‘සුජීවා’ සහ පැටවා ජාවාරම්කරුවන්ට ලබාදීමට එරෙහිව අධිකරණ නියෝගයක්
‘සුජීවා’ නමැති ඇතින්න නීතිවිරෝධී ලෙස ළග තබා ගත් බවට චෝදනා ලැබූ ජාවාරම්කරුවන් නැවතත් එම ඇතින්න සහ ඇයටඅලුත උපන් පැටවාව ලබාගැනීමට ගත් උත්සහය වලක්වා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අද නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා, අනුර මැද්දෙගොඩ මහතා ඇතුළු කණ්ඩායම සමත්වී තිබේ . ජාවාරම්කරුවන්ගෙන් මව් ඇතින්න සහ පැටවා බේරා ගැනීම සඳහා මෙම නීතිඥ කණ්ඩායම ඇතුළු පරිසරවේදීන් පසුගිය දිනවල විශාල උත්සාහයක් ගෙන තිබේ. ලැබුණු මෙම තීන්දුව ඔවුන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් වගේම ලැබූ ජයග්‍රහණයකි. වත්මන් ආණ්ඩුවේ ඉහළ බලතල හොබවන පුද්ගලයෙකුගේ උවමනාව මත නිදහස් කරනු ලැබූ අනිකුත් අලි ඇතුන් දාහතර දෙනා ද නිදහස් කරගැනීමට අවශ්‍ය කරන නීතිමය පියවර ගන්නා බව මෙම කණ්ඩායම පවසයි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed