මම සිංහල කවි වලට වඩා ඉංග්‍රීසි කවි කියවන කෙනෙක්. ලොකු කමකට කියනවා නෙවේ; ඒ මගේ රුචිකත්වය… එහෙම වෙන්න එක හේතුවක් තමයි සිංහල කාව්‍යයන්ට පාදක වන “ප්‍රශ්ණ”, සැබෑ ලෝකයට වඩා, වෙනත් නිර්මාණ වලින් අත්විඳිනවා වගේ හැඟී යාම. මම වැඩකරන්නෙ රෝහලක. එතනට වඩා මිනිස්සු අසරණ වෙන තවත් තැන් තිබේනම් බොහොම කීපයයි. ඒත් මේ ගැන කාව්‍ය නිර්මාණ තියේද? තුන්සිය හැටපස් දවසෙම මිනිස්සු විඳින මේ දුක් දකින කවියෝ කවුද ඉන්නෙ? එක්කෙනෙක් ඉන්නවා. මේඛලා උදාරී ලියනගේ. මට ඇයව හඳුනගන්නේ “දම් පාට මේකුළ” කාව්‍ය සංග්‍රහයේ එන “හිමියනි මම ජීවක නම් වෙමි” කවිය මෙසෙන්ජර් කවි සමූහයකදී දැකලා. එවෙලේම මා සිටි සෑම කවි ගෲප් එකකටම මේ කවිය යැව්වා. … Continue reading දම් පාට මේකුළ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed