංගුවට ගැනීම සිදුවී තිබෙන්නේ යුද්ධය අවසන් වී වසර හයකට පසුව සිදුවූ අතුරුදහන් කිරීමක් සම්බන්ධයෙනුයි . එපමණක් ද නොව මේ වීඩියෝවේදී 2019 සිදුවූ පාස්කු ප්‍රහාරය හා පිල්යන්ගේ සම්බන්ධතාවයක් ඇති බව ට සැකයක් ඇතැයි මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ප්‍රකාශ කරනවා . ඔහු මේ බව ප්‍රකාශ කළේ අප්‍රියල් 16 වනදා පැවති… Read more Uncategorized අනුරගෙන් ඡන්දදායකයන්ට අනියමින් බලපෑම් වෙන බවට චෝදනා... ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිවරණ ප්රචාරක රැස්වීම් වලට සහභාගි වෙමින්… දේශීය පුවත් ඉන්දු ලංකා ගිවිසුම් අත්සන් තබා දින14 යි, තවමත් ඒවා ලැබුණේ නැහැ – පුබුදු ජයගොඩ... ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධිගේ ලංකා සංචාරය ශ්‍රී ලංක රජය සමඟ ගිවිසුම්…