හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ (Channel 4) නාලිකාවේ අනාවරණයන් හෝ හන්සීර් අසාද් මවුලානාගේ ප්‍රකාශ පදනම් කරගෙන නොවන බව ජ්‍යෙෂ්ඨ ගවේෂණාත්මක මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කියා සිටියි.
රජයේ ITN නාලිකාවේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කරන්නේ, සලේ කොටු වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ගේ පාලන සමයේදී CIDය මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රධානීන් මෙන්ම යුද හමුදා බුද්ධි අංශයේම ඔත්තුකරුවන් මහේස්ත්‍රාත්වරයා හමුවේ ලබා දී ඇති අතිශය රහසිගත ප්‍රකාශ සහ සාක්ෂි මත පදනම්ව බවයි.
‘පෙත්තා’ දුන් මාරාන්තික සාක්ෂිය!
මෙම නඩු කටයුතු පිළිබඳව සෘජුවම අධිකරණ වාර්තාකරණයේ යෙදෙන තරිඳු ජයවර්ධන පෙන්වා දෙන්නේ, CIDය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති සාක්ෂි අනුව, පාස්කු ප්‍රහාරයට මාස දෙකකට පමණ ඉහතදී සුරේෂ් සලේ විසින් යුද හමුදා ඔත්තුකරුවෙකු වන ‘පෙත්තා’ නමැත්තා අමතා සුවිශේෂී නියෝගයක් ලබා දී ඇති බවයි.
හමුදාවේ පිරිසකගේ අවශ්‍යතාවයකට යැයි පවසමින් මීගමුව සහ කටුවාපිටිය ප්‍රදේශයේ සියලුම කතෝලික දේවස්ථාන සහ බෞද්ධ විහාරස්ථාන පිහිටි ස්ථානීය දත්ත සහ සිතියම් (Grid ටික) ලබාදෙන ලෙස සලේ එහිදී ඉල්ලා ඇත. ඉන් අනතුරුව, මුස්ලිම් ගම්මාන පෙන්වීම සඳහා යැයි පවසමින් සුරේෂ් සලේ විසින්ම කණ්ඩායමක් එවා ඇති අතර, එම කණ්ඩායම අවසානයේ නිරීක්ෂණය කර ඇත්තේ මුස්ලිම් ගම්මාන නොව පසුව බෝම්බ ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානය ඇතුළු ස්ථාන බව මෙම විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ගෝඨාභයගේ CID ලොක්කන්ම සාක්ෂි දීලා!
විපක්ෂය සහ සලේ ගේ පාර්ශ්වය විසින් වත්මන් විමර්ශන දේශපාලන දඩයමක් ලෙස හුවාදැක්වීමට උත්සාහ කළද, මෙම සාක්ෂි ගොනු වී ඇත්තේ වත්මන් රජය යටතේ නොවන බව තරිඳු ජයවර්ධන පෙන්වා දෙයි.
ගෝඨාභය රාජපක්ෂ ගේ ආණ්ඩුව යටතේ CIDය බාරව සිටි ඩබ්ලිව්. තිලකරත්න, නිශාන්ත සොයිසා, ප්‍රසාද් රණසිංහ, හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මෙන්ම රජයේ රස පරීක්ෂකවරයා ලබා දුන් නිල කටඋත්තර මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බැවින්, ඊට දේශපාලන මුහුණුවරක් දීමට නොහැකි බව හෙතෙම පවසයි.






