Tag: සාලිය ඉඳුරුවිතාන

  • මේ සහශ්‍රකයේ බිහිවූ උත්තම, ශ්‍රේෂ්ටතම, හා අමරණීයම මහා කාන්තා පෞර්ෂය ඔබයි.

    මේ සහශ්‍රකයේ බිහිවූ උත්තම, ශ්‍රේෂ්ටතම, හා අමරණීයම මහා කාන්තා පෞර්ෂය ඔබයි.

    You are the Greatest, most Noble and most Immortal Woman born in this Millennium.
    ඇය නමින් Veronica Skvorisova ය. ඇය රුසියානු සමුහආණ්ඩුවේ Pirogove Russian National Research Medical University හී ස්නායු රෝග පිළිඹඳ Neurolosist විශේසඥවරියක් වන අතර, පිළිකා එන්නත A Cancer Vaccine දීර්ග කාලීනව පර්යේෂණ කල වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධාණියයි. ලෝකය පුරා වෙසෙන මිලියන ගාණක් මරණය අභියස සෝ සුසුම් හෙලමින් ඉන්න පිළිකා රෝගීන්ට නැවත ජීවත්වෙන්න බලාපොරොත්තු ලබා දුන් ඔබ මේ ලෝකයේ වෙසෙන සියළුම කාන්තාවන්ට මහත් වූ ආඩම්බරයකි. අභිමාණයකි.

    මේ සටහන ලියන මම අපේ Art Therapy කණ්ඩායම විසින් මහරගම අපේක්ෂා රෝහලේ කරමින් යන පිළිකා රෝගයෙන් පෙලෙන අපේ දූ දරුවන් සඳහා කරන චිත්‍ර වැඩ සටහනට මමද සහභාගී වන අයෙකි. මගේ හදවත වේදනාවෙන් කකියන, අත්දැකීම් රාශියක් මම විඳ ඇත්තෙමි. අපි එක සතියක් වැඩ මුළුව කරල, ඊළඟ සතියේ වැඩ මුළුව කරන්න යනවිට, කලින් සතියේ අපි සමග චිත්‍ර ඇඳිමින් කතාබහ කල දරුවන් මේ ලෝකයෙන් සදහටම සමු අරගෙන ගිහින්. ඒ වේදනාව අපිට වචනයෙන් කියන්න බැරි තරම් මහත් කම්පනයකි.මේ අත්දැකීම් අපි කොතෙකුත් විඳ ඇත්තෙමු. ඉතිං, පිළිකා එන්නත සොයා ගත්තාය කියන ආරංචිය සමාජ මාධ්‍යවල මුල්වරට දුටුවිට, මට ඇතිවූ සතුට නිම්හිම් නැතිවිය. මට ඊළඟ දැනුනු සතුට නම්, රුසියන් රජය විසින්, මේ පිළිකා එන්නත ලෝකයේ සියළුම පිළිකා රෝගීන්ට නොමිලේ ලබා දෙනවා යයි කියන පුවත ඇසුණු මොහොතයි. පිළිකාව විකුණා ඩොලර් බිලියන ගණනක් උපයන හිත්පිත් නැති ඖෂධ මාෆියාවට අවසන් තිත තැබූ රුසියන් ජනාධිපති පුටින් ගැනත් මට ඇති වුණේ මහත් ගෞරවයකි.

    මෙම එන්නතේ ප්‍රධාන අයිතිකාරිය වන Veronica Skvorisova කියන ඒ මහා කාන්තාව මේ පෘතුවියේ ජීවය අවසන් වන තෙක් Veronica Skvorisova කියන ඒ උතුම් කාන්තාව දෙව් දුවක් ලෙස ජීවමානව අප අතරම සිටීවී. මේ මුළු ලෝක වාසීන්ම ඔබ‍ට සදා ණය ගැතියි Veronica Skvorisova මැතිනියනි
    සාලිය ඉඳුරුවිතාන


  • සිනමාත්මක අධිකාරිත්වයේ ෆැන්ටසි රාමුව බිඳ හෙලූ දිවුලාගේ My Red Comrade සිනමා මිතිකය

    සිනමාත්මක අධිකාරිත්වයේ ෆැන්ටසි රාමුව බිඳ හෙලූ දිවුලාගේ My Red Comrade සිනමා මිතිකය

    සුදත් මහදිවුල්වැව කියන සිනමා කරුවා, නිර්මාණකරුවා, හා මගේ මිත්‍රයා, හිතවතා හා සහෘදයාගේ විශේෂිත ආදරණීය ඇරයුමකට අනුව ඔහුගේ අභිනව My Red Comrade කියන සිනමා කෘතියේ විශේෂ දර්ශනයක් සඳහා මටත් එම සිනමා පටය නැරඹීමට අවස්ථාවක්‌ ලැබිණි. එය සිනමාත්මක ආඛ්‍යානයේ අනෙකාගේ ෆැන්ටසි බැල්මෙ ආශාව පුපුරවා හරින සිනමා මිතිකයකි. එකම දර්ශන තලයක හා චරිත දෙකක් වටා ගොඩනැගුණු මෙම සිනමා කෘතියේ මූලික තේමාව වී ඇත්තේ වාමාංශික දේශපාලනයේ අසමත්වීම හා එහි යටිබිම්බගත මිනිස් ආත්මයේ අතීත වේදනාව නූතන දේශපාලන මානයේ ස්වරූපය හා අභිමුඛ වීමේ ද්වි ඝටනයයි.

    මෙම සිනමා පටය මේ වසරේම ඉතාමත් නුදුරු දිනයකදී සිනමා ශාලවල ප්‍රදර්ශනය කිරීමට නියමිත හෙයින්, මෙය දේශපාලන වශයෙන් කතාබහට ලක්‌වීමට නියමිත චිත්‍රපටයක් වේවි යැයි මගේ විශ්වාසයයි. එම නිසා මහජන ප්‍රදර්ශනයකින් පසු, සිනමාත්මක තත්වය දේශපාලන දෘෂ්ටිවාදයකින් හමුවෙන තුරු, අපගේ අවදිමත් ජීවිතවල අනෙකාගේ බැල්ම අර්ථ ලෝකයක් තුලින් දකින්න My Red Comrade ළඟදීම ඔබ හමුවට එනවා.

    කල්පනා කලාට පාරේ තියෙන කළු ගල් ඉබේටම ඉවත් වෙන්නේ නැහැ. කිසිම වැඩක්‌ නොකරන මිනිහෙක්ගෙන් ඇති වැඩකුත් නැහැ. අපි කල්පනා කරන්නයි, දුක්වෙන්නයි අපේ ශක්තිය යොදවන්නේ මොකටද? නැගිටිමු, නැගිටලා කැළෑව අතරින් ඉදිරියටම යමු. කොතරම් විශාල වුණත් මේ කැළෑවට අවසානයක් තියෙන්ට ඕන.
    මක්සීම් ගෝර්කි.

    සාලිය ඉඳුරුවිතාන

  • ආලෝක තරණය

    ආලෝක තරණය

    ආලෝක තරණය යන තේමාව යටතේ මුහුණු පොතට ලිපි මාලාවක් ලියන්නට තීරණය කලා මිතුරු මිතුරියනි. එයට විශේෂිත වූ කාරණා කීපයක්ම බලපෑ අතර, එම ලිපි මාලාව විද්‍යාව, දර්ශනය, දේශපාලනය, සාහිත්‍ය, සිනමාව, සංගීතය, ගීතය, කවිය හා චිත්‍ර කලාව හා ඒ පිළිබද ලියැවුණු පොත පත පදනම් කරගෙන ලියන ලිපි මාලාවකි.

    ලෝකය විද්‍යාව, තාක්ශණය, අධ්‍යාපනය හා සංස්කෘතික මතවාද අතින් කෙතරම් දියුණු වුවත්, අපේ වගේ රටවල් තවමත් එකම තැනක කැරකෙන්නට ප්‍රධාන හේතු ගණනාවක්ම තියෙනවා. එහි ප්‍රධානතම හේතුවක් ලෙස මා දකින්නේ අප තුළ තියෙන යැපුම් මානසිකත්වයයි. අප තවමත් ආගමික මිත්‍යාවන් පසුපස යන, දේශපාලකයින්ගේ ගොදුරු බවට පත්වූ, කිසිම තර්ක බුද්ධියක් නැති, අනෙකා මත යැපෙන ජනතාවක් ලෙස ජීවත් වෙමු. ව්‍යාජ අධ්‍යාත්මිකත්වයක් පෙන්වමින් අනෙකාගේ තර්ක බුද්ධිය මොට කරන, මිල මුදල් වෙනුවෙන් ඕනෑම පහත් වැඩක්‌ කරන, එකා මත එකා වැටී කුළල් කාගන්නා අසිහියෙන් ජීවත් වන ජන සමාජයක් ඉදිරියට යන්නේ නැති බව දැන් අපට හොඳටම පසක් වී හමාරයි.

    යල් පැනගිය මිත්‍යා අදහස් ඇති පැරණි ලෝකයට අයත් පරම්පරාවේ අදහස් පසෙකලා නව තරුණ පරම්පරාව දැන් දැනුමෙන්, බුද්ධියෙන් හා නිර්මාණශීලීත්වයෙන් ඉදිරියට යා යුතු කාලය එළඹ ඇත. මගේ මේ ලිපි මාලාව ඒ අය වෙනුවෙනි. මිත්‍යාවෙන් විද්‍යාවටත්, අඳුර ඉරාගෙන ආලෝකය තරණය කරන්නටත් කැමති ඔබටයි මගේ මේ ආලෝක තරණය.

    ඉතිං, කේ. බී රාජපක්ෂ විසින් පරිවර්තනය කල Stephen Hawking ගේ A Brief History of Time කියන කෘතියේ, කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය කියන සිංහල පරිවර්තනය සමග අපි හමුවෙමු.

     

  • මිනිස් ශරීරයෙන් මතුවෙන ආඝාත ධ්වනියේ අවිඥානික ස්වරුපය හා අප්‍රේරණ සංකීර්ණය.

    මිනිස් ශරීරයෙන් මතුවෙන ආඝාත ධ්වනියේ අවිඥානික ස්වරුපය හා අප්‍රේරණ සංකීර්ණය.

    ස්වභාවධර්මය අනෙකා කරගෙන ගොඩනැගුණු සංගීතය, නර්තනය, හා අනෙකුත් කලාවන් අතර චිත්‍ර කලාවට හිමිවන්නේ සුවිශේෂ තැනකි. සංකල්ප මත පදනම් නොවී, ආදී ප්‍රාග් මානවයා විසින් සතුන්ගේ ලේ, ගස්වැල්වල කොළ පොතු හා අඟුරු භාවිතා කරමින් ගුහා ආශ්‍රිතව අඳින ලද කුරුටු චිත්‍රවලට සංකල්පීය අරුතක් නැහැ වගේම, ඒ කුරුටු චිත්‍ර ගැන සංකල්පීය අරුතකින් විචාරාත්මක කියවීමක් කිරීමට නොහැකි වන්නේ, එම සිතුවම් අයත් වන්නේ සංකල්ප ලෝකයට පෙර ස්වභාවිකව අඳින ලද ප්‍රාතමික කලා Primitive Period සම්ප්‍රදායකට අයත් නිසාවෙනි. එම නිසා එම චිත්‍ර අපිට කියවගන්න වෙන්නේ ස්වභාවික රූප විදියට පමණයි.

    ඒත් මිනිසා විසින් භාෂාව අත්පත් කරගැනීමේ ප්‍රතිපලයක් හැටියට ස්වභාවික මිනිසා සංස්කෘතික මිනිසෙක් බවට පත්විය. එතැන් පටන් ලෝකයේ බොහෝ දේවල් වෙනස් වීමට පටන්ගත් අතර, චිත්‍ර කලාව මෙන්ම අනෙකුත් කලාවන්ද සංකල්පීයව වෙනස් වුණු අතර, චිත්‍ර කලාව ස්වාභාවිකත්වය අතික්‍රමණය කරමින්, විශාල පරිවර්තනයකට ලක්වුණු අතර, චිත්‍ර කලාව පල්ලියේ බලපෑම් වලට The Influence of Church බොහෝසෙයින් පත්විය. මෙම ආගමික ආධිපත්‍ය පරදා බුද්ධි ප්‍රබෝධන යුගයත් පෙරලියක් බවට පත්වූයේ ඉතාලියානු පුනරුදයත් Renaissance සමගිනි. ආගමික හා වැඩවසම් සීමා ඉක්මවා, මිනිසාගේ සංකල්ප ලෝකය තර්ක බුද්ධියත් සමග උත්කර්ෂණයට නැංවුයේ මේ පුනරුදයේ මහා පෙරලිය නිසාවෙනි.

    අපිට එහෙම මහා පුනරුද පෙරලියක් නැති නිසා අපේ චිත්‍ර කලාව මෙන්ම අනෙකුත් කලාවන් පවතින්නේ ඉතාමත් ප්‍රාථමික තලයක් තුළ කිව්වොත් බොහෝ දෙනෙක් මා සමග උරණ වනු ඇත. කවුරු හරි කෙනෙක් මගෙන් අහන්න පුළුවන් අපිට කලාවක් කියලා ඇත්තටම නැතිද කියලා. ඔව්, තියෙනවා, ඒත් ඒවා අර මහා කණ්ඩනයන් තුලින් ගොඩනැගුණු කලාවන් නොවෙයි, සාමාන්‍යයෙන් අපේ සිතුවිලි මට්ටමේ නතර වුණු, මහා දාර්ශනික සම්ප්‍රදායන් තුලින් ගොඩනැගුණු කලාවන් නොවෙයි. මා දන්නා තරමින් ලංකාවේ දෘශ්‍ය කලා පීඨවල උගන්වන ගුරුවරුන්ද එහෙම බරපතල ලෙස හදාරන අයවලුන් නෙවෙයි. මොකද එහෙම ගුරුවරුන් ඉන්නවා නම්, ඒ අයගෙන් ආභාෂය ලබල එලියට එන දෘශ්‍ය කලා ශිල්පීන්ගේ කලා කෘති තුලින් ඒ බව දෘශ්‍යමාන වෙන්න ඕනනේ. කැන්වසය මත පින්සලකින් පාට කරලා, මොනවා හරි දෙයක් ඇන්ද පලියට ඒවා මහා සංකල්ප ලෝකයක් පිටුපසින් ආභාෂය ලැබූ දෘශ්‍ය කලාවන් නොවෙයි. ඒ නිසා තමයි සංකල්ප නෙවෙයි මගේ වැඩේ, මම කැමති පරණ තැනට ගිහින් මගේ චිත්‍ර අඳින්න සහ සංකල්ප ඉක්මවා ගිය තැන තමයි කලාව බිහිවෙන්නේ වගේ අතාර්කිල කතා කියන්නේ.

    මම එහෙම කතා කියන අයගෙන් අහන්නේ පොඩි සරළ ප්‍රශ්න කීපයයි. ඔය වචන ඉක්මවා ගිය තැන සහ, මුල් යුගයට ගිහින් අඳින චිත්‍ර මොනවගේද ? ඒවා අර ප්‍රාථමික යුගයේ Primitive Period ආදී මානවයා විසින් ගල් ගුහාවල ඇඳි සිතුවම් වගේද සහ වචන ඉක්මවා ගිය තැන බිහිවෙන කලාව මොකක්ද කියන පුංචි කාරණා ටිකයි.

    චිත්‍ර කලාව ඇකඩමික් අර්ථයෙන් ගත් කල, එහි සංරචන සැලසුම් මූලධර්මයන් ලෙස රේඛාව Line, හැඩය Shape, වර්ණ Colours, දිශාව Direction, සහ සංයුතිය Texture යන මූලධර්මයන් ගුරුකොට ගෙන ගොඩනැගෙන සංවිධිත පෙළ ගැස්මකි. මෙම මූලයන් ව්‍යුහාත්මකව කලා කෘතියක් ලෙස නිම කරන්නට නම්, එම කලා ශිල්පියාගේ මානසික ලෝකය තුළ දාර්ශනික මෙන්ම සංකල්පීය චින්තන ධාරාවක් තිබිය යුතුයි. ඒ චින්තන පරාසය තුලින් තමයි චිත්‍රයක අන්තර්ගතය Subject Matter ගොඩනැගෙන්නේ සහ ආකෘතිය Form නිර්මාණය වෙන්නේ. ඉතිං, ඇකඩමියාව තුලින් චිත්‍රයක මූලිකාංග ඉගෙන ගත් පමණින් එය කලා කෘතියක් වෙන්නේ නැත්තේ ඒකයි.

    ලෝකයේ මෙතෙක් බිහිවූ සම්භාව්‍ය කලාවේ සිට, අද නූතනය තුළ බිහිවෙන සංකීර්ණ කලා කෘති වලට පිටුපසින් දාර්ශනික හා සංකල්පීය දහරාවන්වල විශාල චින්තන පරාසයක් විහිදී ඇති අතර, සංකල්පවලින් තොරව කලා කෘති ගොඩනගන්නට පුළුවන් කියන කාරණය කවුරු හරි විශාරදයෙක් මට පැහැදිලි කර දෙනු මැනවි.

    ඉහත කලා කෘති දෙකේ නිර්මාණ කරුවන් වන්නේ අධියතාර්ථවාදී Surrealism කලා ශානරය පදනම් කරගෙන විශිෂ්ට කලා කෘති නිර්මාණය කල ස්පාඥඥ ජාතික සැල්වදෝර් ඩාලිගේ Salvador Doming Felipe Jacinto Dali කලා කෘතියක් සහ ජර්මන් ජාතික, මිනිස් ශරීරය අවිඥානික භීතියක් Unconscious Phobia බවට නිර්මාණය කල ලුසියන් ෆ්‍රොයිඩ් Lucian Michael Freud කියන කලා කරුවන් දෙදෙනගෙයි.

    ඩාලි කියන්නේ කාල් යුංග්ගේ සාමුහික අවිඥානය Collective Unconscious කියන මනෝවිශ්ලේෂනාත්මක අදහස් පද්ධතිය බැරෑරුම් ලෙස අධ්‍යයනය කල කලා කරුවෙක් වන අතර, ජපානයේ නාගසාකි හා හිරෝෂිමා නගරවලට න්‍යාෂ්ටික බෝම්බ හෙලීමෙන් පසු කොන්ටෝම් භෞතික ව්ද්‍යාව හා වෙනත් දර්ශනයන් අධ්‍යයනය කරමින් යුද්ධයේ කුරිරු බව සිතුවම් හරහා ප්‍රකාශමාන කල කලා කරුවෙකි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මුණුබුරෙකු වන ලුසියන් ෆ්‍රොයිඩ් කියන්නේ මිනිසුන්ගේ අභ්‍යන්තරික අඳුරු ප්‍රේරණයන්වල Death Drive අවිඥානික ස්වරූපය මිනිසුන්ගේ නග්න Nude දේහයන් හරහා එහි ව්‍යාකුලත්වය Chaos සිතුවමට නැගු සංකීර්ණ චිත්‍ර ශිල්පියෙකි. ඔහු මෙම ව්‍යාකුල මිනිස් ශරීර සිතුවමට නගන්නට මූලිකව බලපා ඇත්තේ වියට්නාම් යුද්ධය තුළ ඇතිවූ අතිබිහිසුණු බවයි.

    මේ යුධමය පසුබිම හරහා මිනිසුන් තුළ ඇතිවෙන මානසික උදාසීනත්වය අප්‍රේරණ සංකීර්ණතාවය Amotivational Syndrome ඩාලිගේ කලාව තුලින් ප්‍රකාශ කල අතර, එම මානසික තත්වයන් යටතේ මිනිස් ශරීරවලින් ප්‍රකාශනය වෙන අවිඥානික ආඝාත ධ්වනියන් Beat Tone ලුසියාන් ෆ්‍රොයිඩ් විසින් ඉතාමත්ම නිර්මාණශීලීව කලාව හරහා ප්‍රකාශ කරන්නට හැකියාව ලැබී ඇත්තේ ඔවුනගේ සංකේත ලෝකයේ ඇති පුළුල් බව නිසයි.

