ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” දෙවන කොටස

විජයසුන්දරාරාමය දෙසින් ඇදී එන සුළං රැළි, වෙලේගෙදර මිදුලේ මැද  හාත්පස අත්පත් කරගෙන වැඩෙන අඹ ගහ යට බංකුවේ වාඩි වී සිටින මගේ නාස්පුඬු මත ඉමිහිරි සුවඳක් තවරමින් ඇදී යයි. තෙල්, මල් වගේම හඳුන්කූරු මුසු වූ එම සුවඳ පන්සලක මිදුලේ සිනිඳු සුදු වැලි ඇතිරූ බිමක නිරුවත් පා තබමින් ඇවිද යන විට මා සිතට දැනෙන සැනසුම හා සමාන හැඟීමක් උදාකරලීමට සමත් වූයේ වෙලේ ගෙදර මිදුල පුරාත් අතුරා ඇත්තේ එම සුදු වැලි නිසාම වන්නට ඇත. මම වහා රබර් පාවහන් යුවළ කකුලෙන් ගලවා අම්බිලියක් අදින්නට පටන් ගතිමි. පුංචි කාලයේ සීයා අත්තම්මා ගෙදර ආ විට මගෙත් මල්ලිගෙ ත් ලොකුම රාජකාරිය වනුයේ මේ අම්බිලි ඇදීම ය. සිනිදු … Continue reading ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” දෙවන කොටස