උතුරේ ජනතාවට අහිමි කර ඇති අයිතිවාසිකම් වහා ලබා දෙන ලෙස බලකරමින් සම අයිතිය ව්‍යාපාරය ගෙනයන අරගලයේ තවත් පියවරක් ලෙස අද(20) දින නුවර හා මීගමුව නගරයේ නිහඩ විරෝධතා පැවැත්විණී.
ඔවුන්ව සොයාගත් නිසා වෙනතැනක මිහිදන් කරනු ලැබිය
මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මියගිය අයගෙන් නව දෙනෙකුගේ අවසන් කටයුතු අද කොලොන්නාව සුසාන භූමියේදී සිදුකෙරුනි.
ශ්‍රී ලංකා හමුදාව රකින බව ජනාධිපති පොරොන්දු වෙයි. (වීඩියෝ)
පසුගිය යුධ සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති චෝදනා සහ යෝජනාවලදී මේ රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ (29) කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ සහ විරුසර වරප්‍රසාද කාඩ්පත් හමුදාව වෙත ප්රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.
හමුදාව ආරක්ෂා කිරීම රජයේ වගකීම සහ යුතුකම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ ජනාධිපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ශ්‍රීලංකා හමුදාවේ සේවය කල සෙබළුන් ආරක්ෂා කරන බව ප්‍රකාශ කරන ලදී.
මීට පෙර කිසිදා නොවූ විරූ ජාත්‍යන්තර විශ්වාසයක් සහ සහයෝගයක් මෙම යුගයේ දී ශ්‍රී ලංකාවට තිබෙන අතර එයින් ගන්නා වූ ප්‍රයෝජනය කුමක්දැයි ඇතැමුන් ප්‍රශ්න කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙම ජාත්‍යන්තර සහය සහ මිත්රශීලිත්වය තමා භාවිතා කරන්නේ රටේ, ජනතාවගේ මෙන්ම යුද්ද්ධයේදී සටන් වැදුණු සෙබළුන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් බවයි.
ශ්‍රී ලංකාවේ නිදහස, ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට මෙන්ම රණවිරුවන් පිළිබඳ මතුවන ගැටළුසහගත තත්ත්වයන්වලදී තමන් ඝෘජුවම ශ්‍රී ලංකාව සමග සිටින බවට ලෝකයේ ප්‍රබලම රාජ්‍ය නායකයින් තමාට මේ වන විට පෞද්ගලිකවම සහතික වී තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.යුද්ධය පැවති කාලයේ එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සටන්කළ හමුදා නිලධාරින්, කාර්ය මණ්ඩල සහ පිළිබඳ මතුවන ඕනෑම ගැටළුවක් වෙනුවෙන් තමා වගකියන බව සියලුදෙනා හමුවේ පැහැදිළිව ප්‍රකාශ කරන බව ද ඔහු සඳහන් කළේය.
එසේම ජාතික ආරක්ෂාවට අදාළ නොවූ කරුණුවලදී එනම් මාධ්‍යවේදීන්, ක්‍රීඩකයින් ඝාතනය කිරීම්, පහරදීම් වැනි සිදුවීම්වලට අදාළව සිදු කරන පරික්ෂණවලදී යමෙක් වැරදිකරුවෙක් වේ නම් ඔහු කුමන තරාතිරමකට අයත් වුවද එම පුද්ගලයින් ආරක්ෂා කිරීමට තමාට හැකියාවක් නොමැති බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බී. නාවින්න, දයාසිරි ජයසේකර, අකිල විරාජ් කාරියවසම්, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක යන අයද , ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ද, කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති ඩී.ඒ.රත්නායක ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මුදල් ඇමති කියන එව්ව කරන්නේ නැහැ
කිසිම ආකාරයකින් ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට ඉඩ නොදෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි.
මුදල් අමාත්‍යවරයා හෝ මුදල් අමාත්‍යාංශය යෝජනා දුන් පමණින් ඒවා ඉටු නොකරන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් තමා රටට හිතකර තීරණ පමණක් ගන්නා බවත් ඇමතිවරයා කියයි.
රටේ ප්‍රධාන ව්‍යාපාරික ආයතනවල කාර්ය සාධනය මැන බැලීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ එකඟතාවකට පිවිසුණු බවත් එය මුදල් අමාත්‍යාංශයේ යෝජනා ඉටු කරන ගිවිසුමක් නොවන බවත් අමාත්‍යවරයා පවසයි.
“අමාත්‍යාංශ හා ආයතන පිළිබඳ සොයාබලන්න මුදල් අමාත්‍යාංශයට හැකියාවක් තිබෙනවා. එහෙත් යෝජනා ඉටු කිරීමේ ගිවිසුමකට අපි අත්සන් තැබුවේ නැහැ. මමයි මේකේ ඇමැතිවරයා. මේ අමාත්‍යාංශයේ තීරණ ගන්නේ මමයි.ඛනිජ තෙල් මිල තීරණය කරන්නේ මමවත් මුදල් ඇමැතිවරයාවත් නෙමෙයි. අපි දෙන්නෙක් ගහ ගත්තා කියලා ඛනිජ තෙල් මිල තීරණය කරන්න බැහැ. එවැනි තීරණ ගන්නේ රට වශයෙන් ආණ්ඩුව. මුදල් ඇමැතිවරයා කරන්නේ ඔහුගේ කාර්යභාරය. මම කරන්නේ මගේ කාර්යභාරය” යැයි ද ඒ මහතා ප්‍රකාශ කරයි.
කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මේ බව කීවේය.
රැකියා නැතිව උපාධිධාරිණියක් සියදිවි නසා ගනී - වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.
ඊයේ දින (31) ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ රැකියා විරහිත උපාධිධාරණියක් සියදිවි නසා ගෙන ඇත. ඇය මියයාමට හේතුවක් ලෙස උපාධියක් තිබුණද රැකියාවක් නොමැතිකම, ආර්ථික අපහසුතා ආදිය ගැන ලියා මෙසේ සියදිවි නසා ගෙන ඇත.
ඉන්ෆ්ලූවන්සා A H1 N1 රෝගය වසංගතයක් සේ පැතිරීමේ අවදානමක්
ඉන්ෆ්ලූවන්සා A H1 N1 රෝගය පැතිරයාමේ අවධානම් තත්වය පාලනය කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ඉල්ලා සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න වෙත සමස්ත ලංකා හෙද සංගමය දැනුම් දී තිබේ . එම ලිපිය පහතපළවේ.
ජාතින් අතර සමානාත්මතාවය වර්ධනයට ලෝක කාන්තා දිනය
මාර්තු 8 වනදාට යෙදී තිබුන ලෝක කාන්තා දිනය නිමිති කරගෙන නිදහස් වෙළද කලාප සහ සේවා සේවක සංගමය විසින් මාර්තු 12 වන ඉරුදින මන්නාරම නගරයේදී පෙළපාලියක් සංවිධානය කර තිබේ .ඒ පිළිබඳ වැඩි විස්තර පහත මාධ්‍ය නිවේදනයේ දක්වා ඇත .