කොටස් වශයෙන් පළවෙන ඉෂූ බණ්ඩාරගේ විදර්ශනා

01 කොටස

මධ්‍යහන ඉර බටහිර අහස ට ලෙංගතුකම් පාන්න අර ඇද හෝරා දෙක තුනක් නික්මෙනා කණිසමට සීයාතාත්තා ඇදි හාන්සි පුටුව ට බරව, දෑස් පියාගෙන  සිටිනා දර්ශණය වෙලේ ගෙදරට ආ ගිය ඇත්තන් ට නම් සුපුරුදු දසුනක් ම විය. තද නින්දේ පසුවන බවක් පෙන්නුම් කළත්  එය එසේ නොවන බව නම් දන්නෝ දනිති.

දහවල කලවම් පලා මැල්ලුමක් , වැවි මාලූ හොද්දක්, කොස් ඇට කළුපොල් මාළුවක් සමඟ සුවදැල් හාලේ බත් පිඟානක් යහමින් කෑ සීයා තාත්තා ඉන් මදිපාඩුව ට උණු බත් පොල්කටු හැන්දක්, උදේ මී දෙනුන්ගෙන් දොවා මුඳවා ගත් මී කිරි තලියකට දමා ඊටම කෑලි කැපිය හැකි තරම් ඉස්තරම් කිතුල් පැණිද යහමින් එක්කොට කන්නෙ කෙසේදැ යි මම මඳක් විමතියෙන් බලා සිටියෙමි.

ඒ සියල්ලෙන් මත් වී මෙදා සැරේ නම් සීයාතාත්තා ට බරට ම නින්ද ගොස් යැයි මට සිතිණි. Read More


02 කොටස

විජයසුන්දරාරාමය දෙසින් ඇදී එන සුළං රැළි, වෙලේගෙදර මිදුලේ මැද  හාත්පස අත්පත් කරගෙන වැඩෙන අඹ ගහ යට බංකුවේ වාඩි වී සිටින මගේ නාස්පුඬු මත ඉමිහිරි සුවඳක් තවරමින් ඇදී යයි. තෙල්, මල් වගේම හඳුන්කූරු මුසු වූ එම සුවඳ පන්සලක මිදුලේ සිනිඳු සුදු වැලි ඇතිරූ බිමක නිරුවත් පා තබමින් ඇවිද යන විට මා සිතට දැනෙන සැනසුම හා සමාන හැඟීමක් උදාකරලීමට සමත් වූයේ වෙලේ ගෙදර මිදුල පුරාත් අතුරා ඇත්තේ එම සුදු වැලි නිසාම වන්නට ඇත.

අම්බිලි මාමා හෙවත් හඳ මාමා සහ අපි අදිනු ලබන අම්බිලි අතර සෘජු සම්බන්ධයක් ඇත. කකුලෙන් අදින අම්බිලි යද මනාව රවුමට සඳක් සේ පිහිට යි.

එහෙත් , එදා පැණ නැඟුන එකම ප්‍රශ්ණය අදත් මනසට පිවිස නිරුත්තර ව බලා සිටියි. අම්බිලි මාමා යැයි හඳ අනුවර්ත නාමයෙන් හැඳින්වූයේ අපි කකුලෙන් අඳිනු ලබන අම්බිලි නිසා ද, හඳ අම්බිලි යැයි හදුන්වන නිසා මේ ඇඳීම අම්බිලි ලෙස නාමකරණය වුයේ ද? මේවා එදත් අදත් මටත් මල්ලිටත් නොවිසදෙන ප්‍රශ්ණ ය. Read More


03 කොටස

සීයාඅත්තම්මා ගෙදර පැමිණීම ට පෙර දින සිදු වූ සිදුවීම් මාලව මා මනස ඉදිරියේ සිතුවමක් සේ මැවෙමින් තව තවත් සිත පාරවයි. සතියක පමණ පෙර සිට අරවින්දගේ කිසිදු ඇමතුමක ට ප්‍රතිචාර නොදක්වා ඉඳ විශ්වවිද්‍යාලයෙන් පිටව දඹදෙනියේ යාමට තීරණය කළ නිසාවෙන් ද අරවින්ද හා මා ආදරය කරන්න ට පටන් ගත් පහුගිය අවුරුද්දක පමණ කාලය පුරා කිසිදු දිනක මම ඔහුට නොකියා ගමනක් නොගොස් නොසිටි නිසාවෙන් ද ඇරෙන්නට මේ ගමන කියා ඒමට තරම් ඔහු කෙරෙහි පහන් සිතක් මා සතුව නොපැවතිණි.

ඒත් කටහඩ අහන්න තිබුණා නම් හොදයි නේද? මේ සියළුම ප්‍රශ්ණ මොහොතකට අමතක කර යළිත් ඔහු හා සුපුරුදු පෙම් බස් දොඩමින් හුරතල් වෙන්න තිබුණා නම් යැයි ද බොළඳ සිතුවිල්ලක් ඒ වනවිට මගේ ඒකග්‍රතාවය බිඳිමින් තිබෙන්නට ඇත.

එම ගමන නොකියා ම ආවා නම් කොයිතරම් හොද දැයි, මේ වන විටත් මට දස දහස් වතාවකටත් වඩා සිත් වී හමාර ය. මා යනවා යි ඇමතුම දුන් සැණින් විශ්වවිද්‍යාලය අසලට මෝටර් රථයෙන් පැමිණියේ ඔහු ම ය. ඉන් විනාඩි කීපයකට පසුව දැඩි වේදනාවක් ඉතිරි කොට මා මහමඟ දමා ගියේ ද ඔහු ම ය.Read More