    ඩාලිට සහ ලුසියාන්ට තමන්ගේ දාර්ශනික සහ සංකල්පීය ලෝකය පුළුල් නොවෙන්නට මෙවැනි සංකීර්ණ දෘශ්‍ය කලාවන් නිර්මාණය කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතිං, දාර්ශනික සහ සංකල්පමේය චින්තනයක ආභාෂය නැති අපේ දෘශ්‍ය කලා ශිල්පීන් නැවත පැරණි තැනට යනවා සහ කලාව උපදින්නේ වචන ඉක්මවා ගිය තැනකදී කියලා මහත් උජාරුවෙන් කියද්දී මට හිතෙන්නේ මේ අයගේ පටු සීමාවේ විඥානික ස්වරූපය සහ ජීවිතවල ඇති අති සරළ බවයි. ඉතිං, අපේ මේ සරළ දෘශ්‍ය කලාව පුපුරවා යන්න සංඛේත ගරිල්ලා ප්‍රහාරයක් වදින තුරු මම ඉතාමත්ම ආශාවෙන් බලා සිටිමි.
    ආමේන්

  • සංස්කෘතික කාන්තාරයක පිටුවහල් කර සිටිද්දී

    සංස්කෘතික කාන්තාරයක පිටුවහල් කර සිටිද්දී

    බාගෙට ඇරුණු දොරක් කියන්නේ බාගෙට වැහුණු දොරකට . ඒ හින්දා එහෙම පිටින්ම ඇරුණු දොරක් කියන්නේ එහෙම පිටින්ම වැහුණු දොරකට.
    පිටුවහල් කර සිටිද්දී

    අද භාෂා – සාහිත්‍ය – කලා ප්‍රශ්න සාකච්ඡාවට ගැනීම වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්න හමුවේ කොතෙක් අර්ථවද්ද? මිනිස්කම් අගුපිලට තල්ලු වූ ජරපත් වූ සමාජයක් තුළ වෙසෙමින් ‘සංස්කෘතිය’ ‘සාරධර්ම’ ‘පුරුෂාර්ථ ‘ ආදිය ගැන කතා කිරීමේ තේරුම මොකක්ද ?

    අපේ සමාජ මුහුණුවර අද අපේ සංස්කෘතිය දෙදරා යාම පෙන්නුම් කරන තල දර්පනයක් සේයි. අසත්‍යය සත්‍යය ලෙසත් අද අපේ සිත්වලට කාවද්දා ඉවරයි. අපේ පුරුෂාර්ථ සමුදායේ ගබ්සා වීමත් බලාපොරොත්තු සම්භාරයේ අකල් මරණයත් එක්ක අනාගතය ගැන මැවෙන්නේ බොඳ වූ සිහිනයක් පමණයි.
    සංස්කෘතික කාන්තාරයක් කරා…

    අජිත් තිලකසේන නම් වූ කෙටිකතා කරුවා, සංයුක්ත කවියා හා සිංහල භාෂාවේ නව අරුත්, නව මංපෙත් සොයා ගිය විශිෂ්ට නූතන සාහිත්‍ය කරුවා ගැන මේ දිනවල මුහුණු පොතේ කතාබහට ලක්වී ඇත. එයට නිමිත්ත වී ඇත්තේ යම්කිසි තරුණයෙක් අජිත්ගේ පොතක් මහරගම සරසවි බුක් ෂොප් එකෙන් මිලදී ගෙන, එම පොතේ අක්ෂරවල මුද්‍රණ දෝෂයක් තියෙනවා යැයි කියා එම පොත මාරුකර දෙන ලෙස ඉල්ලා ඇතිමුත්, බුක් ෂොප් එකෙන් කියා ඇත්තේ එය මුද්‍රණ දෝෂයක් නොව, අජිත් තිලකසේන මහත්තයා ඒ ලියන විදියයි කියායි. මේ ගැන වැටහීමක් නැති තරුණයා අජිත් තිලකසේනට යම් විවේචනයක්‌ එල්ල කරමින් මුහුණු පොතට සටහනක් ලියා ඇත. මේ හේතුවෙන් අර තරුණයාට විරුද්ධව විවේචනයක්‌ද එල්ල කරමින්, අජිත් තිලකසේනගේ සාහිත්‍ය මැදිහත් වීම් ගැන ලිපි කීපයක්ම මුහුණු පොතේ සංසරණය වෙන්නට පටන්ගෙන ඇත.

    එක අතකින් අර තරුණයා අජිත්ගේ සාහිත්‍ය භාෂාව ගැන නොදන්නා කමින් එවැනි සටහනක් ලියපු එක ගැන එම තරුණයාට ස්තුතිවන්ත වෙන්න ඕන, මොකද අජිත් ගැන ගොඩාක් දෙනෙක් දන්නේ නැති නිසා මේ සිද්දියෙන් පස්සේ අජිත් කියන සුවිශේෂී නිර්මාණ කරුවෙක් සිටිනවා කියන එක දැනගත් නිසා.
    මේ වගේ තරුණයින් අජිත් තිලකසේන හා ඔහුගේ නිර්මාණ නොදන්නා එක මහා අරුමයක් නෙවෙයි. ඔය කැම්පස්වල උගන්වන ආචාර්යවරු, මහාචාර්යවරු බහුතරයක් අජිත් තිලකසේන ගැන තියා සාමාන්‍ය සාහිත්‍ය කරුවන්ගේ පොතක් පතක්වත් කියවලා නැති නිසා. නව පරපුරේ තරුණ තරුණියන්ට දොස් කියල වැඩක් නැහැ යාවත්කාලීන නොවූ මුළු අධ්‍යාපන පද්ධතියම කුණුවෙලා ඕජස් ගලද්දී.

    අජිත් තිලකසේන මේ නරුමත්වය ගැන ‘ සංස්කෘතික කාන්තාරයක් කරා ‘ කියන පොත මුද්‍රණය කරන්නේ 1987 දී, ඒ ඔහු විසින් 1984 – 05 – 10 වෙනි දින තරුණ රසික පිරිසක් ඉදිරියේදී කරන දේශනයක් හරහායි.

    ඔහු එදා කිව්ව දේ අදවන විට යතාර්ථයකටත් වඩා යතාර්ථයක්‌ වී ඇති බව මේ නව පරපුරේ තාරුණ්‍යයේ මානසිකත්වය එයට සාක්ෂි දරයි. මේ මජර දේශපාලනය විසින් සහ එක තැන පල් වෙන මඩ ගොහොරුවක් බවට පත්කර ඇති යල් පැනගිය අධ්‍යාපන සිස්ටම් එක විසින් අපට උරුමකරදී ඇත්තේ කිසිම නිර්මාණශීලිත්වයක් නැති, සිතීමට අගුළු දමා ඇති මන්දමානසික පරපුරක්ය. අවස්ථාවාදී, මජර, තක්කඩි දේශපාලකයින්ට අවශ්‍යව ඇත්තේද බුද්ධිහීන මෙවැනි පරපුරක්ය.

    ඉතිං අපි අඬන්නටවත්, අරගල කරන්නට අවශ්‍ය නැහැ, රැවටීම අපගේ ජීවන විලාසිතාවක් නිසා.

    අජිත් තිලකසේන විසින් තිර රචනය කරන ලද, ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කල “පාරදිගේ ” චිත්‍රපටයේ දෙබස් ඛණ්ඩයක් තියෙනවා මෙහෙම,

    අපි හරියට වීසි කරපු එරඬු දඬු වගේ, දළු එනවා. මුල් නැහැ.

    මේ දෙබස් එදා වගේම අදටත් එහෙමම වලංගු වන්නේ අපේ පෙර කළ පව් නිසාද අපේ හාමුදුරුවවනේ…?